27 April 2024
#දේශීය

අද ඇත්තේ අධ්‍යාපන මර උගුලක් – විපක්ෂ නායක සජිත්

රටේ අධ්‍යාපනය නූතනයට ගැලපෙන පරිදි නූතනවාදී නොවීමේ ඛේදවාචකය රටක් ලෙස අද  අත්විඳින බවත්,එය එක් අතකින් අධ්‍යාපන මර උගුලක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ හොරුව්පතාන වීරසොලේ මුස්ලිම් මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටේ අධ්‍යාපනයේ යාවත්කාලීන කිරීමටත් නූතනවාදී තත්වයට ගැලපෙන ලෙස උසස් කිරීමටත් සමගි ජන බලවේගය සතුව වැඩපිළිවෙළක් ඇති බව පැවසූ හෙතෙම එය ලෝකයේ නවීනතම සහ උසස්ම අධ්‍යාපන ක්‍රමවේද හා සංසන්දනය කළ හැකි බවද පැවසීය.

මේ රටේ 10,000කට වැඩි පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කිරීම සිය ඒකායන අරමුණ බව පැවසූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් කළ හැකි සියලු ක්‍රියාමාර්ග ඉටුකරන බවද පැවසීය.

අපේ රටේ බෙදීම් රේඛාවන් ගණනාවක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ආගම් වශයෙන්,ජාතීන් වශයෙන්,දුප්පත් පොහොසත් වශයෙන්,නැති බැරි ඇති හැකි වශයෙන් විවිධාකාර ලෙස බෙදී ඇති බවද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *