27 April 2024
#සංවර්ධන

2050 දී කාලගුණය නිසා ලංකාවට මොකද වෙන්නේ ?

2050 වන විට ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ උෂ්ණත්වය ඉහළ යන විට පුද්ගලයින්ගේ ජීවන තත්වයන් සියයට 7.5 ක් ද ලංකාවේ සමස්තයක් වශයෙෙන් 10 % පහත වැටීමක් දැකිය හැකි වනු ඇති බව ලෝක බැංකු වාර්තා සඳහන් කරයි.

todayonline වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ ලෝක බැංකු වාර්තා අනුව කාලගුණ විපර්යාසයන්වලට මුහුණ දෙන ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකා හදුන්වනු ඇති බවයි.

එම වාර්තා සඳහන් කර ඇත්තේ කාලගුණ විපර්යාසයන්ට අනුව ශ්‍රී ලංකාවේ ජිවන තත්ත්වයන් වෙනස් කල යුතු බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළීබඳ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතාගෙන් විමසීමක් කළේය. ඒ මහතා අප වෙත කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට යම් මට්ටමකින් එම ජාතික අනුවර්ත උපායන් සිදු කරමින් පවතින බවයි. මෙය ලෝකයේ රටවල් 08 ක පමණක් සිදු කරමින් පවතින අතර ශ්‍රී ලංකාව එහි 07 වන ස්ථානය ගෙන ඇති අතරම ආසියාවේ 01 වන ස්ථානය ගෙන ඇති බව ඒ මහතා කියා සිටියේය.

ජාතික අනුවර්ත උපායන් එනම්, ගංවතුර ඇතිවන ස්ථානවලදී එවැනි අවස්ථාවලට මුහුණ දීමේදී ගනු ලබන ක්‍රියා මාර්ග, උෂ්ණත්වය අවම කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීමේදී පවා සිසිල් වන ආකාරයේ සැලසුම් සකස් කර ඉදිකිරිම් කළ යුතු බවත් එවැනි දේ සිදු කිරීම තුළින් පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය පහත වැටීම අවම කිරීමට හැකියාව ඇති බව ජයතුංග මහතා පැවසිය.

නමුත් ඇතැම් පළාත් මට්ටමින් ඒ සඳහා ලැබෙන සහාය අනුව එය පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මෙය 2020 වසර වන විට ක්‍රියාත්මක කළ යුතුව ඇතිබවත් පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය පහත වැටීම පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවයි ඔහු අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *