27 April 2024
#දේශීය

රට පවතින ව්‍යයසනයෙන් ගැලවීම සදහා ජාතික අර්බුද න්‍යායපත්‍රයක් අවශ්‍යයි- රවි කුමුදේශ්

නිශ්චිත කාල රාමුවකට අදාල නිශ්ච්ත වැඩ පිළිවෙලක් සදහා සර්වපාක්ෂික ආණ්ඩුවක් වහාම නිර්මාණය කිරීම සියළු දේශපාලකයින් මත පැවරී ඇති අනිවාර්ය වගකීමක් බව මහජන සභාව සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ එම වගකීම ඉටු නොකරම්න්, තවදුරටත් බල අරගලයක යෙදී සිටින දේශපාළකයින් ඉතිහාස ගත වන බවයි.

මහජන අරගලයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් සදහා විවර කර ගත් ඉඩකඩ වර්තමාන අගමැතිවරයා විනාශ කල බැවින්, අර්බුධය ව්‍යසනයක් දක්වා පරිවර්තනය කිරමේ වගකීම ඔහු විසින් දැරිය යුතු බව හෙතෙම පැවසිය.

21 අද නොවේ හෙට කියමින් හිතාමතාම කල් දැමීම සැලසුම් සහගතව සිදු වන්නක් බවත් ශිෂ්ඨ සම්පන්න පාලනයක් සදහා රට සූදානම් නැති බව එයින් අප රටක් ලෙස තහවුරු කර තිබෙන බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *