27 April 2024
#දේශීය

රජය ගෙවිමට තිබු බිල්පත්වලින් 65%ක් ගෙවා අවසන් – රාජ්‍ය අමාත්‍ය රංජිත්

වත්මන් රජය බලයට පත් වන විට ගෙවීමට තිබූ බිලපත්වලින් 65%ක් ගෙවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එය 2022 වසරේ අගෝස්තු මස 31 වන විට රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බව හෙතෙම පැවසිය. එසේම අද (20) වන විට එම බිල්පත්වල වටිනාකමෙන් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 126.6ක මුදලක් පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රට අදාළ රුපියල් බිලියන 41.8ක බිල්පත් පමණක් ගෙවීමට ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අභියෝග රාශියක් මත රජය මෙම පියවර ගත් බවයි. බිල්පත් ගෙවා දැමීමේ දී කිසිදු ප්‍රමුඛත්වයක් කිසිවකුටත් ලබා නොදෙන අතර කල් ගත වූ බිල්පත් පළමුව පියවීමේ ප්‍රතිපත්තිය මත පමණක් රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *