• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ආයතන ජනාධිපතිවරයාගේ පාලනයට… එකට අපි එකඟ නෑ – මහලේකම් සාගර

20 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන 02 ම අද පටන් වක්‍රාකාරව ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය හැකි තත්වයක් නොවන අතර මෙම තත්වය වෙනස් විය යුතු බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “සමාජයේ තිබෙන ලොකු කථිකාවතක් තමයි ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක බලය විමධ්‍යගත කිරිම කියන කාරණය. පළාත් පාලන ආයතනයක බල සීමාවක සිටින ජනතාවගේ එදිනෙදා කටයුතු, ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය, විවිධ කාරණ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න හදලා තිබෙන බලය විමධ්‍යගත කිරීමේ කුඩාම ඒකකය තමයි අපේ රටේ පවතින පළාත් පාලන ආයතන. අපේ රටේ මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. මේ පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ මහජතාව පත් කරගත්ත නියෝජතයින් හරහා නොවේ. එය ප්‍රජාතන්ත්‍රි විරෝධි ක්‍රමයක්. නමුත් අද පළාත් සභා වලට වෙලා තිබෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරපු ආණ්ඩුකාරවරු 09 දෙනෙක් පළාත් සභා පාලනය කරනු ලබනවා. මෙය ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් නොවේ. මෙයට විරුද්ධව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැමදාමත් කතා කරනවා. අපි කියන්නේ පළාත් සභාව පවත්වාගෙන යනවා නම් මහජන නියෝජිතයින් හරහා ක්‍රියාත්මක විය යුතුයි. මහජනතාවගේ මතයක් තිබෙනවා පළාත් සභා නෑ කියලා මේ වන විට. ඇත්තටම පළාත් සභා තියෙනවා. සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. පළාත් සභා ඒ ආකාරයෙන්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එහි වෙනස තීන්දු තීරණ ගන්නේ ජනතා නියෝජිතයින් නොවීම පමණයි. මේ වගේම තත්වයක් දැන් පළාත් පාලන ආයතන අද ඉදන් පාලනය වනු ලබන්නේ රජයේ නිලධාරින් හරහා. මේ ආයතන නිර්මාණය වෙලා තිබෙන්නේ ප්‍රදේශයේ මහජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත්කරනු ලබන ඔවුන්ගේ නියෝජිතයින් හරහා පාලනය වීම සඳහා.නමුත් ඒ තත්වය අද ඉදන් වෙනස් වෙනවා. අපි දැක්කා 2016 දි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පළාත් පාලන ඡන්දය කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව කල් දැමුව අවස්ථාවේදී මේ රටේ විවිධ ව්‍යසනයන් ඇතිවුණා. ප්‍රධාන නගරවල කුණු කසළ එකතුවෙලා කොළඹ නගරයට සහ විවිධ නගර වලට පය තබන්න බැරි ගඳගහන තත්වයක් ඇති වුණා. මෙවැනි තත්වයක් ඇති වුණේ පළාත් පාලන ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු නිසා. ඒ කාලයේත් කොමසාරිස් සහ ලේකම්වරුන්ගේ පාලනයක් තිබුණ නිසා ඔවුන්ට අවශ්‍ය නෑ ජනතාවගේ සිතුම් පැතුම් අනුව පාලනය කරන්න. ඔවුන් මාස අන්තිමට වැඩ කරත්, නොකරත් වැටුප් ලැබෙනවා. ඒ අනුව ඔවුන් කිසිවෙකු වගකීමකට බැදෙන්නේ නෑ. ඒ අවස්ථාවේ නිසි පාලනයක් තිබුණේ නෑ. ඒ නිසා මේ රටේ සෞඛ්‍ය තත්වය මේ වගේ මහා විනාශකාරි තත්වයන්ට ඇවිල්ලා අපි මෙයට විරුද්ධව පාරේ අරගල කරලා නඩු පවරලා ලොකු අරගලයකින් පසුව තමයි අපිට 2018 පළාත් පාලන ඡන්ද විමසීම ලබා ගන්න පුළුවන්වුණේ. නමුත් අද නැවතත් පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් නොමැතිව කටයුතු කරන පළාත් පාලන ආයතන බවට පත්වෙලා තිබෙනවා. ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටවා ඇති ප්‍රධාන ආයතන 02 ම අද පටන් වක්‍රාකාරව ජනාධිපතිවරයාගේ පාලනයට නතු වෙනවා. මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසි කෙනෙක්ට වැළඳගන්න පුළුවන් තත්වයක් නොවේ. මේ තත්වය වහාම වෙනස් විය යුතුයි. රජය විසින් හැකි ඉක්මණින් ඒ අදාල මුදල් ප්‍රතිපාදන සොයාගෙන ප්‍රමුඛතාවයක් ලෙස සලකා මේ පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුයි. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රටට ප්‍රකාශ කරන්න කවදද මේ ප්‍රතිපාදන ලබා දෙන්න පුළුවන් කියලා. මේ ඡන්ද විමසීම අප්‍රමාධව පවත්වන්න කියලා ඉල්ලීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි කරනවා. ඡන්දයකදි වැදගත් වන්නේ ජනතාවගේ මතය ඉදිරිපත් වීම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ රටට ආදරය කරන ජනතාව අදටත් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කියා. පහුගිය කාලයේ ලෝකයේ ඇතිවෙච්ච ගෝලීය ව්‍යසනයක් මත අපේ රටට පමණක් නොවේ ලෝකයේ රටවල් වලින් භාගයකට වැඩි ප්‍රමාණයක් ආර්ථිකය වශයෙන් කඩා වැටුණා. ඒ ගෝලීය ආර්ථික අර්බුදයේ කොටසක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් පත් වුණා. මේ ආර්ථිකය කඩා වැටුණේ මේ රටේ ජනතාවට අහිතක් කරන්න නොවේ. මේ රටේ ජනතාවගේ ජිවිත බේරගන්න අවුරුදු 02 කට ආසන්න කාලයක් මේ රට වසා තැබීම මත මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. අපි එය පිළිගන්නවා. නමුත් මේ රටට ආදරය ‍කරන ජනතාව දන්නවා මේ රටේ ආර්ථිකය කඩා වැටුණේ ඇයි කියලා. මේ තත්වය යටතේ අපි පක්ෂයක් හැටියට කිසිසේත්ම පැකිලෙන්නේ නෑ ජනතාව ඉදිරියට යන්න. අනිවාර්යෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් තියන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියන ඒ පණිවිඩයත් ලබාදෙන්න කැමති. ”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

ෂාලිය සිල්වා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරීත්වයට

Next Post

රජය ගෙවිමට තිබු බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් – රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

රජය ගෙවිමට තිබු බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් - රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved