27 July 2024
#දේශීය

ලබන අවුරුද්දේ ඕනම ඡන්දයකට අපි සුදානම් – එජාපය 

ලබන වසරේ පැවැත්වෙන  ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඉදිරියේදී අගමැති කමිටුව හරහා සම්මත වන  මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්  සියලූදෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතු බව  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙම  අදහස්   ප‍්‍රකාශ කලේ වතුකම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක අයිතිය ලබාදීමේ ,හරිත භුමි , වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස මහනුවර පුපුරැුස්ස ලෙවලන් වතුයායේ සහා නාවලපිටිය ගලබොඩ වත්ත වතු යායේ වතුකම්කරු පවුල් 800 කට අධික ප‍්‍රමාණයක් ස`දහා ඉඩමක අයිතිය ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන්. 

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ලබන වසර අවසන් වන්නට  පෙර ජනාධිපතිවරණයක් එනවා.ඊට කලින් පළාත් සභා මැතිවරණය එනවා ,ඒ   ඕනෑම මැතිවරණයකටම මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂය අපි සුදානම් .අපි මැතිවරණ වලින්  පැනල යන්නේ නෑ .අද වනවිට පවතින මැතිවරණ ක‍්‍රමය ගැන ආරවුලක් තියෙනවා පසුගියදා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ පවතින සීමා නීර්ණය කිරීමේ  ක‍්‍රමයට විරුද්ධ වුණා .ඒ නිසා ඒකට විසදුමක් සොයන්න අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා කටයුතු කරනවා.පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මතයට සියලූ දෙනා ගරු කල යුතුයි.සම්මත වන මැතිවරණ ක‍්‍රමය එය සියලූ දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුය ” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.   

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වේලූකුමාර් ,ඇතුලූ වතු අධිකාරිවරුන්  ඇතුලු  විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *