• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය කල් දාන්න අපි අනුබල දෙන්නේ නෑ – මහලේකම් සාගර

16 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු ආකාරයකින් මැතිවරණ කල්දැමීමේ සූදානමක් හෝ එවැනි කාරණයකට ආධාර අනුබලදීමේ හෝ උදව් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “මේ දිගින් දිගටම මේ සමාජයේ කතිකාවතක් ගොඩනැගෙමින් පවතිනවා මැතිවරණ කල්දැමීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන්. වි‍ශේෂයෙන් ජනාධිපතිවරණය සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට උත්සහ දරනවා කියන මතයක් සමාජගතවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි කිසිවිටෙකත් මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් එකඟවන්නේ නැහැ. අපි ඉතාම දැඩිව පක්ෂයක් හැටියට ඉන්නවා නිසිකලට හෝ නිසිකලට ප්‍රථමව මැතිවරණ පැවැත්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදි රටක මහජනතාවට තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමන් කැමති පාලකයින් පත්කර ගැනීමේ අයිතියට හානිකර කිසිවක් නොකළ යුතුයි කියන දැඩි මතයක පක්ෂයක් හැටියට අපි ඉන්නවා. ඒ නිසා කිසිදු ආකාරයකින් මැතිවරණය කල්දැමීමේ සූදානමක් හෝ එවැනි දේකට ආධාර අනුබලදීමේ හෝ උදව් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නැති බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමති. පසුගිය කාලයේ අපේ පක්ෂයට ඉතාම දැඩි නිර්ධය ප්‍රහාරයන් එල්ල වුණා. පදනම් විරහිත විවේචන, චෝදනා එල්ල කළා. නමුත් අපි කියන්න ඕන ලෝකයේ රටවල්වල කොවිඩ් හැදිලා ලක්ෂ ගණන් ජනතාව මිය යද්දි මේ රටේ ජනතාවට තමන්ගේ ගෙවල්වලට ආහාර පාන ලබාදෙමින් ඔවුන්ව ආරක්ෂා කරලා ඒ සියලු කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය නිසා තමයි අද සමාජ මාධ්‍යවල මෙවැනි දෙයක් ලියන්න හරි ඔවුන්ගේ ජිවිත ඉතුරුවෙලා තිබෙන්නේ කියලා මතක් කරන්න ඕන. අපේ පක්ෂය ප්‍රතිබලගැන්වීමේ ක්‍රියාදාමයක් පහුගිය කාලයේ දියත් කළා. එය මේ වනකොට ඉතා සාර්ථක මට්ටමකට පැමිණිලා තිබෙනවා. මුලින් අපි ආසන මාලාවක් පැවැත්තුවා අති සාර්ථක ලෙස. අපේ පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත්ව ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තිමත් අඩිතාලම, ශක්තිමත් සංවිධාන ජාලය පිහිටුවා ගනිමින් ඉදිරියට යනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළින් අපේ පක්ෂයට මඩගහන, බොරු විවේචන එල්ල කරන සියලු පුද්ගලයින්ට කියන්න ඕන ඔබලා මුහුණ පොතේ, සමාජ මාධ්‍යවල මොනදේ කිව්වත් සියලු සංවර්ධන කටයුතු කරපු පක්ෂයේ නායකයින් ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව. ඒ වගේම මේ රටේ දේවල් විනාශ කරපු පිරිස සිටින්නේ මේ විවේචනය කරන කොටසත් සමඟ කියන එක මේ රටේ තරුණයින්ට අවබෝධ වනකොට ඔවුන් වඩ වඩාත් අපේ පක්ෂය සමඟ දැඩිව සම්බන්ධ වෙනවා. අපි කිසිදු ආකාරයකින් මැතිවරණයකට මුහුණදීමට බය නැහැ. අපි බලාපොරොත්තුවෙමින් ඉන්නවා ඉතා ඉක්මණින් මැතිවරණයකට මුහුණදිලා අපේ පක්ෂයේ ඇති ශක්තිය රටේ ජනතාවට පෙන්වා දීමට. ” යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේය.

Post Views: 4
Previous Post

INSEE Ecocycle තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග අත්වැල් බැඳගනී

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි 20 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

editor

editor

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි 20 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved