• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්දින වැඩවර්ජනයට අපි හෙට නෑ – සුරාබදු නිලධාරින්ගේ සංගමය

5 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් හා ශ්‍රී ලංකා සුරාබදු නිළධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව විසින් අද (05) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂ් ජයකොඩි මහතා, “ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන දෙපාර්තමේන්තු ගත මෙන්ම, ඒකාබද්ධ සේවාවන්හී සියලු නිළධාරීන්ට දිරි දීමනාවක් ගෙවීම සිදු වෙනවා.මෙම දිරි දීමනාව අවුරුදු 03 ක කළායක් තිස්සේ ගෙවලා පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව මෙම දිරි දීමනාව ලබා දීම නවතා තිබෙනවා.ඒකට යම් යම් හේතුන් පරිපාලනය හා මුදල් අමාත්‍යංශය කිව්වත්, ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ දිරි දීමනා ගෙවන්න මුදල් නෑ කියන එක.අපි විටින් විට එම දිරි දීමනාව ගෙවීමට මුදල් කොහොමද ලබා ගන්නේ, ඒ අරමුදල කොහොමද තර කරන්නේ කියලා යෝජනාවන් 04 වතාවක් පරිපාලනය හරහා මුදල් අමාත්‍යංශයට යොමු කළා.නමුත් මේ පිළිබඳව කිසිදු පියවරක් මුදල් අමාත්‍යංශයෙන් ගත්තේ නෑ,ඒ අනුව අපි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නිළ ඇදුම් අඳින කාර්ය මණ්ඩලය සහ ඒකාබද්ධ සේවාවන්හී සියලු වෘත්තීය සමිති එකතු වෙලා අපි තීරණය කළා අප්‍රේල් 06 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක් පවත්වන්න. එවිට සියලු සුරාබදු කාර්යාල පමණක් නොවෙයි, මත්පැන් නිශ්පාදනාගාර සියල්ලම එදිනට වසා තබන්න, හැබැයි එහෙම වුණා නම් මේ දවස් වල සිදු වන නිෂ්පාදනය අනුව දිනකට කෝටී 100 ක පමණ බදු මුදලක් රජයට අහිමි වෙනවා.අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස ගන්න සියලු කටයුතු සංවිධානය කරමින් පවතින විට, මේ හා සම්බන්ධ සාකච්ජා වට කීපයක් පැවැත්වූවා, පසුව ඊයේ (04) සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා සමඟ උදයවරුවේදීත්, සවස්වරුවේ මුදල් රාජ්‍යය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මහතා සමඟත්, වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා සමඟත් සාකච්ජා පැවැත්වුවා.සවස්වරුව වන විට අපිට මේ සඳහා සාදනීය පිළිතුරක් ලැබුණා.මුදල් රාජ්‍යය ඇමතිතුමා හා සුරාබදු කොමසාරිස් තුමා කිව්වා මෙවර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළැඹෙන සතිය තුළ මේ සඳහා නියමිත ක්‍රමවේදයක් සකස් කරලා සුරා බදු නිළධාරීන්ට දිරි දීමනා ගෙවීමට ක්‍රමවේදයක් මසක් තුළ අවසන් කරනවා කියලා.ඒ ක්‍රමවේදය අවසන් කිරීමෙන් පසුව ගෙවීම් කරන දිනය තීරණය වෙනවා.ඊට අපි එකඟ වුණා.මේ වෙනකොට රජයට පඩි ගෙවාගන්න බැරි තත්වයක තියෙන නිසා, බදු මුදලක් අහිමි කරන එකත් ප්‍රශ්නයක් වෙන නිසා, අපි සියලු වෘත්තීය සමිති තීරණය කළා අප්‍රේල් 06 වැනිදා (හෙට දිනයේ) පවත්වන්න සැලසුම් කරලා තිබුණ වැඩ වර්ජනය අවලංගු කරන්න. මේ සියලු ඉදිරි කටයුතු සඳහා මුදල් රාජ්‍යය අමාත්‍යයවරයා මැදිහත් වන බව පැවසුවා, ඒ වගේම වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පොරොන්දු වුණා ඒ අය මැදිහත් වෙලා අවශ්‍යය පියවර ගන්නවා කියලා.ඒ අනුව මාධ්‍යය වලට පෙර පැවසූ අකාරයට අපි හෙට (06) දිනයේ වැඩවර්ජනය පවත්වන්නේ නෑ.සුපුරුදු පරිදී රාජකාරී කටයුතු කරගෙන යනවා. මසක් ඇතුළත මෙම ක්‍රමවේදය සැකසුවේ නැත්නම් අපි නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න ඊයේ (04) අපි තීරණය කළා. අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මත්පැන් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත ශාලා අපේ භාරයේ තියෙන්නේ, ඒවායේ සුරාබදු ඒකක වල සේවය කරන්නේ අපේ නිළධාරීන්, ඒවායේ ආරක්ෂිත මුද්‍රා ඇළවීම ඒ සියල්ලම භාරව ඉන්නේ අපේ නිළධාරීන්, අපේ අය රාජකාරී නැවැත්වුවොත් එදිනට මත්පැන් නිෂ්පාදනය නවතිනවා.මේ දිනවල උත්සව සමය වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය වැඩියි, සමහර ආයතන පැය 24 මත්, සමහර ආයතන පැය 16 කුත් වැඩ කරනවා.අපි ගණන් බලා තියෙන විදිහට දිනකට කෝටි 100 ත් කෝටි 110 ත් අතර මුදලක් සුරා බදු ආදායම් ලෙස එකතු වෙනවා.ඊට අමතරව වැටලීම් ක්ෂ්‍රේත්‍රයේ නිළධාරීන් 700 ක් පමණ සේවයේ යෙදී ඉන්නවා.විෂ මත්ද්‍රව්‍යය වැටලීම්, විෂ මත්පැන් වැටලීම්, බලපත්‍ර ස්ථාන අධීක්ෂණ කටයුතු සිදු කරනවා.ඒ හරහා සැලකිය යුතු දඩ මුදලක් රජයට අප හරහා ලැබෙනවා.අපි වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹුනහොත් මෙම දඩ මුදල් මෙන්ම, බදු මුදල්ද රජයට අහිමි වනවා ඒ නිසා අපි අප්‍රේල් 06 වැනි දින ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජයන නවත්වන්න තීරණය කළා යැයි නිරෝෂ් ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 5
Previous Post

The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය අප්‍රේල් 06 වනදා තලවතුගොඩදී

Next Post

රත්තොට ප්‍රදේශය සංචාරකයින් සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරිමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

රත්තොට ප්‍රදේශය සංචාරකයින් සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරිමට පියවර ගන්නවා - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved