• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසරය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ – දුමින්ද දිසානායක කියයි

21 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරිසර විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ලෙස ඇඟිල්ල දිගු වන බවත් නිතී- රීතී උල්ලංඝණය කරමින් කවුරුන් හෝ වන සංහාරයන් සිදු කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න නිළධාරීන් හා දේශපාලන අධිකාරිය නායකත්වය ගත යුතු බවත් පරිසරය විනාශ වෙන්න අප ඉඩ දෙන්න පුලුවන්කමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ නිසා නිළධාරීන්ගේ පැත්තෙන් තමන්ට තියෙන චක්‍රලේඛණ හා නීතී රීතී අනුව කටයුතු කරන්න ලෙසත් ඒකට මැදිහත්වීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ (19) මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලු කැපීම හරහා විශාල පරිසර හානියක් සිදු වන බවට අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා කළ පැහැදිලි කිරීමට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී අදහස් දැක්වූ අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා කියා සිටියේ,

බොරළු කපන්නේ කැලෑ වල, අද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් ගන්න,මම මෙහෙට ඇවිත් මාසයයි, මම කිලෝ මීටර 300 ක් විතර ඈත පළාතක ඉඳලා ආවේ,මම මේක නවත්වන්න ගියොත් ඒක හරි දුෂ්කරයි,ලොකු ගැටීමක් ඇති වෙනවා,දේශපාලන අධිකාරියත් එක්ක මට ගැටීම් ඇති වෙන්න පුළුවන්, සාමාන්‍යය ජනතාවත් එක්ක ගැටීම ඇතිවෙන්න පුළුවන්, ගමේ ජනතාව සමඟ ගැටීම් ඇති වෙන්න පුළුවන්. මිහින්තලය පලුගස්වැව වෙල්ලාරගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් බොරලු කපනවා කැලෑ එළි පෙහෙළිකරමින්.

ඊට පිළිතුරු දුන් සභාපති, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

ඔබතුමන්ලා රජයේ නිළධාරීන් විදිහට ආණ්ඩුවේ ප්‍රථිපත්තියට අනුව රාජකාරී කරන්න,ඒකේදී දේශපාලනය බලන්නත් එපා, හිතවත්කම් බලන්නත් එපා,මිල මුදල් බලන්නත් එපා,ඒ සියලු දේ බලන්නේ නැතිව චක්‍ර ලේඛණ අනුව රාජකාරී කරන්න.එහෙම වැඩ කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සියල්ලටම අවසානයේ වගකියන්න වෙන්නේ නිළධාරීන්, පරිසර සංවිධාන හරි කවුරු හරි මේ ගැන විවේචනයක් කරන කොට අපි නෙමෙයි ඔබතුමන්ලා,

වැඩිදුරටත් අදහස් දැක්වූ අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා,

දැන් පස් කපලා පටවනවා, ඒ කරන්නෙත් කැලෑ ඉඩම් තුළ ඒ හරහාත් විනාශ වෙන්නේ මේ කැලෑ ඉඩම්.මෙහේ වන සංහාරය සාමාන්‍යය දෙයක් වෙලා,මට පෙනුන දර්ශනය,ඔහොම නෙමෙයි ගහක් දෙකක් කැපුවත් අපේ නිළධාරීන්ගේ වැටුපෙන් අය කර ගෙන තියෙනවා, චෝදනා පත්‍ර දීලා තියෙනවා.මෙහේ ගස් මිලියන ගණනක්.ඒ නිසා මේ සාමාන්‍යකරණය වෙච්ච වන සංහාරය තනියම නවත්වන්න උත්සහ කරනවා,නමුත් මට සැකයි සාර්ථක වෙයිදෝ කියලා ? ඉඩම් පරිහරණ කමිටුවේ මම අදහස් දැක්වූවාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ඉඩම් කීපයක පස් කපා ප්‍රවාහනය තාවකාලිකව අත්හිටවා තියෙනවා.හැබැයි ගම්වාසීන් කීපදෙනක් කිව්වා තාමත් යනවා කියලා.මම දන්නේ නෑ ඒක ඇත්තද? නැත්තද කියලා ? අපි සමාලෝචනයක් කරලා, මේ දීපු ටික සම්බන්ධයෙන් තීරණයක් ගමු.මට අලුතින් ඉල්ලුම්පත් ආවා ඒ එකක්වත් මම නිර්දේශ කරන්නේ නෑ,අපිට පරිභාහිරව වෙනත් ආයතනයකින් යන ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.

සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

පරිසර විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ලෙස ඇඟිල්ල දික් කරනවා, පරිසර විනාශයට අපි දායක වෙනවා කියලා.ඒ නිසා දේශපාලන අධිකාරිය ලෙස අපිට ලොකු වගකීමක් තියෙනවා මේ සඳහා පෙනී සිටීම.ඒ නිසා අපි කවුරුත් විරුද්ධ වෙන එකකුත් නෑ, නීතී- රීතී උල්ලංඝණය කරමින් කවුරුන් හෝ වන සංහාරයන් සිදු කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න කිසිම නිළධාරියෙක් හෝ දේශපාලන අධිකාරිය නායකත්වය ගත යුතුයි කියන එක තමයි මගේ යෝජනාව.එහෙම නැතිව පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා නිළධාරීන්ගේ පැත්තෙන් තමන්ට තියෙන චක්‍රලේඛණ හා නීතී රීතී අනුව ඔබතුමන්ලා කටයුතු කරන්න.ඒකට අපි මැදිහත් වෙන්නේ නෑ.යැයි පැවසීය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා,

භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් පස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශයක් ගන්නේ නෑලු මේ කඩිනම් පියවරක් ලෙස, ඒ කියන්නේ පරිසරය ගැන නොසලකා තමයි මේ දේවල් කෙරෙන්නේ. මම කියන්නේ සංවර්ධන ක්‍රියාවලීන් සිද්ධ වෙන්න ඕන, කිසිම ගැටලුවක් නෑ, නමුත් හදන පාරක් හෝ වෙන තැනක් නිසා විනාශ වෙන මේ පරිසරය අපිට වසර මිලියනයකින්වත් ගොඩ නගාගන්න බෑ. සංවර්ධන ව්‍යාපෘති වලට බාධා කරනවා නෙමෙයි මම,ඒවා කෙරෙන්න ඕන, විශේෂයෙන්ම ලංකාව වගේ ජෛව විවිධත්වය ඉහළින් තියෙන රටවල් තියෙන්නේ විසි ගණනයි,එතනදී අපි ප්‍රමුඛ තැන දෙන්න ඕන, අපිට මේ ස්වාභාවිකව ලැබිලා තියෙන මේ සම්පතට,ඒක විනාශ කරගෙන කරන සංවර්ධනය තිරසාර සංවර්ධනයක් නෙමෙයි.මිනිස්සුන්ට යම් පහසුකමක් සපයනවා නම් මේ පස් ටික කපලා පරිසරය විනාශ කරලා, පාරක් හදලා තව අවුරුදු 25-30 කින් හෝ 50 කින් ඉදිරි පරම්පරා දෙක තුනට අර පාරක් ලබා දීලා සහනයක් දුන්නාට වඩා ගොඩනගන්න බැරි, පිළියම් යොදන්න බැරි අර්බුධ වලට මුහුණ දෙන්න වෙනවා.අපි විතරක් මේ අවුරුදු 30-40-50-60 ඉඳලා, පාරේ හොඳට ගිහිල්ලා සැප විඳලා හරියන්නේ නෑනේ,මේ කැලෑ ඉඩම් වල පස් කැපීම නවතා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.‍

මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් නිරීක්ෂණය කරලා තීන්දු කරමු.ලබන සඳුදා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මිහින්තලය ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් සඳුදා ස්ථානීය පරීක්ෂණයක් කරලා අවසන් තීන්දුවක් ගමු යැයි මිහින්තලය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

විදුලි බල අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ඉදිරි වැඩපිළිවල සම්බන්ධයෙන්ද රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී නිළධාරීන් දැනුම්වත් කරමින් කියා සිටියේ,

මේ වසර අවසන් වන විට සෑම නිවසක් ඉදිරියේ විදුලි කණුවක් සවි කරලා ඒ කණුවේ විදුලිය තියන්න.ඒ නිවසේ හිමිකරුට අවශ්‍යනම් විදුලිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විදුලිය කියන්නේ විශේෂ පහසුකමක් නෙමෙයි,මූලික අයිතිවාසිකමක් විදිහට හැමෝටම අවශ්‍යය පහසුකමක් ලෙස ලබා ගන්න පුළුවන් තැනට ගේන එක තමයි අපේ අරමුණ,මීට පෙර විදුලි බල මණ්ඩලය මගින් එක් පාරිභෝගියකු සඳහා ලක්ෂ 3 ½ ක උපරිමයක් පමණයි වියදම් කලේ,හැබැයි දැන් අපි ඒ සීමාව අයින් කරලා තියෙනවා.දැන් අපේ අරමුණ හා වගකීම වෙලා තියෙන්නේ.සෑම නිවසක් ඉදිරියේම විදුලිය තියෙන ස්ථානයක් බවට පත් කරන එක.එහි මූලාරම්භය ලෙස ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා සභාවකම මේ වැඩසටහන ආරම්භ කරනවා.අප්‍රේල් මාසයට පෙර මීටර 50 කට අඩු ටිකට අපි විදුලිය ලබා දෙනවා.වගාවට විදුලිය ඉල්ලපු එකත් දෙන්න අපිට, කඩකාමරයටත් විදුලිය ඉල්ලුම් කරපුවා අපිට ලබා දෙන්න, අපි ප්‍රමුඛතාවය දෙන්නේ නිවාස වලට, අනෙක් සියලු ස්ථාන වලටත් විදුලිය ලබා දීමේ වගකීම අපිට තියෙනවා.ඒ වගේම සමෘද්ධි පවුල් වෙනුවෙන් හා සමෘද්ධි පොරොත්තු ලේඛණය සඳහා සම්බන්ධතා ගාස්තු ලෙස අය කරන රුපියල් විසි දහසකට ආසන්න මුදල අපි අය කරන්නේ නෑ.ඒ අය සඳහා නොමිලේ විදුලි සම්බන්ධතාවය ලබා දෙනවා.වයරින් කර ගැනීම සඳහාත් සමෘද්ධිය හරහා ක්‍රමයක් නිර්මාණය වෙයි.සමෘද්ධි හා සමෘද්ධී පොරෝත්තු ලේඛණයේ සියලු දෙනා වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් අය කරන සම්බන්ධතා ගාස්තුව අය නොකර නොමිලේම තමයි අපි ඒ අයට විදුලිය ලබා දෙන්නේ යැයි යනුවෙනි.

මෙම අවස්ථාවන්ට මහා සංඝරත්නය, මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 4
Previous Post

මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කරන්න ඉඩ දෙන්න බෑ – ජනපති

Next Post

රට වහලා තිබ්බත් කොරෝනා නිසා මිය යන බව ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

රට වහලා තිබ්බත් කොරෝනා නිසා මිය යන බව ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved