• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් පාස්කු ප්‍රහාරය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා – මන්ත්‍රී නිරෝෂන් 

10 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ලබාගැනීමට විපක්ෂය කටයුතු කිරීම හරහා රජය කලබල වී තිබෙන බවත් වැඩියෙන්ම පොහොට්ටුව නියෝජනය කරන පිරිස් කලබලවී තිබෙන බවත් විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නවත්වන්න නොහැකි බවත් ඒ මහතා හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේ පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා සහ පොහොට්ටුව ඇතුළේ කඹ ඇදිල්ලක් තිබෙන බවත් ඒ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ‘‘සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂන කඩිනම් කරලා පිලිගතහැකි විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශන වලට ජාත්‍යන්තර සහය ලබා ගන්නා ලෙසද පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් ජනාධිපතිවරයා සහ රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්න තිබෙනවා.ජනාධිපතියරයා ජර්මනියේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට ජාත්‍යන්තර සහය ලබා ගන්න ජනාධිපතිවරයා 2022 දී පොරොන්දු වුණා. නමුත් අවුරුද්දකට පස්සේ ජනාධිපතිවරයාගේ එම තීරණය වෙනස් වෙලා තිබෙනවා. රටේ නීතිය අනුව එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න බැ කියලා නීතියක් දාන්න හදනවා. නමුත් 1993 ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහය ඇතිව ඒ විමර්ශන කරලා තිබෙනවා. ඇමෙරිකාව ,පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා කර තිබෙනවා. ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශ කරන්නෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති වාර්තා ජනනාවට පාර්ලිමේන්තුවට ලබානොදී හංගගෙන සිටීමෙන් අපට පෙනෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්න ආණ්ඩුව උත්සහ කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් ආණ්ඩුවේ තියාගෙන ඔවුන් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන වෙනවා.ජනාධිපතිවරයාට ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණ නවත්වන්න පුලුවන් තව අවුරුද්දකට. නව රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඒ සඳහා පොරොන්දුවක් ලබාදීලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ලබාගැනීමට විපක්ෂය කටයුතු කිරීමෙන් රජය කලබල වෙලා තිබෙනවා. පොහොට්ටුව තමයි වැඩියෙන් කලබලවෙලා තියෙන්නේ. ඔවුන්ටත් මේ ගැන චෝදනා එල්ල වෙලා තියෙනවා. විපක්ෂයට මඩ ගහලා මේ පරීක්ෂණ නවත්වන්න බෑ. පොලිසිය ඇතුළේ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. තාම හිටපු පොලිස්පතිවරයාට සේවා දිගු ලබාදෙමින් පොලිසිය ඇදගෙන යනවා. මේ හරහා පොලිසියේ දැඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ නිසා පාතලය හිස ඔසවලා තිබෙනවා. පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා සහ පොහොට්ටුව ඇතුළේ කඹ ඇදිල්ලක් තිබෙනවා. ඒ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අයි එම් එෆ් නිලධාරීන් සමගි ජන බලවේගය හමුවුණ අවස්ථාවේ ප්‍රකාශ කළා රටේ වංචාව හා දූෂණය ඉවර කරන්නේ නැතිව රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව රටේ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ නැතිව රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියලා. අයි එම් එෆ් නිලධාරීන් රජයට අලුතින් කාරණා 16 ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණා 16 ඉටු කරන්න කියලා අයි එම් එෆ් ආයතනය රජයට කොන්දේසි දාලා තියෙනවා. ලංකාවේ දූෂණය සහ වංචාව යන කාරණය විශාල ප්‍රශ්නයක් බව අයි එම් එෆ් ආයතනයත් පිලිගෙන තිබෙනවා. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ගැනත් අයි එම් එෆ් අවධානය යොමු කරලා තියෙනවා. ඩිජිටල් ක්‍රමවලින් සහ යම් යම් කාරණා සරල කිරීමෙන් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවන්න කියලා අයි එම් එෆ් ආයතනය රජයට කියලා තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම වැදගත් වන බව අපි රජයට පෙන්වා දෙනවා. පැරිස් ක්ලබ් ඇතුලු විදෙස් රටවලින් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම් වලට යම් එකඟතාවයක් තිබුණත්. චීනය ඒ සඳහා එකඟනොවන තත්ත්වයක් පෙනෙන්ට තිබෙනවා. විදෙස් ණය සියයට 30 කින් කපා දැමීම / විදේශ ණය ගෙවීම කල් දැමීම / විදේශ ණය රුපියල් වලින් ගෙවීම යන යෝජනා ගැන චීනයේ ප්‍රසාදයක් නැති බව වාර්තා වෙනවා. මාස දෙකක කාලයක සිට චීනයේ ශ්‍රී ලංකා තානාපතිකෙනෙක් නෑ. චීනය සමඟ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම වැනි වැඩකටයුතු මේ වනවිට අසාර්ථ වන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මේය අසාර්ථක වුනොත් ආර්ථික බලපෑමක් එල්ල වෙන්න පුලුවන්. වෘත්තීය සමිති වැටුපු වැඩිවීමක් ඉල්ලා තිබුණා. නමුත් එන අයවැයෙන් වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුව බරපත ආදායම් එකතු කිරීමේ තත්ත්වයකට පත්වන බව අයි එම් එෆ් ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 1.2 ක ණයක් තියාගෙන තමයි පවත්වාගෙන යන්නේ. මහින්ද රාජපක්ෂ එමිරේට්ස් ගුවන් සේවය පන්නා දමා ශ්‍රී ලංකන් ගුවන් සේවය තමන්ගේ මස්සිනාට දුන්නට පස්සේ අද වෙන කන් පාඩු ලබමින් තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය / ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන ප්‍රතිව්‍යුහගත නොකර ඒවායේ බර තව තවත් ජනතාව මත පැටවීමට රජයට උත්සහ කරමින් සිටිනවා. මේ ආයතනවල අලාභය ගණනය කරලා ඒ අලාභයෙන් ජනතාවට බර පටවන්නේ කොහොමද කියලා තීන්දු තීරණ ගන්නවා පස්සේ ඒ අලාභය ජනතාවගේ බිලට එකතු කරනවා.” යැයි මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

මාතලේ නගර සභා‍වෙන් මහජන ගැටළු වෙනුවෙන් දුරකතන අංකයක්

Next Post

මෙරට සිටින ඊශ්‍රායලය ජාතිකයින්ට සිය මව් රටට යාමට උපකාර කල යුතුයි – ජනපති

editor

editor

Next Post

මෙරට සිටින ඊශ්‍රායලය ජාතිකයින්ට සිය මව් රටට යාමට උපකාර කල යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved