27 April 2024
#දේශීය

රත්තොට ප්‍රදේශය සංචාරකයින් සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරිමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමැති රෝහණ

රත්තො‍ට ප්‍රදේශයේ දේශිය හා විදේශිය සංචාරකයින් සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරිම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව රත්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධිකරණ කමිටුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ රත්තොට රිවස්ටන් මාර්ගය අලුත්වැඩියා කිරිම ඇතුලු පහසුකම් නැංවිමත් අරමුණක්. 2023 රජයේ අලුත් ගමන් මග සමග රජයේ ඉලක්ක සපුරාලමින් රත්තොට ජනතාවට පහසුකම් සැලසීමට ක්‍රියාත්මක වන බවය. මෙහිදි ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිම සඳහා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීම, කුරක්කන් බීජ නිෂ්පාදනය, සුළු අපනයනය බෝග නිෂ්පාදනය වැඩි කිරීම, රිවස්ටන් හා සෙම්බුවත්ත මාර්ග සංවර්ධනයට පියවර ගැනීම, එළවලු, ස්ට්‍රොබෙරි පළතුරු වගාකිරිම, ජාතික කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම ආදිය කරුණූ කෙරෙහි සෟජු මැදිහත්විම ලබා දෙන බවත් ඒ සදහා සියලු පාර්ශ්වල සහය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ල සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් එම්.රියාල්දින් මහත්මිය ඇතුලු ආයතන ප්‍රධානින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *