• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව යාචකභාවයෙන් මුදාගන්නා ආර්ථිකයක් අපි හදනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර

26 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව ආර්ථික අවස්ථා ගමට ගෙන ඒම තුළින් ගමේ ජනතාව නගා සිටුවන ආර්ථික සැලසුමක් ඇති කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) අනුරාධපුර පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “පළාත් පාලන මැතිවරණ දිනය මාර්තු 09 ලෙස නියම කොට තිබෙනවා. අද අපි මේ පවත්වන්නේ පළාත් පාලන මැතිවරණයේ ආරම්භක රැලියයි. මේ රැස්වි සිටින ජනතාව කියා පාන්නේ මාර්තු 09 වැනිදා අපේ රට සුබ දිසාවකට හරවන්න සූදානම් බව. මීට වසර පහ, හයකට කලින් ඡන්දවලින් අඩුවක් තිබුණාද? අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බා. ඒ ඒගොල්ලන්ගේ බඹරේ වැල්ලෙත් කැරකුණ කාලේ. දැන් ගමට එන්න බැරිව තිබෙනවා. ඇයි ඒ? අද ජනතාව සත්‍යය අවබෝධ කර ගනිමින් මේ රට ගොඩනැගීම සඳහා මාලිමාව වටා ඒක්රැස්වෙමින් සිටිනවා. මහින්දගෙන් රනිල්ට බලය ආවත්, රනිල්ගෙන් මහින්දට බලය ලැබුණත් බය නැහැ. ඒගොල්ලන්ගේ පාරම්පරික නායකයාගෙන් නායකයාට, පාරම්පරික පක්ෂයකින් පක්ෂයකට බලය මාරුවුණාට බය නැහැ. ඇයි? ඒ ගොල්ලෝ සුරක්ෂිත වන නිසා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළ ඉහළ පංතියේ අය සාමාන්‍ය පංතිය අතට බලය මාරුවෙනවාට බයයි. ඒ නිසා ඡන්ද කල්දාන්න විවිධ පන්නයේ උගුල් අටවන්න පටන් අරගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ඉස්සෙල්ලාම කිවුවා මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඉඩදෙන්නෙ නැහැ කියලා. මැතිවරණ කොමිසම ජනවාරි 05දා ප්‍රකාශ කළා මැතිවරණය පවත්වන බව. රනිල් වික්‍රමසිංහ පරාදයි. මැතිවරණය ප්‍රකාශයට පත්කළාට ඇප මුදල් බාර ගන්න දෙන්නේ නැහැ කීවා. රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්න මහතා උපයෝගී කරගෙන දිසාපතිවරුන්ට ලියුම් ඇරියා. ඇප මුදල් බාරගන්න එපා කීවා. ඒකත් හරි ගියේ නැහැ. නාම යෝජනා බාරගන්න එක නතර කරනවා කිවුවා. 18 වනදා නාම යෝජනා බාර දෙන්න පටන්ගෙන 21දා වන විට නාමයෝජනා බාරගෙන ඉවර වුණා. ඊට පස්සේ ඡන්දෙට දින නියම කරන්න බැරිවෙන බව කීවා. මාර්තු මාසෙ 09දාට ඡන්ද දිනයත් තීන්දු කර තිබෙනවා. “09 වැනිදාට ඡන්දය තියන්නෙ නෑ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ පවසනවා. රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රකාශයන් අසාර්ථක කළා වගේම මෙම ඡන්දය නැවැත්වීමේ ප්‍රයත්නයත් අපි අසාර්ථක කරන බවට සහතික වෙනවා. ගිය වසරේ පවත්වන්න තිබුණ ඡන්දෙ කල් දාලා ගෝඨාභය රාජපක්ෂට රටින් පනින්න සිදුවුණා. මහින්ද රාජපක්ෂට නාවික හමුදා කඳවුරක හැංගෙන්න වුණා. ඒ අවුරුද්ද ඇතුළත කැබිනට් මණ්ඩලයට ගෙදර යන්න සිදුවුණා. ඇමතිවරුන්ට ගමට එන්න බැරිවුණා. මැතිවරණය 09 වැනිදා පවත්වන්නේ නැත්නම් මේ රටේ ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මීට වඩා ප්‍රබල සටනක් දියත් කරන බව රනිල් වික්‍රමසිංහ තේරුම්ගත යුතුයි.

දැන් ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නේ කවුද? එක පැත්තකින් මේ රට පාලනය කරපු, තුනෙන් දෙකේ බලය ගත්තු, ජනාධිපති පුටුව දුන්නු, පොහොට්ටුවේ කට්ටිය තැන තැන ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර තැන්වල පොහොට්ටුවයි, අලියයි ජෝඩු දාල ඉන්නවා. සමහර තැන්වල එකට එකතු වෙලා ඉල්ලනවා. මේ පිරිස් කවුද? මේ රට විනාශ කරපු, රට කඩා වට්ටපු, අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු, තරුණයන්ගේ අනාගතය පිළිබඳ තිබුණු සිහින කඩා වට්ටපු, අපේ තරුණ ජීවිත මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්කරපු, රටේ නීතිය කඩා වට්ටපු, අපේ රට ලෝකයේ ණයකාරයෙක් බවට පත්කරලා ණය ගෙවා ගන්න බැරිතරමේ ආර්ථිකයක් හදපු, ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැතිකරපු, ව්‍යාපාරිකයාට ආදායම නැති කරපු කට්ටියක් එක පැත්තක ඉන්නවා. ඒගොල්ලෝ ආණ්ඩු අරගෙන ජනතාවගෙන් පලි ගත්තා. බඩු මිල වැඩි කළා, බදු ගැහුවා, ආර්ථිකය වැට්ටුවා, රස්සා නැති කළා, අනුරාධපුරේ කුඹුරු යායවල් නාටුවෙන තත්වයට පත්කළා. ගොවියට පොහොර ටික දුන්නේ නැහැ. ජනතාවගෙන් පලි ගත්තා. කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් තිබෙනවා. දැන් 09 වැනිදා ඇවිල්ලා තිබෙන්නේ ජනතාවගේ වාරය, දෙන්න ඕන තීන්දුව හරියටම. අපට කොහොමද විරෝධය ප්‍රකාශ කරන්න තියෙන්නේ, පාරෙ යනකොට ගලක් ගහලාද? ඇන කොටාගෙනද? ජනතාවගේ වෛරය, කෝපය ප්‍රකාශ කරන්න අවස්ථාව 09 වැනිදා එනවා. මාලිමාවට කතිරෙ ගහලා තීන්දුව හරියටම දෙන්න ඕනෑ. තව කට්ටියක් එනවා, සජබේ කියලා, එයාලා අලුත් කට්ටියක්ද? ඒ ගොල්ලෝ එකට හිටියා. රනිල්, සජිත්, චන්ද්‍රාණි, හැරිසන්, කිරිඇල්ල, මරික්කාර්, රාජිත සේනාරත්න, එකට හිටියා. සජිත් වෙන්වුණා. හැරිසන්, චන්ද්‍රානි, කිරිඇල්ල, කබීර් හෂීම්, රාජිත සේනාරත්න සජිත් කණ්ඩායමට එකතු වුණා. පක්ෂෙ, වැඩපිළිවෙළ, පුද්ගලයන් මාරුවෙලා නැහැ. ප්‍රතිපත්ති, හොරාකෑම, නාස්තිය නතර වෙලා නැහැ. කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ. අලියා ලකූණින්, ඒ පක්ෂෙන් එන්න බැරි එක තමයි සිදුවෙලා තිබෙන්නේ.

අද දේශපාලනය හරියටම කඳවුරු දෙකකට බෙදිලා තිබෙන්නේ. රට විනාශ කරපු, කුඹුරු යායවල් මුඩු බිම් බවට පත්කරපු, කඳවුර හා ඊට එරෙහි රටට ආදරය කරන, වංචාවට තිත තියන, දූෂණය නතර කරන ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග වදින කඳවුර. හොරුන්ගේ පිල හා හොරුන්ට දඬුවම් දෙන පිල. යාචක ආර්ථිකය හදන පිල හා රට ගොඩනගන පිල. මේ රටේ බෙදීම් දෙකයි තිබෙන්නේ. මේ රට විනාශ කරපු පිල හා රට හදන පිල එච්චරයි තිබෙන්නේ. ආර්ථික දෙකයි තිබෙන්නේ. ඒගොල්ලන්ගේ ආර්ථිකය යාචක ආර්ථිකේ. හාල් ටිකක් දෙන. වැසිකිළි පෝච්චියක් දෙන, මුල්ලුවක් දෙන, ඇට පැකට් එකක් දෙන, සාරියක් දෙන, ඔරලෝසුවක් දෙන යාචක ආර්ථික කඳවුර. ජනතාවගේ ආර්ථිකය වට්ටවලා ඡන්දයකදී තහඩු, හාල්, සාරි, වැසිකිළි පෝච්චි බෙදනවා. මේ ජනතාව පාලකයන්ගේ අත යටින් වැටෙන කුඩා දෙයක් අරගෙන ජීවත් වෙන්න ඕන ජනතාවක් නොවෙයි. හාල් කිලෝ 10ක් ගන්න බැරි ජනතාවක්ද මෙ රටේ හිටියේ. යල මහ දෙකන්නය හොඳට අස්වද්දලා වී ට්‍රැක්ටර් දෙක තුන ගෙදරට අරගෙන ආවා. සාලෙ පිරෙන්න වී තිබුණා. කමත් පිරෙන්න බැත ගොඩගැහුවා. එහෙම ජනතාවක් හිටියා. ඒ ජනතාවට පෙබරවාරි හා මාර්තුවලට පමණක් හාල් කිලෝ 10ක් දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි යාචක ආර්ථිකය. අපි හදන්නේ ජනතාව යාචක ආර්ථිකයෙන් මුදාගන්නා ආර්ථිකයක්. මේ රට ගොඩනඟන, ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගන වැඩ පිළිවෙළක් අපි හදනවා.

ජාතික ජන බලවේගය මේ ආරම්භ කර තිබෙන්නේ බාගෙට නතර කරන්න නොවෙයි. අපි සහතික වශයෙන් ජාතික ආණ්ඩුවක් ගොඩනඟනවා. අපි වෙන පක්ෂවල අය එකතු කර ගන්න ඕනෙ. මේක රටේ සියලු ජනතාවගේ වැඩක්. අපේ ව්‍යාපාරික මහත්තයා, පෞද්ගලික අංශයේ සේවකයා, අපේ ස්වාමීන්වහන්සේලා, පූජක උතුමන්ලා, ධීවර ජනතාව, තරුණ තරුණයන් සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ. අපි අතර බෙදීම් නැහැ. බෙදීම තියෙන්නේ හොරුන්ගේ පිල හා හොරුන්ට දඬුවම් දෙන පිල අතරයි; යාචක ආර්ථිකය හදන පිල හා රට ගොඩනගන පිල අතරයි; මේ රට විනාශ කරපු පිල හා මේ රට හදන පිල අතරයි. සියලු ජනතාවට ආරාධනා කරන්න එන්න කියලා. පරණ අමනාපකම් තිබෙන්න ඇති. දේශපාලන මතවාද තියෙන්න ඇති. ඒවා අමතක කර අපි හැමෝම සහෝදරත්වයෙන් වැළඳ ගන්න ඕනෑ. මේ ජයග්‍රහණය ලබාගන්න පවුල් පිටින් ගම් පිටින් එකතු වෙන්න ඕනෑ. අපි ඒ සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා.

මේ රට ගොඩනගන ප්‍රතිපත්ති අපි හදලා තිබෙන්නේ. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්නේ කොහොමද? දුප්පත්භාවය කියන්නේ කන්න බොන්න නැතිකම විතරක් නොවෙයි. පාසලේදි, බස් එකේදි, බැංකුවේදි වෙනස්කොට සලකනවා. දුප්පත්කම පීඩනයකුත් ඇති කරන්නවා. ගරුත්වය අහිමි වෙනවා. දුප්පත්භාවය නැති කරන්නේ කොහොමද? ඒ ජනතාවගේ ආර්ථිකය කොහොමද? කුඹුරක් තිබුණොත් ගොවිතැන. ගඟක් තිබුණොත් මාළු අල්ලනවා. වැලිගොඩ දානවා. අපේ රටේ ආර්ථික ගමන කොහාටද ගිහින් තිබෙන්නේ. කොළඹ කේන්ද්‍රකරගත් ආර්ථිකයක් තිබෙන්නේ. නායකයෝ කොළඹින් එනවා. ගම ගැන දන්නේ නැහැ. විශාල මහල් නිවාස, සුපර් සෙන්ටර්, නෙළුම් කුලුනු, හදනවා. බස්නාහිර පළාත ආර්ථිකයට 36%ක් ලබාදෙන විට උතුරු මැද පළාතෙන් ආර්ථිකයට දායකත්වය ලැබෙන්නේ 5%යි. ආර්ථිකයට ලොකු ප්‍රතිලාභයක් එන්නේ නැහැ. නව ආර්ථික අවස්ථා ගමට ගේන්න ඕනෑ. ජාතික ජන බලවේගය ගමේ ජනතාව නගා සිටුවන ආර්ථික සැලසුම හදා තිබෙනවා. ඒක ගමේ ජනතාව කොළඹට ගේන ආර්ථිකයක් නොවෙයි. ගමේ ජනතාව ළඟට එන ආර්ථික සැලැස්මක් තිබෙන්න ඕනෑ. නව නිපැයුම් මාලාවක් අපි නිර්මාණය කරනවා. අප්‍රිකානු කලාපයේ විශාල වෙළඳපොළක් ඇති වෙමින් තිබෙනවා. අප්‍රිකානු කලාපයට පැය හතර හමාරක ගුවන් ගමනක් තිබෙන්නේ. අපට හොඳ මුහුදු මාර්ගයක් තිබෙනවා. ඒ කලාපය මාකට් එක ඉලක්ක කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඕනෑ. ඒ කර්මාන්ත ශාලා හැදෙන්නේ ගමේ. එතකොට තමයි ගමේ අයට රැකියා ලැබෙන්නේ. එහෙම තමයි ගැමි ජනතාවගේ ආර්ථිකය හැදෙන්නේ. අපි ආර්ථිකය හදාගන්නකම් සහනාධාරයක් දෙන්නම්. අපේ අපේක්ෂාව හැමදාම සහනාධාර දෙන්න නොවෙයි, ආර්ථිකය නගාසිටුවන්න.

ආර්ථික සැලැස්මේ ඊළඟට ප්‍රධාන වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය රජයේ වගකීමක්. මාලිමාවේ ආණ්ඩුවක ප්‍රධානම වෙනස ඇති කරන්නේ අධ්‍යාපනය තුළින්. පාසල් පද්ධතිය කඩා වැටී තිබෙනවා. පාසල් තිබුණාට අධ්‍යාපනය තිබෙන්නේ එළියේ. මේ අධ්‍යාපනය දෙමව්පියන්ට විශාල බරක් වී තිබෙනවා. දෙමව්පියන් වෙත පැවරී ඇති බර මාලිමාවේ ආණ්ඩුව බාර ගන්නවා. වැඩිම බරක් යොදන්නේ අධ්‍යාපනයට. අපිට අධ්‍යාපනය පැත්තෙන් ලෝකයේ විශාල පාරවල් ගණනක් තිබෙනවා. ලෝකයේ මැරයින් ඉංජිනියරින් සර්විස් එක එහෙම එකක්. ඉස්සර නාවුක ක්ෂේත්‍රයේ හිටියේ යුරෝපයේ අය පමණයි. අද ඉන්නේ රුසියාවේ, පිලිපීනයේ, යුක්රේනයේ කට්ටිය. අපට සමාන්තර ඒකපුද්ගල ආදායම් තිබෙන රටවල්. අපට ඒ ආර්ථික ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් නම්, අපට නාවික කර්මාන්තය පටන් ගන්න පුළුවන්කම තිබෙනවා. නැව් හැදීමේ කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික අපි හදනවා. ඒ අධ්‍යාපනය දියුණු කළොත් ලෝකයේ තිබෙන මැරායන් ක්ෂේත්‍රයේ 4%ක් අපි අල්ලා ගත්තොත් ඩොලර් මිලියන 08ක් හොයන්න පුළුවන්. මුළු ඇඟලුම්වලින්ම හොයන්නේ 5%යි. එයිනුත් 3%ක් යනවා අමුද්‍රව්‍ය ගෙන්වන්න. මේ ක්ෂේත්‍රය දියුණු කළොත් රටටත්, දෙමව්පියන්ටත්, දරුවාටත් හොඳයි. ලෝකයේ තොරතුරු තාක්ෂණය තිබෙනවා. විශාල ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. 2021 සෞදි අරාබිය ලෝකෙට තෙල් විකුණලා සොයා ගත්තේ ඩොලර් බිලියන 113යි. ඉන්දියාව අයි.ටී. විකුණලා සොයා ගත්තා ඩොලර් බිලියන 133ක්. මේ කියන්නේ දැනුම තෙල්වලට වඩා මිලෙන් ඉහළයි. අපට දැනුම තියෙන, හොඳ මානව සම්පතක් තිබෙනවා. මෙය මුවහත් කරන්න ඕනෑ. ලොකෙ තියෙන ප්‍රධාන මෘදුකාංග සමාගම්වල ඉහළින්ම ඉන්නේ ඉන්දියානුවන්. ලොකේ ප්‍රධාන බැංකුවල ඉහළම කළමනාකරුවෝ ඉන්දියානුවන්. ඒ රටේ පාලකයන්ට හොඳ දැක්මක් තිබුණා. අපේ රටේ පාලකයෝ යාචකයෝ හදනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරන්න ඕනෑ. අධ්‍යාපනය මත ඇති කරන වෙනස මත තමයි අපේ රට ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්නේ.

නූගත්කමයි දුප්පත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. අපරාධයි දුප්පත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. 2019 බන්ධනාගාර ගත වුණු අයගෙන් 74%ක් සාමාන්‍ය පෙළට පහළින් හිටියා. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වුණු අයගෙන් 84%ක් සාමාන්‍ය පෙළට පහළින් සිටියා. මත්ද්‍රව්‍යයි අධ්‍යාපනය අතරයි සම්බන්ධයක් තිබෙනවා. මේ රට ගොඩනගනවා නම් අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ විවිධ අධ්‍යයනයන් කළ, ලෝකයේ අධ්‍යාපනය හදාරපු, ලෝකයේ තිබෙන උසස්ම අධ්‍යාපනයන් ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන කණ්ඩායමක් අපේ අධ්‍යාපන වැඩපිළිවෙළ බාරගැනීම සඳහා සූදානම්ව ඉන්නවා.

අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා. වෘත්තීමය ශ්‍රම බලකාය 15% යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා. රට දමා යන අයට අපි ආරාධනා කරනවා, යන්න එපා. නුදුරේම අපි මාලිමාවේ ආණ්ඩුවක් හදනවා. අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.
අද තීරණාත්මක ඡන්දයක් ඇවිත් තිබෙනවා. මේ නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්දය කියලා කියන්නේ පාර, බෝක්කුව, පාලම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රටේ අනාගතය කොහෙටද මාරුවෙන්නේ කියලා හැරවුම් සංඥාවකට ගන්න ඡන්දයක් තමයි මාර්තු 09 වැනිදා තියෙන්නේ. මේ රටටත් ලෝකෙටත් සංඥාවක් දෙන්න, මේ රට වෙනස් කිරීමට අවශ්‍ය සංඥාව අපි දෙන්න ලෑස්තියි කියන පණිවිඩය. 09 වැනිදා ජාතික ජන බලවේගයට ජනවරම දීලා ලිඛිත සාක්ෂියක් දෙන්න, ඒ ගොල්ලන්ට ජනවරම නැති බවට. ‘ජනතාවගේ කැමැත්ත මාලිමාවට. ජනතාව ආණ්ඩුවද, රනිල්වද ප්‍රතික්ෂේප කොට ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාව මාලිමාව කෙරෙහි විශ්වාසය තබා ඇත’ කියලා. ජනතාවගේ කැමැත්තක් නැතිව ආණ්ඩුවට ඉන්න බැහැ. අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට පියවර – ඇමැති කෙහෙලිය

Next Post

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කල යුතුයි – ජනපති

editor

editor

Next Post

ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කල යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved