27 April 2024
#දේශීය

මැලේසියානු රැකියා 10,000 ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීමේ සුදානමක් – ඇමැති මනුෂ

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා ඔක්තෝබර් මසදී සැලසුම් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ සඳහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි .

එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

මෙම රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිළිබද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් Dato’ Tan Yang Thai මහතා ඊයේ දින (22) දිනයේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *