27 April 2024
#දේශීය

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරනවා – ඇමති ප්‍රසන්න

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එමෙන්ම ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *