• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ආයෝජනය කළේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙනුයි – විපක්ෂනායක සජිත්

29 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (29) සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙිමිනි. මේ බස් රථයත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථ 76ක් බෙදා දී තිබේ.

විපක්ෂයක් ලෙස මේ සියලු කටයුතු සිදු කරන්නේ තනතුර තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වන බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මැවුවත් ජනතාවට දෝහි වී බලය ලබා ගැනීමට කිසි දින සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අද දවසේ ප්‍රකාශයට පත් වූ පුවත්පත්වල සිරස්තලයක් දැකීමෙන් තමා සතුටට පත්වූ බවත් එහි සඳහන්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසා රටේ මුදල් නාස්ති කරන බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවත් එය දැකීමෙන් තමා සතුටට පත් වූ බව හෙතෙම කියා සිටියේය.

තමා පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ පිපාසයෙන් පෙළෙන, බඩගින්නෙන් පෙළෙන, වගාවට ජලය නොමැති ජනතාව ගැන, පාසල් සිසුන් ගැන, මත්ද්‍රව්‍ය ප්‍රශ්න ගැන බවත් මේවා ගැන කතා කරන විට බොහෝ අයට රිදෙන බවත් මේ ප්‍රශ්න කතා කරන්නේ රජයේ අවධානය යොමු කර විසදුම් ලබා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේවා පෙන්වා දීම පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් නොවන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි විපක්ෂ මෙන් ආණ්ඩුවෙන් කොමිස් කුට්ටියක් අරගෙන ආණ්ඩුවට පහර නොගා ඩීල් දේශපාලනයේ නියැලුනේ නැති නිසා මෙවැනි චෝදනා එල්ල කරන බවත් ය.

තවද පසුගිය කාලයේ සිදුවූ පානීය ජල ගැටලුවේදී ජාති ආගම් භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහන සලසන්න ලෙසත් ඒ සදහා ආණ්ඩුවට හැකි පමණ සහයෝගය ලබා දෙන බවට පැවසූ විට සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති මවමින් සජිත් රනිල් ඩීල් එකක් බවට ව්‍යාජ ප්‍රවෘත්ති මැවූ බවත් තමාට රනිල් සමඟ ඩීල් ගහනවා වෙනුවට පසුගිය කාලයේ ගෝඨාභය සහ රාජපක්ෂ පවුල හා එක්ව ඩීල් එකක් ගසා කෙලින්ම ජනාධිපති විමට හැකියාව තිබූ නමුත් එවැනි ජනවරමක් නොමැති තනතුරක් බාර නොගත් බවත් යම් දිනක එවැනි තනතුරක් ලබා ගන්නේ ජනතා ආශිර්වාදයෙන් ජනතා විශ්වාසයෙන් හා ජන වරමකින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට දැය වෙනුවෙන් සේවයක් කරන්නේ තනතුරු අපේක්ෂාවෙන් නොවන බවත් මේ තනතුරු සූදුවෙන් අප රට මිදිය යුතු බවත් ජනාධිපති හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මාලිගා ඇතුළේ සිදු කරන ඩීල් දේශපාලන සංස්කෘතිය අතුගා දැමිය යුතු බවත් පැවසීය.

එසේම සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජයට උදව්වක් සිදු කරන්නේ තනතුරු තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් විපක්ෂයේ සිට ජනතාවට සේවය කිරීම අරමුණු කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම රටේ විවිධ පක්ෂවලට හිතැති අයිති මාධ්‍ය හරහා 2019 මෙන් රටේ ජනතාව අන්දවන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් සත්‍ය ජනතාවට දැන ගැනීමට සිදු නොකරන බවත් ඔවුන් පැවසීය. මේ වන විට රටේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා 136ක් සිටිය යුතු රටේ සිටින්නේ 76 දෙනකු බවත් තව 15ක් සේවය අතහැර යාමට සූදානම් බවට වාර්තා වන බවත් එසේ වුවහොත් බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පවා වසා දැමීමට සිදු වන බවත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විසදුමක් ලබා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ සත්භාවයෙන් බවත් තමා ඇතුළු පිරිස 75 වසරක දේශපාලන සංස්කෘතිය වෙනස් කළ බවත් පැවසීය.

සක්වල හා හුස්ම වැඩසටහන් ගැන ආණ්ඩුව බුද්ධිමත්ව සිතුවහොත් රජයට ඉන් සහන ලැබෙන බවත් එය රජයට වාසිදායක බවත් රජයට ඇති ප්‍රශ්න අඩු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා මේ වැඩසටහන් දියත් කරන්නේ රජයට පහසු වීම අරමුණු කර ගෙන නොව පාසල්වල හා රෝහල්වල දියුණුව අරමුණ කර ගෙන බවත් පැවසීය.

එමෙන් ම මූල්‍ය බංකකොලොත්භාවයට අමතරව අද වන විට අප රට ලෝකයේ බලවතුන්ගේ කොටස් කඩා ගැනීමේ රාජ්‍යයක් බවට පත් වී ඇති බවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අප රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමාන දේශපාලනයේ සම්ප්‍රදානුකූල සංස්කෘතිය අනුව තහනම් වචනය ප්‍රසන්න රණතුංග වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා යල්පැනගිය පරණ රාමුවකට සීමාවූ මජර දේශපාලන සංස්කෘතිය අනුගමනය පුද්ගලයක් නොවන බැවින් තමා හා කෙතෙක් තර්ක විතර්ක සිදු කලත් රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය ගොඩ නැගීමට එවක මහඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ඒ කාර්ය ඇගයීමකට ලක් කරන බවත් පැවසීය.

මේ වන විට හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900.00 මුදලක සෞඛ්‍ය උපකරණ ද සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 76කට රුපියල් ලක්ෂ 50 බැගින් බස් රථ ලබා දීමට රුපියල් 369,200,000.00 මුදලක් සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රුපියල් 29,033,650.00 මුදලක් වැය කරන ලදී.

Post Views: 1
Previous Post

ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා ගෙවිම් ආරම්භ කෙරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම කඩිනම් කරන්න – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම කඩිනම් කරන්න - සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved