රජය උත්සහ කරනුයේ වැටුණු තැනින් නැගි සිටීමටයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ රටේ දේශපාලන පක්ෂවල සෑම අයෙකුටම ආරාධනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “අද අපි රට දිහා බැලුවාම ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණදිලා තිබෙනවා. රටේ ජනතාවට ජිවත්වීමට විශාල අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. මේ තියෙන තත්වයෙන් අපි රජයක් හැටියට ජනතාව මුදවා ගන්නේ කොහොමද කියලා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙන අතර ආහාර සුරක්ෂිතභාවය ඇති කරමින් ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න රජයක් විදිහට කටයුතු කළයුතු වෙනවා. මෙතනදි අපි බලාපොරොත්තුවෙන්නේ රටේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජයක් විදිහට කටයුතු කිරීමයි. මේ වකවානුව තුළදි සංචාරකයින් ගෙන්වා ගැනීමට ආකර්ශනීය තත්වයට පරිවර්තනය කලහොත් අපිට විදේශ විනිමයට යම් ශක්තියක් ලැබෙනවා. ඒ වගේම රටේ ජනතාව තමන්ගේ ගෙවත්තේ පැල වර්ග සිටුවමින් සිටිනවා. රටේ ජනතාවට මේ තියෙන තත්වයෙන් ඉතා ඉක්මණින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අපි කටයුතු කරන්න වෙනවා. අපි මේ අවස්ථාවේ දී රජයක් හැටියටත් හැම කෙනාම උත්සහ කරන්න වෙන්නේ වැටිච්ච තැනින් ගොඩ එන්නයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ රටේ දේශපාලන පක්ෂවල හැම කෙනෙක්ටම ආරාධනා කළා එකතුවෙන්න කියලා. එකතුවෙලා අදහස්, යෝජනා ඉදිරිපත් කරන්න කියලා. නමුත් පැහැදිලිව කියන්න කැමති ඒ ආරාධනා කළත් එන්න කැමති නෑ. විවේචනය පමණයි සිදු කරන්නේ. මේ අවස්ථාවේ විවේචනයට තිත තියලා රටක් විදිහට එකතුවෙලා මේ රට ඉදිරි ගමනට ගෙනියන්න අවශ්‍ය කරන වැඩිපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. විපක්ෂය නියෝජනය කරන සියලුදෙනාට අවශ්‍ය වන්නේ මැතිවරණ දිනය කවදද ? එයින් ආණ්ඩුව පිරිහෙන්න ඕන. එයයි විපක්ෂයේ යෝජනාව. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් සිටිනවා විපක්ෂය නියෝජනය කරන නොයෙක් මත දරණ පිරිස් සිටිනවා. ඒ විදිහට ආණ්ඩුව ගෙනියන්න ගියොත් ආණ්ඩුවක් ගෙනියන්න වෙන්නේ නෑ. නායකයෙක් විදිහට සුභවාදි ලෙස ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? අසල්වැසි රටවල් එක්ක ජාත්‍යන්තර සමඟ කටයුතු කරන්නේ කොහොමද? කියලා ඒ සියලු දෙනත් එක්ක අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම තමයි පැහැදිලිව කළයුතු වෙන්නේ.
විපක්ෂ නායකවරයා විවේචනය නැතිව වැඩපිළිවෙළක් තිබෙනවානම් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. බොරුවට ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන ජනතාව රවට්ටන්න එපා. ”යැයි මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.