• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුර කුමාර කෘෂිකර්ම ඇමැතිවෙලා හිටපු කාලයේ සහල් මාෆියාව කඩන්න තිබුණා – මන්ත්‍රී කබීර් හෂීම්

13 March 2024
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අනුර කුමාර දිසානායක 2004 කෘෂිකර්ම ඇමැතිවලා සිටි කාලයේ උපදෙස් අරගෙන තිබෙන්නේ සහල් මාෆියාවෙන්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා ‘‘2019 පසුව රටේ ජනතාවට හරියාකාරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. 2020 න් පසුව රටේ දිගින් දිගටම අර්බුද ඇතිවුණා. ඒ නිසා හරියාකාරව ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා. 2024 දීත් හරියාකාරව ජනතාවට අලුත් අවුරුද්දක් සමරන්න පුලුවන් තත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නෑ. රටේ ජනතාවට ප්‍රශ්න පමණයි තිබෙන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමැරීම සමඟ සහල් කියන දේ මූලික දෙයක් බවට පත්වෙනවා. නමුත් රටේ අදවනවිට සහල් මිල පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රටේ ආර්ථික කළමනාකරණය හරියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන.

කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් ආනයනය කරන බව ස දෙකකට පෙර වෙළඳ ඇමැතිවරයා කියලා තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වනවිට සහල් මිල වැඩි වීමට හැකි බැවින් ඒ නිසා සහල් මිල පාලනය කිරිමට සහල් ආනයනය කරන බව රජය ප්‍රකාශ කරලා තිබුණා. මේ වනවිට ආණ්ඩුව කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 25,000 යි 30,000 අතර ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා.

ඒ වගේම රටේ මහ කන්නයෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කෘෂිකර්මා ඇමැතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබෙනවා. සාර්ථික අස්වැන්නක් ලැබිලත් තිබෙනවානම් , සහල් ආනයනය කරලත් තිබෙනවානම් මේ වනවිට වෙළඳපොලේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන. නමුත් රජයට සහල් මිල අඩු කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. මෙය ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක්ද නැතිනම් වෙළඳපොලේ ඇතිවෙලා තිබෙන සහල් මාෆියාවේ ප්‍රශ්නයක්ද කියන දේ පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා.

2023 දෙසැම්බර්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 245 යි. අදවනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 355 යි. ආණ්ඩුව 2023 දෙසැම්බර් වල සම්බා කිලෝවක් 220 අද වනවිට රුපියල් 263 ක් වෙලා. 2023 දෙසැම්බර්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 190 යි. අද වනවිට නාඩු සහල් කිලෝවක් 219 යි. මේ අනුව බැලුවහම සහල් මිල බරපතල ආකාරයට වැඩි වෙලා තිබෙනවා.

මහ පරිමාන වී මෝල් හිමියන් සහල් වෙළඳපොලේ පාලනයක් ඇති කරනවා නැතිනම් තොග සහ සිල්ලර වෙළඳාමේ සිටින පිරිස් හෝ ආනයනකරුවන් පාරිභෝගිකයන්ට සධාරණයක් ඉටු නොකර සහල් වලින් ශුද්ධ ලාභයක් ගන්නවා. මේ පිළිබඳ සොයා බැලිමේ වගකිම තිබෙන්නේ රජයට.

ආර්ථිකයට මැජික් උත්තර නෑ. කයිවාරු ගහලා රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රතිපත්ති රාමුවක් තිබෙන්න ඕන. ආර්ථික න්‍යායක් තිබිය යුතුයි. නිෂ්පාදන වෙළඳ පොලට ගෙන යෑම , වෙළඳපොල ඒකාධිකාරයක් හැදිලා තිබෙනවානම් එය බිඳින්නේ කොහොමද , සහල් අඩු මිලට වෙළඳ පොලට ගෙන දීම සඳහා වැඩපිළි‍වෙළක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මය තුළ ගොවියාට සාධාරයක් ඇති කරන්නේ කෙසේද ඒ වගේම පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට ගැනිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනේ සඳහන් කරලා තිබුණා. ආණ්ඩුව මෙම වැඩපිළිවෙළ සාර්ථිකව සිදුකරන්නේ නෑ. රටේ විකල්ප පක්ෂවලටත් වැඩපිළිවෙළක් නෑ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක්. ආනයනය කළ සහල් තොගය සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග හරියාකාරව වෙළඳපොලට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අඩු මිලට සහල් දෙන්න පුලුවන් හැකියාව රජයට තිබෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. සහල් මාෆියාව නැති කරන්න යහපාලන ආණ්ඩුව කාලයේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. නමුත් ඒ වැඩපිළිවෙල ඉවර කරන්න කාලය තිබුණේ නෑ. නැවත සමගි ජනබලවේග රජයක් යටතේ සහල් මාෆියාව නැති කරන්න කටයුතු කරනවා.‘‘

‘‘රට සහල් වලින් ස්වංයපෝෂිතයි නමුත් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා අනුර කුමාර දිසානායකත් ප්‍රකාශ කරලා තිබුණා. වසරකට මෙට්ට්‍ර්ක් ටොන් ලක්ෂ 23 ක සහල් ප්‍රමාණයක් පරිභෝජනය කරන බවත් ඒ ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය කරන බවත් ඒ වගේම වී මෙට්ට්‍ර්ක් ටොන් ලක්ෂ 35 ක් අවශ්‍ය වනබවත් එයත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන බවත් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරලා තිබෙනවා.

අවුරුදු 74 ක සාපයක් නිසා රට විනාශ වුණ බවත් නිදහසින් පසුව රටේ කිසිදු දෙයක් සිදුවුණේ නැ කියල අනුරු කුමාර දිසානායකගේ පක්ෂය රටේ මතයක් සමාජගත කරන්න උත්සහ කළා. ඒ අනුර කුමාර දිසානායකම අද කියනවා රට ස්වයංපෝෂිතයි කියලා. රට ස්වයංපෝෂිත වුණේ ඉබේටමද. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට රටේ සහල් නිෂ්පාදනය සියයට 35 යි. 1948 දී සියයට 64 ක් සහල් ආනයනය කළා. 1994 දී රට ස්වයංපෝෂිත වුණා. මහවැලි ව්‍යාපෘතිය , ගල් ඔය ව්‍යාපෘතිය හරහා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න හැකියාව ලැබුණා. 1990 වී අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 3600 ක් ලැබුණා. එහෙම බැලුවහම අවුරුදු 74 ක සාපයක් ගැන කියන්න අනුර කුමාර දිසානායකලාට අයිතියක් නෑ.

අනුර කුමාර දිසානායක කියනවා සහල් මාෆියාව නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. අනුර කුමාර දිසානායක 2004 හිටපු කෘෂිකර්ම ඇමැතිවරයෙක්. ඒ කාලයේ ඇයි අනුර කුමාර දිසානායකට රටේ කෘෂිකාර්මික වෙනස්වීම් කරන්න නොහැකි වුණේ. ඒ කාලයේදීත් සහල් මාෆියාව තිබුණා. එ් සහල් මාෆියාව කඩන්න තිබුණා. අනුර කුමාර දිසානායක ඒ කාලයේ වී මෝල් මාෆියාව කඩලා තිබුණානම් වෙනස් ඇති කරන්න තිබුණා. මහ පරිමාණ වී මෝල් හිමි ඩඩ්ලි සිරිසේන කියනවා අනුර කුමාර දිසානායක 2004 කෘෂිකර්ම ඇමැතිවලා සිටි කාලයේ උදේම දුරකථන ඇමැතුම ගන්නේ තමන්ට කියලා. අනුර කුමාර දිසානායක උපදෙස් අරගෙන තිබෙන්නේ සහල් මාෆියාවෙන්ම. අනුර කුමාර දිසානායකට කතා කරන්න තිබුණේ ගොවියෙකුට.‘‘යැයි මන්ත්‍රී කබීර් හෂිම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 9,575
Previous Post

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Next Post

දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වු අතර ඒ වරද කරන්න මා සුදානම් නෑ – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වු අතර ඒ වරද කරන්න මා සුදානම් නෑ – ජනපති

දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වු අතර ඒ වරද කරන්න මා සුදානම් නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved