• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ඊලග ජනපති කියලා අපී කිව්වේ නෑ .. බැසිල් මේ රටේ නායකත්වයට ඉතාමත් සුදුසු පුද්ගලයෙක් – මන්ත්‍රී සාගර

11 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කෙරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකතු වී බවත් ඊළඟ ජනාධිපතිවරයා එතුමා බව අපි තීරණය කර නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා මේ රටට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “නොබෝ දිනකින් ලබාන්නාවු සිංහල දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ පාක්ෂිකයින්ටත් සමස්ථ ශ්‍රී ලංකාවාසි ජනතාවටත් සතුට සාමය සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දදක් වේවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙමුණ වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල බොහෝ සේ සාකච්ඡාවට බදුන්වෙලා තිබෙනවා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හේතුව වුණේ මෙතෙක් ලංකාවේ පවතින ත්‍රස්ත විරෝධි පනත තුළ ඇතිවී තිබෙන කරුණු ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් එකඟ නෑ කියන මතයක් ඇති වීම තුළ තමයි අලුතින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්න යෝජනා කළේ. මේ පනත තාම ඉදිරිපත් වෙලා නෑ. නමුත් දැනට අපි දන්න කරුණු මත රටේ ඒ සම්බන්ධයෙන් ලොකු අන්දෝලනයක් ඇතිවෙලා තිබෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කරන්නාවු හෝ බාධා කරන්නා වූ කිසිදු පනතකට එකඟ වන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදිව තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ජනතා සතු අයිතිය කිසිදු ආකාරයකින් මඟහවුරන්නාවු ද බාධා කරන්නාවු කිසිදු නිතියකට පනතකට අපි පක්ෂයක් විදිහට එකඟ නෑ. මීට කලිනුත් අපි ප්‍රකාශ කර පරිදිම මෙම පනතේ ත්‍රස්තවාදි ක්‍රියාව නිර්වචන කිරීමේ දී කිසියම් වූ සීමාවන් පැනවිය යුතුයි කියන අදහසේ අපි දැඩිව ඉන්නවා. සෑම ක්‍රියාවක්ම ත්‍රස්තවාදි ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරිමේ හැකියාවක් පනතෙන් එනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදි ජන සමාජයකට සුදුසු නෑ. ඒ වගේම අපි ඊයේ මාධ්‍යවලින් දැක්කා මෙම පනත ගෙන එන අධිකරණ අමාත්‍යවරයාටවත් මේ පනත සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බවයි පෙනි යන්නේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පනත ගෙන එන අමාත්‍යවරයාටවත් විශ්වාසයක් නැතිනම් මෙය නැවත සමාලෝචනය කරලා මේ පනත සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටුවක් පත් කරලා සොයා බැලීමක් කරලා ප්‍රජාතන්ත්‍රවාදි විදිහට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන ඒමට කටයුතු කරන්න කියලා. රජයක් විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට ඒ පනත ගැන විශ්වාසනීයත්වයක් පනත ඉදිරිපත් කරන රජයට තිබීම තමයි ප්‍රධානම කාරණය. එවැනි විශ්වාසයක් නැතිනම් එවැනි පනතක් ගෙනායුතු නැති බවයි අපේ මතය. මේ දිනවල බොහෝ පිරිස් අපි දකිනවා අපේ පක්ෂයට පරිබාහිර පිරිස් කතා කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩවෙලා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම පාවිච්චි කරලා ඡන්දය එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බෙදීමක් තිබුණට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ ගමේ ඉන්න පාක්ෂිකයන්ගේ බෙදීමක් නෑ. පහුගිය දවස්වල අපි ගම්වල සංචාරය කළා. පක්ෂයේ සාකච්ඡා පැවැත්තුවා. එයින් අපිට හොඳින් පෙනිගිය කරුණක් තමයි අපේ පාක්ෂිකයා ඉන්නේ පක්ෂය සමඟයි. පාර්ලිමේන්තුවට ආපු කිහිපදෙනෙක් මේ පක්ෂය සමඟ නැති වුණාට එය අපිට ප්‍රශ්නයක් නොවේ. මේ රටේ තිබිච්ච යුද්ධය නිම කරන්න මේ රටේ හැකිවුණු එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම මේ රටේ නිදහසෙන් පස්සේ පවතින සංවර්ධනයක් ගෙනාපු නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා මේ රටේ ගම්බද ජනතාව වෙනුවෙන් මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාව යටතේ එතුමා මේ රට දියුණු කරන්න එතුමාගේ ප්‍රතිපත්තිය වුණේ හැමදාම මේ නාගරික ජනතාවට හැම රජයකින් කරපු සැලකීම් විතරක් නොවේ මේ රට නගා සිටුවන්න නම් මේ රටේ ගම්බද දිළිඳු අහිංසක ජනතාව නඟා සිටුවන්න ඕන කියන මතය ගෙනල්ලා මේ රටේ සියලුම ගම්බද ජනතාවට විදුලිබලය දෙන්න කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ ජිවන තත්වය නඟා සිටුවන්න කටයුතු කළා. ඔවුන්ට අලුතින් පාරවල් හදලා දුන්නා. දිළිඳු ජනතාවගේ ජිවන තත්වය නඟාසිටුවලා එතුළින් රට සංවර්ධනය කිරීමේ මහා සැලැස්මක් ඇති කරලා එය සාර්ථකත්වයට පත්වුණා. මෙවැනි නායකයෙකුගේ ප්‍රතිපත්ති මත බිහිවෙච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ වගේම ඒ ප්‍රතිපත්ති තුළින් තමන්ගේ ජිවිතයට ශක්තියක් ලබාගත් මේ රටේ ජනතාව අදට අපේ පක්ෂය සමඟ ඉන්නවා. ඒ ජනතාව කවදාවත් අපිව අතාරින්නේ නෑ. ඔවුන්ගේ පරමාදර්ශි නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඔහුගේ ප්‍රතිපත්ති මත ගොඩනැගුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අපේ මේ ආදරණිය පක්ෂය සමඟ තදින් බැදිලා ඉන්නවා. ඒ නිසා කිසියම් කෙනෙක් ප්‍රකාශයක් කරනවා නම් පක්ෂය දෙකඩවෙලා කියලා පක්ෂය දෙකඩවීමක් නෑ. ජනතාව පක්ෂය සමඟ ඉන්නවා. නමුත් අවස්තාවාදි දේශපාලනඥයෝ කිහිපදෙනෙක් පක්ෂයෙන් වෙන්වි ගිහින් තිබෙනවා. එපමණයි තිබෙන වෙනස.

කංචන විජේසේකර ඇමතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත් සළකා බැලිමට සුදුසුයි කියලා. ඒ ප්‍රකාශයේ කිසිදු වරදක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැනටත් ජනාධිපති කෙරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතුවෙලා. එතනින් කියන්නේ නෑ අපේ පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරයා එතුමා වෙනවා කියලා. එහෙම දෙයක් එතුමා කිව්වේ නෑ. මේ ජනාධිපතිවරණයක් කතා කලයුතු සුදුසු අවස්ථාවක් නොවේ. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වන්නේ 2024. එකම කාරණයක් කියන්න ඕන අපි පක්ෂයක් හැටියට ඊලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා නෑ. අපිට අවශ්‍ය නම් අපේ පක්ෂයේ ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි සුදුසු අපේක්ෂකයින් අපි සතුව ඉන්නවා. අපි මේ රටට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කාලයේදී මිසක් දැන්ම ජනාධිපතිවරණ අපේක්ෂයෙක් නම් කරලා රටට අනවශ්‍ය ප්‍රශ්නයක් හෝ රටට අනවශ්‍ය කතිකාවක් ඇති කරන්න සූදානම් නෑ. මේ අවස්ථාවේ මේ රටට අවශ්‍ය මේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යාම මිසක්, කල්ගිය පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් ලබාගැනීම මිසක් ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳව කතා කිරීම නොවේ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙලාවේ කටයුතු කරනවා. ඒ අපේක්ෂකයා මේ රටේ යුද්ධය තිබ්බ අවස්ථාවේ යුද්ධය නිමා කළහැකි නායකයෙක් මේ රටට බිහි කළා. මේ රටේ ආර්ථිකය කඩා වැටිලා තිබෙන අවස්ථාවේ ආර්ථිකය නංවන්න පුළුවන් නායකයෙක් බිහි කළා. ආරක්ෂාව කඩාවැටිලා තිබෙන අවස්ථාවේ ආරක්ෂාව ගොඩනංවන්න පුළුවන් නායකයෙක් බිහි කළා. ඒ වගේම මේ රට නවීන ලෝකයේ එක්ක ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් රටක් බවට පත් කරන්න පුළුවන් දැක්මක් ඇති නායකයෙක් බිහි කිරීමයි. එවැනි නාකයෙකු අපි සතුව ඉන්නවා.

බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක්. එතුමා තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක්. යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ලබාගත්ත නායකයෙක් . ඒ වගේම යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා ඒ අවශ්‍ය සියලු කටයුතු කරලා ලංකාව ලෝකයේ සීග්‍රයෙන් දියුණුවෙන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට කටයුතු කළ නායකයා. ඒ වගේම උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් ගෙනගිය නායකයා. මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම අදුරගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත්ත නායකයෙක් හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටට ඉතා සුදුසු නායකයෙක්. එතුමාට විරුද්ධව පහුගිය කාලයේ බොරු චෝදනා කළා. එතුමා සම්බන්ධයෙන් සොයා බලන්න වෙනම අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා ඒ කමිටුවෙන් නඩු දැම්මා. ඒ නඩුවලින් එතුමා නිර්භයව මුහුණදිලා ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වුණා. එවැනි නායකයෝ අපි සතුව ඉන්නවා. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

අද ඇත්තේ අධ්‍යාපන මර උගුලක් – විපක්ෂ නායක සජිත්

Next Post

නාවික හමුදා වෙඩි තැබීමේ ජාතික ශූරතාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

editor

editor

Next Post

නාවික හමුදා වෙඩි තැබීමේ ජාතික ශූරතාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved