• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි හොරුලු.. බදු වංචාකාරයෝ නිදැල්ලේ – මන්ත්‍රී විමලවිර

22 September 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ අධි සු‍ඛෝපබෝගි වාහන , නිවාස, සුඛෝපබෝගි ජිවිත ගත කරනු ලබන බදු වංචනික ව්‍යාපාරිකයෝ පිළිබඳව කිසිදු විවේචනයක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “පාර්ලිමේන්තුව තුළත්, සමාජය තුළත් බරපතල ප්‍රශ්න ගණනාවක් මේ දිනවල තිබෙනවා. එකක් තමයි වී ගොවින්ගේ වී මිල පහළ ගිහින් තිබෙනවා. දැන් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ වී කිලෝ 1 ක් රු.90 දක්වා අඩුවෙලා තිබෙනවා. මෙය ඉතාම නරක තත්වයක් ගොවිතැන පැත්තෙන්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි දැඩි අවධානයෙන් ක්‍රියා කරනවා. ආණ්ඩුව සමඟත් මේ දිනවල අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම වැඩිකළ විදුලි බිල සහ ජල ගාස්තු පිළිබඳවත් අපි පක්ෂයක් විදිහට හිතනවා යම් සහනයක් ජනතාවට දිය යුතුයි කියලා. වැඩිවන ජිවන වියදමත් එක්ක මේ වැඩිවීම ජනතාවට මහ බරක් සහ පීඩනයක්. ආණ්ඩුවක් විදිහට සහ රටේ ආර්ථික විදිහට ගත්තාම සහන දීම ඉතා අපහසුයි. නමුත් ජනතාව ජිවත් කළ යුතුයි සහ ඔවුන්ගේ ජනජිවිතය පවත්වාගෙන යාම සඳහා අපි ආණ්ඩුවක් විදිහට අත්වැලක් දිය යුතුයි. මේ දිනවල පැනනගින ජාතික සභාව සඳහා එන පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් සමහරු යමක් ආරම්භ කරන විට එයට අකුල්හෙලනවා. මෙය ඇත්තටම අනුකලනාත්මක දේශපාලන සංස්කෘතියක් සඳහා වැදගත් යෝජනාවක්. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරපු දෙයක් නොවේ. මේ රටේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ ආගමික කණ්ඩායම් යෝජනා කරපු දෙයක්. මේ අර්බුදය වගකීමක් අරගෙන සාමුහිකමය ප්‍රශ්න විසඳන්න එකගවෙන කට්ටියට මෙතන ඉඩ තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීමට එන්න කියලා ආරාධනා කරපුවාම එයට හේතු කියමින් මඟ අරමින් විවේචනය විතරක් ඉතුරු කරනවා. හැබැයි මේ ජාතිය මුහුණ දී තිබෙන මේ අඳුරු මොහොතේදි ඒ ප්‍රශ්න විසඳන්න බෑ විවේචනයෙන්. ඒ නිසා ප්‍රායෝගිකවම මේ ප්‍රශ්න විසඳන්න සාමුහික එකඟත්වයක් සඳහා අවශ්‍යම ආයතනයක් විදිහට තමයි ජාතික සභාව යෝජනා කළේ. නමුත් මේ සඳහා ඇතුලත් නොවි විවේචනය කරමින් සිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ බඳු වංචාවක් එළි කරලා තිබෙනවා. ඉතාම බරපතල කාරණාවක්. හැමෝම ඇගිල්ල දික් කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින අය හොරු හොරු කියලා. හැබැයි මේ රටේ කෝටි දහස් ගණනාවක් බදු වංචා කර, මේ රටේ ජන ජිවිතයට තීරණාත්මක බලපෑමක් කරපු මේ ආර්ථික අර්බුදයට සම්මාදන් වෙන මේ ක්‍රියාවලිය පිළිබඳව මේ මොහොත වන විට එළිදරව් කරගෙන තිබෙනවා. ඒ නිසා මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවත්, ආණ්ඩුවත්, රටත් අවධානය යොමු කළ යුතුයි. හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ කිව්වට, යන්න වාහනයක් නොමැති, ඉන්න ගෙයක් නොමැති පිරිසට හොරු කිව්වට මේ රටේ අධි සු‍ඛෝපබෝගි වාහන , නිවාස, අධි සුඛෝපබෝගි ජිවිත ගත කරන බදු වංචා කරන ව්‍යාපාරිකයෝ පිළිබඳව කිසිම විවේචනයක් සිදු වෙන්නේ නෑ. මේ කාරණා පිළිබඳව කවුරුත් අවධානයක් නොමැතිව මේ රටේ අහිංසකයෝ රැලකට හොරු හොරු කියනවා. ඒ නිසා අවසානයේදී හොරු හොරු ගැන කතා කෙරුවා මිසක් රට ගොඩනඟන විදිහක් කතා කළේ නෑ. ” යැයි මන්ත්‍රී විමලවීර මහතා පැවසුවා.

Post Views: 1
Previous Post

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Next Post

මැලේසියානු රැකියා 10,000 ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීමේ සුදානමක් – ඇමැති මනුෂ

editor

editor

Next Post

මැලේසියානු රැකියා 10,000 ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීමේ සුදානමක් - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved