• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි අඩි තබමින් යන්නේ මහා ඛේදවාචකයක් දරාගෙන ඉන්න මාතෘ භූමියකයි – අනුර දිසානායක

1 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපි හැමදෙනාම අඩි තබමින් යන්නේ මහා ඛේදවාචකයක් දරාගෙන ඉන්න මාතෘ භූමියක බවත් මිනිසුන්ගේ නිදහස, අනාගත පරම්පරාවන්ගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය නීතියක් විනයක් සහිත රටක් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පොළොන්නරුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී අදහස් පල කල අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ” පොළොන්නරුවේ ගැමියා, ආසියාවේ ලොකුම මොළේ, වැඩකරන විරුවා, වගේ විශේෂීකරණවලින් පෙනී සිටි පුද්ගලයන් බලය ගත් පසු මොකද වුණේ. තනි පුද්ගලයන්ට වර්තමාන ලෝකයේ කිසිදු කටයුත්තක් කරන්න බැහැ. වර්තමාන ලෝකයේ ජයග්‍රහණ තිබෙන්නේ සාමූහිකත්වය මත. ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ සියලු හැකියාවන්, සියලු දැනුම, කාර්යක්ෂමතාවය, එක්තැන් කර, මෙහෙය වන එකම දේශපාලන ව්‍යාපාරයයි. ජාතික ජන බලවේගය කෙරෙහි මේ රටේ පුරවැසියන් විශ්වාසය තැබිය යුතු වන්නේ එහි පවතින සාමූහික ක්‍රියාදාමය නිසයි. යුද පෙරමුණේ තනි තනිව කොතරම් විස්කම් පෑවත් සාමූහිකත්වය නැත්නම් ජයග්‍රහණය කරන්න බැහැ. රටත් ඒ වගෙයි. අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමට යුද්ධය අවසන් කිරීමේදී විශාලතම කාර්යභාරයක් සිදු කළ පිරිසක් අපි අද අමතන්නේ. ගම්වල විශාල සොහොන් කොත්, බස්නැවතුම් පොළවල්, ඉදිවී තිබෙන්නේ සොල්දාදුවන් වෙනුවෙන්. අපි ඒකරාශී වී සිටින්නේ, ඔබ සමග එකට ජීවමානව හිඳිමින් හුස්ම ගනිමින් සිටි ඔබේ මිතුරන්, ඥාතීන් විශාල පිරිසක් මේ මහපොළොවේ නිධන් ගත වී සිටින වෙලාවකයි. දකුණේ විතරක් නොවෙයි, උතුරෙත් එහෙමයි. අපි හැමදෙනාම අඩි තබමින් යන්නේ මහා ඛේදවාචකයක් දරාගෙන ඉන්න මාතෘ භූමියකයි. මාතෘ භූමියේ නිදහස, මිනිසුන්ගේ නිදහස, අනාගත පරම්පරාවන්ගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය නීතියක් විනයක් සහිත රටක් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ පිරිසක් මේ ඉන්නේ. කැටිකර ගත්තාම මේ ඉන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් සාධාරණත්වය බලාපොරොත්තු වූ පිරිසක්.

දේශපාලන වේදිකාවේ යුද ජයග්‍රහණ වෙන්දේසියේ විකුණූ කාලයක් තිබුණා. පළාත් සභා මැතිවරණය කඩින් කඩ තබමින් බලය තහවුරු කර ගැනීමට යුද්ධය පාවිච්චි කළා. ඒ සෑම පළාත් සභා මැතිවරණකදීම හමුදාව නියෝජනය කරන නිලධාරීන් කිහිප දෙනෙක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළා. ඔවුන්ගේ දූෂිතභාවය, නාස්තිකාරිත්වය, ත්‍රාඩ දේශපාලනය, ආවරණය කර ගැනීමේ පලිහක් ලෙස හමුදා සොල්දාදුවන් පාවිච්චි කළා. දේශපාලන වේදිකාවේ හමුදා සොල්දාදුවන් තොරොම්බල් කරමින් වෙන්දේසි කළා. ඒ විතරක් නොවෙයි, හමුදාවේ යම් පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගත්තා. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය මවුබිමේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්ද? නෑ. දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්. කීත් නොයාර් පැහැරගෙන ගොස් තුවාල කිරීම, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත වගේ අයට පහර දීම, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුඩීන් ඝාතනය කිරීම, ත්‍රිකුණාමලයේ ළමයින් එකොළොස්දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ යම් තැනකදී නැවතුණේ ත්‍රිවිධ හමුදාවේ යම් පිරිසකගේ සම්බන්ධතාවයන් හෙළිවීමත් සමග. ත්‍රිවිධ හමුදාවේ කීර්තිය 99.9%ක්ම ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ, පෞද්ගලික අවශ්‍යතා මතත්, තොරොම්බල් කළා. පාස්කු ප්‍රහාරය පසුගිය ජනාධිපතිවරණය හා සම්බන්ධ වී විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි ගමන් මග විමසා බැලුවහොත් හෙළි වන්නේ යුද්ධයෙන් පසු නැවත බෙදීමක් අපේක්ෂා නොකළ, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනැගීම ඔබේ අපේක්ෂාව බවට පත්වී තිබුණා. නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි ආඥාපතිවරයා අසීරුවෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමෙන් පෙන්වන්නේ නැවත බෙදීමක් නොවෙයි. ජාතික සමගියයි. ඔබගේ අපේක්ෂාව ජාතියක සමගිය වුවත් පාලකයාගේ අපේක්ෂාව කවදාවත් ජාතික සමගිය වී තිබුණේ නැහැ. පාලකයන් සිංහල, මුස්ලිම් ජනයා අතර, බෙදීමක් ඇති කළා. යුද්ධය පැවති කාලයේ මුස්ලිම් ජනතාව එල්.ටී.ටී.ඊ. එකට විරුද්ධව විශාල සහයෝගයක් හමුදාව වෙත ලබාදුන්නා. යුද්ධයෙන් පසුව ඒ අය වෙන පැත්තකට තල්ලු කර බෙදීමක් නිර්මාණය කළා. 2015 බලය අහිමි වූ කණ්ඩායමට යළි බලය අත්පත් කර ගැනීමට නැවත සැකය සහ බෙදීම උතුරෙන් ආරම්භ කරන්න උත්සාහ කළා. “යළි කොටි නැගිටියි” කියලා විශාල ප්‍රචාරයක් ගෙන ගියා. 2015න් පසුව ඔවුන්ගේ ශබ්ද කෝෂයේ එවැනි දෙයක් පාවිච්චි කළත් ඔබ හෝ උතුරේ අම්මා, තාත්තා හෝ එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. උතුරේ අම්මා තාත්තාට තිබෙන්නේ අපිට දරුවන් කෙරෙහි තිබෙන අපේක්ෂාවම තමයි. උතුරේ යළි සන්නද්ධ බලපෑම් සහිත කණ්ඩායමක් නැගී සිටීමට තිබෙන ඉඩකඩ අවමයි. නමුත් උතුරේ කිසියම් පහර දීමක් සිදුවුව හොත්, මන්නා ප්‍රහාරයක් එල්ල කිරීම පවා යළි කොටි නැගිටියි කියන ප්‍රවෘත්තියට යොදා ගත්තා.

නමුත් ඒ යළි කොටි නැගිටියි කියන කතාව 2017 වන විට අත්හැර සහරාන්ගේ වලිගයේ එල්ලී වෙන සාකච්ඡාවක් නිර්මාණය කළා. ‘වඳ කොත්තු’, ‘වඳ ඇඳුම්’, ‘වඳ දොස්තරවරු’ ආදිය ගැන ප්‍රචාරය කරමින් “ජාතිය අනතුරේ” යනුවෙන් අලුත් දේශපාලන වචනයක් නිර්මාණය කළා. 2050 වන විට සිංහල ජාතිය සුළු ජාතිය බවට පත්කර, මුස්ලිම් ජාතිය බහුතරය වන බවට ප්‍රචාරය කළා. යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූ හමුදා නිලධාරීන් දෙමළ භාෂාව ඉගෙන ගන්න අතර පාලකයන් ජාතිවාදය වපුරා පාස්කු මහා ප්‍රහාරයට පසුබිම හැදුවා. 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලියැවුණේ 2019 අප්‍රේල් මාසයේ 21දා. නොවැම්බර් 17 දින කළේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ එක. 2019 අගෝස්තු පමණ වන විට රට ගිනි ගන්න ඔන්න මෙන්න තත්වයට පත්කර තිබුණා. ඒ ගමන්මඟේ ප්‍රතිඵලය නොවැම්බර් 17 දින නිකුත් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකුට ඇඟිල්ල දිගුවී තිබෙනවා. සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. මේ කළු පැල්ලම ඉතිහාසය පුරාම සමස්ත හමුදාවට සහ සමස්ත බුද්ධි අංශයටම පවතින්න ඉඩදෙන්න ඕනෑද? එහෙම නැතිනම් නිවැරදි පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු අය සොයාගත යුතු නැද්ද? ප්‍රහාරය වළක්වා ගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අසමත් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුකොට තිබෙනවා. ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙනුත් එම තීන්දුව ලබාදී තිබෙනවා.

මේ ප්‍රහාරය දේශපාලනික වුවමනාවක් වෙනුවෙන් මෙහෙය වූ බවට චෝදනා එල්ල වී තිබෙන කණ්ඩායම සහ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළාය කියන මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම දෙගොල්ලෝම ආණ්ඩුවේ එකට ඉන්නවා. මේ නිසා නිසි පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ. මෙය හුදු ත්‍රස්ත ක්‍රියාවක් ඉක්මවා ගිය දේශපාලනයක් තිබෙනවා නම්, එවැනි ප්‍රහායරක් යළි ඕනෑම අවස්ථාවක අපේ රටේ සිදුවිය හැකියි. ඒ නිසා රටේ ආරක්ෂාව නිසි පරිදි තහවුරු කරන්න නම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ සිදුකරනවා. දැන් අලුත් වටයකින් ජාතිවාදයක් මතුකරන්න උපරිම වශයෙන් උත්සාහ කරනවා. කුරුන්දි විහාරයේ නඩුවට අදාළ තීන්දුව දීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාට මරණීය තර්ජන එල්ල වූ බව කියමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළ බව කියනවා. මෙය සත්‍යයක් නම්, රට කොතැනද තිබෙන්නේ. තමන්ට එකඟ විය නොහැකි විනිශ්චයන් දෙන මහේස්ත්‍රාත්වරුන්ට ඝාතන තර්ජන එල්ලවෙනවා නම්, ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සත්‍යය හෙළිකරන පරීක්ෂණයක් සිදුකළ යුතුයි. යුද්ධය අවසානයෙන් පසුව ඔබ ජාතික සමගියක් අපේක්ෂා කළත් පාලකයන්ට කවදාවත් එවැන්නක් ඕනෑ වුණේ නැහැ. බෙදීම් පවත්වාගෙන යාම ඔවුන්ගේ එකම දේශපාලන ව්‍යාපෘතිය බවට පත්කරමින් යළි යළි එයම ගෙන එන්න උත්සාහ කරනවා.

එදා ජනතාවත් නොවෙයි අද ඉන්නේ. අපි යන යන තැන දහස් ගණන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් අප වටා එකතු වී සිටිනවා. ජනතාව අලුත් දේශපාලනයක් අපේක්ෂා කරනවා. ඔබ සියලු දෙනාත් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් හෝ බිඳවැටීමට ඉඩනොදෙන බවට සහතික වෙනවා. රටක ශක්තිමත්භාවය රඳා පවතින්නේ ආර්ථිකයේ ශක්තිමත්භාවය මතයි. ජාතික ජන බලවේගයේ අපේක්ෂාව පොහොසත් රටක් ගොඩනඟා පොහොසත් ජනතාවක් බිහිකිරීමයි. ඒ වෙනුවෙන් නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සකස් කර තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ පාලනය මූල්‍ය අරමුදලත් සමග එක්වී මේ රටේ සියලුම ඛනිජ සම්පත් ලබන මාසයේ තුන්වෙනි සතියේ විකුණා දැමීමට සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටේ පශු සම්පත් සහ වැවිලි සමාගම් ඉන්දියාවට පවරා දීමේ සැලසුම් සකස් කර අවසන්. ජල කළමනාකරණ පනත නැවත ගෙනඒමට සූදානම් වෙනවා. එය සම්මත කර ගත හොත් ගොවිබිමට ලැබෙන වතුර වෙනුවෙන් මීටරයක් හයිකරනවා. මන්නාරම් ද්‍රෝණියේ මෙගොවොට් 4000ක සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ විභාවතාවයෙන් මෙගාවොට් 500ක් නිෂ්පාදනය කිරීමට දැනටමත් අදානි සමාගමට දී අවසන්.

අදානි සමාගම ඉන්දියාවට සුළං විදුලිබලය යුනිට් එකක් ලබාදෙන්නේ ඩොලර් ශත 3.5කට. නමුත් ලංකාවට එය ලබාදෙන්නේ ඩොලර් ශත 07ට. ඉන්දියාවට ලැබෙන සුළංවලට වඩා ලංකාවට ලැබෙන සුළං වෙනස්ද? පරම්පරා ගණනාවකට මේ ඉහළ මිල ගණන් යටතේ අපිට විදුලිය ලබාගන්න සිදුවෙන්නේ, අදානි සමාගමෙන්. ඊට අමතරව අපේ සූර්යාලෝකයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න අක්කර 650ක් ලබාදී ඩොලර්වලට අපිට ඒ විදුලිය විකුණනවා. අද පුනරීන් ප්‍රදේශය උතුරේ ජනතාවට වගේම දකුණේ ජනතාවට අහිමි කර අදානිට දී තිබෙනවා. මන්නාරමත් එහෙමයි. ත්‍රිකුණාමලේ සාම්පූර් ප්‍රදේශයත් එහෙමයි. ආර්ථිකය කඩා වට්ටවා රටේ සම්පත්, ඉඩම්, ඇතුළු සියල්ල විකුණමින් යන ආර්ථික ක්‍රමයක් රනිල් වික්‍රමසිංහ අනුගමනය කරනවා. ආර්ථිකය හකුළා, කර්මාන්ත කඩා වට්ටවා, රැකියා අහිමි කර, ඉතිරි කාලය සියල්ල විකුණමින් බලය ආරක්ෂා කරගන්න රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන විනාශකාරී දුෂ්ට මාවතේ තවදුරටත් යන්න ඔවුන්ට ඉඩදිය යුතුද? ජාතික ජන බලවේගය මීට විරුද්ධව සටන් කර පරාජය කිරීමේ නව නිදහස් සටනක් දියත් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවනවා. මේ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරන සමාජ මාධ්‍ය මර්දනය කිරීමට පනත් ගෙන එනවා. අලුත් තොරතුරු, සත්‍යය, සමාජයට ගමන් කිරීම වැළැක්වීම සඳහා පාලකයන් දරන මේ ප්‍රයත්නය අනිවාර්යයෙන්ම පරාජයට පත්කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. එය සම්මත කර ගතහොත් අපි ඔක්කෝම එක වෙලාවක එකම පොස්ට් එකක් දමා මර්දනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයත්, පුරවැසියන්ගේ නිදහසත් වෙනුවෙන් සටන් කරනවා.

ජාතික ජන බලවේගය නව මාදිලියේ සටන් ආකෘතිීන් මේ ආකාරයට අත්හදා බලන්න අපි ලැහැස්තියි. රනිල්ගේ පනත්වලින් පස්දෙනෙකුගේ කොමිසමක් පත්කර, සමාජ මාධ්‍යවල පාලනයට අවනත නොවෙන සමාජය මර්දනය කරන්න ප්‍රතිත්‍රස්ත පනත ගේන්න උත්සාහ කරනවා. මේ වන විට රනිල් වික්‍රමසිංහ ලෝකයේ සමුළු අමතන්න යන බව කියමින් “ලෝකයට පරකාසේ, ගෙදරට මරගාතේ” වන ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා. රටේ තරුණ තරුණියන්ට රැිකියා නැහැ. ඖෂධ නැහැ. එහෙම තියෙද්දී ලෝකෙට පරකාසේ ප්‍රකාශ සිදු කළත්, රට තිබෙන්නේ ඉතාමත්ම නරක තැනක. ඉතාමත්ම දුෂ්ට නායකයන් අතේ. අපි මේ රට මුදා ගෙන නව පාලනයක් ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමූහිකය ශක්තිමත්ව එකට එකතු වී දෙවෙනි මෙහෙයුම දියත් කර මාතෘභූමිය ගලවා ගැනීම සඳහා අධිෂ්ඨානයෙන් ක්‍රියාකරමු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක හොරකම් කළ නිළධාරීන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා

Next Post

මාතලේ ජල මුලාශයේ විනාශ විමේ තර්ජනයක්

editor

editor

Next Post

මාතලේ ජල මුලාශයේ විනාශ විමේ තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved