27 April 2024
#දේශීය

රාජකාරිය නීත්‍යානුකූලව කරන පොලිස් නිලධාරියාට රැකවරණය ලබා දෙනවා -ඇමැති ටිරාන්

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිස්පති, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවක දීය.

පොලිස් නිලධාරීන් රාජකාරි සිදු කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව අදාල ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවට ද ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසියට පාලනය කරගත් නොහැකි අසීරු අවස්ථා වලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *