• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි හොරුත් අල්ලනවා.. හොරකම් කරපුවා ආපහු ගන්නවා – ලාල්කාන්ත

28 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හොරුත් අල්ලනවා, අල්ලලා හිරෙත් දානවා හොරකම් කරපුවත් ආපහු ගන්නවා කියලා මූණටම කියද්දී මුන් දාලා යයිද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ” දැන් දේශපාලන ස්ථාවරත්වය මේ රටේ ඇති වෙලා නෑ, රනිල් වික්‍රමසිංහ අගමැති වුණා කියලා, ඒ පාර්ලිමේන්තුවේම ඉන්න 225 අන අනා මාරු කළා කියලා, එක එක්කෙනා එක එක තනතුරු වලට මාරු වුණා කියලා දේශපාලන ස්ථාවරත්වය හැදුන් නෑ.බූරු කුට්ටමේ කොළ 52 කොච්චර ඇණුවත්, කොච්චර කුට්ටම කැපුවත්, කපලා කොච්චර ගැහුවත්, ඔය 52 ඇතුලේ ඉන්න එවුන් විතරනේ එළියට එන්නේ, කොච්චර මොනවා කළත් බූරුවෝ 04 දෙනයිනේ ඒකේ ඉන්නේ. ඒකේ ඇතුලේ ඉන්න එවුන් තමයි එළියට එන්නේ.මේ පාර්ලිමේන්තුවෙත් කොච්චර ඇනුවත් කෙහෙළිය කියලා එකෙක් එළියට එනවා කුට්ටම කපද්දී. ඌ හරියට කළාබර හේරා වගේ හැඩය. ඉතින් ඔ්ක කොච්චර කැපුවත් කළාබර හේරා එනවා වෙලාවකට, ඉස්කෝප්ප බූරුවා වෙලාවකට එනවා, රුයිත පොරව තව වෙලාවකට එනවා, ආසියා තව වෙලාවකට එනවා.කොච්චර ඇනුවත් මේ ටිකමයි එන්නේ.දැන් සමාජය මේක ගැන විශ්වාසය නැති කරගෙන ඉවරයි.ඒ නිසා සමාජ ස්ථාවරත්යක් හැදෙන්නෙත් නෑ.
එහෙම නම් මහබැංකුවේ අධිපති නන්දලාල්ට ආර්ථිකය ප්‍රපාතයට කඩා වැටෙන එක නවත්වන්න බෑ, නන්දලාල් තව සති දෙකක් යන කොට දාලා යනවා.අද කිව්වා කියලා මතක තියා ගන්න.ඒගොල්ල මේ කරුමෙට අහුවෙනවානේ, ඒ ගොල්ලන්ටත් ඊළඟට විරෝධදය එනවා.
මහින්ද අගමැතිකමෙන් ගියා, හිටපු කැබිනට් එක ගියා, දැන් මෙහෙන් රනිල් ඇවිල්ලා ඉන්නවා ආයේ, දැන් අලුත් කැබිනට් එකක් හදනවා, ඒකත් හදලා ඉවරද දන්නේ නෑ. හදනවා තාම.මේ වෙලාවෙත් හදනවා ඇති.අපිටත් කියනවා අගමැතිකම ගත්තේ නැත්තේ අපරාදේ, ගත්තා නම් මොකක් හරි කරන්න තිබ්බා නේද කියලා.අපේ මන්ත්‍රීකම් 03 ක් තියෙනවානේ, මන්ත්‍රීකම් 03 නෙමෙයි, මන්ත්‍රීකම් 113 ක් තිබ්බත් මේගොල්ල අපිට දෙන්නේ නෑ , දීලා යන්නේ නෑ, කිව්වා කියලා මතක තියා ගන්න, අපි ඊළඟ පාරේ ඡන්දේදී දිනනවා කියලා හිතමුකෝ, අපි 113 ගත්තත් මේ ගොල්ල යන්නේ නෑ,ඊට පස්සෙත් යවන්න වෙනවා. ලෝක ඉතිහාසේ කොහෙවත් නෑ හොරකමින් , වංචාවෙන් , දූෂණයෙන්, නාස්තියෙන් අගතැන්පත් වෙච්ච නායකයෝ ඡන්දයෙන් හරි මොකෙන් හරි දිනපු කෙනෙකුට අද වෙනකල් දීලා ගිහින් නෑ, යන්නේ කොහෙද, කොහෙට ගියත් පස්සෙන් එනවානේ.දැන් අපි කියනවානේ හොරුත් අල්ලනවාලු, අල්ලලා හිරෙත් දානවාලු, හොරකම් කරපුවත් ආපහු ගන්නවාලු, එහෙම මූණටම කියද්දී මුන් දාලා යයිද? සමාජයෙත් ඒ ඉල්ලීම් තියෙනවා. හොරු පන්නමු, අත්අඩංගුවට ගමු කියලා.

මේ හොරු පන්නමු කියන්නේ පාලන බලයෙන් ඉවත් කරමු කියලා.නැත්තන් අර මාර්තු 31 වැනිදා, ගෝඨා ඉන්නේ වෙන කොහෙවත්ලු, ගෝඨා ගෝ හෝම් කියනවාලු මගේ ගේ වට කරලා, මම ගෙදරත් නෑලු, මට ගෙදර එන්න විදිහක් නෑලු, මුං ගේ වට කරගෙනලු.මේ කොල්ලෝ හදන කථා මං කිව්වේ, ගෙදර යන්න නෙමෙයි, මේ පාලනයෙන් ඉවත් වෙන්න කියන කථාව මේ කියන්නේ.දැන් ඔය ගෝඨා අල්ලගෙන ඉන්නෙත් ඇයි, දාලා යන්න බෑ, ඔය තාවකාලිකව අඩිය පස්සට අරන් තියෙන්නේ, මහින්ද රාජපක්ෂත් ඔය එහෙට මෙහෙට වුණා වගේ පේනවානේ, ඔය දාලා ගියා නෙමෙයි, ආපහු අල්ලා ගැනීමේ අරමුණින් අඩියක් පස්සට අරගෙන තියෙනවා ජනතා විරෝධය නිසා.යන්නේ නෑ, යවන්න ඕන, ලෝකේ මෙවැනි අය යවලා තියෙන්නේ විශාල කැපකිරීම් කරලා, ලොකු අරගල කරලා.දැනට ඔය තියන අරගලය ගොඩක් වර්ධනය වෙන්න තියෙනවා.
අපිට කියනවා ඔය අගමැතිකම අරගෙන කරන්න තිබ්බානේ කියනවා, ඒ ගොල්ල හිතන් ඉන්නේ අපිට මේක දෙනවා කියලා.එහෙම දෙන්නේ නෑ, රනිල් වික්‍රමසිංහට දුන්නාට, ඒ ගොල්ල එක සමාජ පන්තියක්, එක ඉස්කෝලේ කියන එක නෙමෙයි මේ කියන්නේ, එක ඉස්කෝලේ තමයි.එක සමාජ ස්ථරයක්, සමාජ පන්තියක්, ඒ සමාජ පන්තිය, වෙන සමාජ පන්තියක් අතට මාරු වෙන්න දෙන්නේ නෑ.ලෝකේ කොහෙවත් එහෙම දීලා නෑ,ඒවා අරගෙන තියෙන්නේ ජනතාව දැවැන්ත සංවිධානාත්මක, කැපකිරීම් මැදිහත්වීම් කරලා.අපිට ලේසියෙන් මේ ගොල්ල අල්ලලා අධිකරණයට ගෙනියන්න, උසාවි ගෙනිහින් හොරකම් කරපුවා හොයලා බලලා ගන්න ඉඩ තියෙනවා කියලා කවුරුත් හිතන්න එපා.හැබැයි කරන්න පුලුවන්, කරපු තැන් තියනවා, කළ යුතුයි, කළ හැකියි. රජයේ දේපළ විකුණගෙන, විකුණගෙන ඇවිල්ලා ආණ්ඩුවට විරෝධය ඇවිල්ලා තියෙනවා මුකුත් නොකරපු නිසා, හැට නව ලක්ෂයේ ජනවරමට, විරෝධය පැන නැගලා තොපි පලයව් කියන තැනට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා එයා ගන්නවා වැඩේ අතට, අරයා මේ ගොල්ලන්ට දෙනවා.එතකොට අරගොල්ලන්ට හැදෙන විවේචනය අඩු වෙනවා.දැන් වැඩිපුර විවේචනය හැදෙමින් තියනවා රනිල්ට. රනිල් අරගොල්ලන් පන්නන එක බේරන්න ඇවිත් කර ගැහුවා.

දැන් ඔය ඇමතිවරුන්ගේ ගෙවල් ගිණි තිබ්බනේ, ගිණි තිබ්බ එක අපේ ඇඟට දාන්න හදනවානේ, අපි නොහිටියානම් වෙනකාගේ හරි ඇඟට ඕක දානවා. ඒ පෙන්නන්න හදන්නේ මේ ජනතා විරෝධයක් නෙමෙයි, අපිට පාරේ බැහැලා යන්න පුලුවන්, එහෙම කිසි අවුලක් සමාජයෙන් නෑ, මේ සංවිධානාත්මක කල්ලියක් විසින් කරන වැඩනේ කියලා. හැබැයි ඒ ගොල්ලන්ගේ හිත දන්නවා මේක කලේ ජේ.වී.පී එකත් නෙමෙයි, සමාජයේ පාරේ බැහැලා යන්න බෑ දැන් කියලා.එහෙම තත්වයක් තුළ ඡන්දයක් දෙයිද? අලුත් පරම්පරාවට අදහසක් තියෙනවා මුං ඔක්කොම එකතු වෙලා අපේ රට කෑවා කියලා.දැන් පුරවැසියන්ට වගකීමක් තියෙනවා, අනෙක් ඔක්කොම පැත්තකට දාලා වහාම ඡන්දයක් තියපල්ලා කියන තැනට අරගලය ගෙන්න.ගෝඨා ගෝ හෝම් කිව්වට වැඩක් නෑ, ඊළඟ කෑල්ලත් ඕන, කථාව සම්පූර්ණ කරන්න ඕන.දැන් මයිනා ගෝ හෝම් කිව්වා මයිනා ගියා – ආවා නරියා.මේ දේශපාලන ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ දේශපාලනිකව, දැන් පාර්ලිමේන්තුව විසුරුවිය යුතුයි.ඒකට පාර්ලිමේන්තුවේ අයගේ අත් උස්සන්න ඕන.අත්උස්සන තැනට ඇවිත් තිබ්බේ, අත් උස්සන්න නෙමෙයි දාලා යන තැනට ඇවිත් තිබ්බේ.රනිල් ඇවිත් මේකට කර ගහලා, රාජපක්ෂ සනුහරේම එක්තරා ආකාරයකට තාවකාලිකව ආරක්ෂා කරලා තියෙනවා. මේ ගොල්ල කැමැත්තෙන් මැතිවරණයක් දෙන්නේ නැති නිසා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවේ අත උස්සවන්න ඕන, දැන් හරි නම් අපි දින දෙන්න ඕන තව ටික දවස් ගිහින් ඊළඟ දවසේ උඹලා පාර්ලිමේන්තුව රැස්වෙලා, යෝජනාවක් ගෙනල්ලා, බහුතරයෙන් සම්මත කරලා මිසක් ආපහු එළියට එන්න එපා.අපි වටකරලා තියාගන්නවා පාර්ලිමේන්තුව එළියට එන්න බැරි වෙන්න.දැන් ගෝල්ෆේස් එක ඇතුළු පොදු අරගල ගෙනියන්න ඕන එතන්ට.අරගල භූමිය මාරු වෙන්න ඕන නැත්නම් අලුත් අරගලයක් එතන ටපන් ගන්න ඕන යැයි පැවසීය.

Post Views: 1
Previous Post

The inbound marketing methodology method of drawing the right

Next Post

රාජකාරිය නීත්‍යානුකූලව කරන පොලිස් නිලධාරියාට රැකවරණය ලබා දෙනවා -ඇමැති ටිරාන්

editor

editor

Next Post

රාජකාරිය නීත්‍යානුකූලව කරන පොලිස් නිලධාරියාට රැකවරණය ලබා දෙනවා -ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved