27 April 2024
#දේශීය

වෘත්තිය පුහුණු කාර්මික ශිල්පීන් රට රැකියා සඳහා යොමු නොකරන්නේ ඇයි?

විදේශ රැකියා ගෘහ සේවයට මුල් තැන් ලබා දි කටයුතු කිරිම තුලින් වෘත්තිය පුහුණු ලැබුවන්ට විදේශ ගත විමට අවස්ථා අවම වි යන බව වාර්තා වේ.

කාර්මික පුහුණු ලැබුවන් මේ වන විට විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඇතැමුන්ට විදේශ ගත විමට අවස්ථා අහිමි වි තිබේ.

එය නිසි වැඩපිලිවෙලක් මත ක්‍රියාත්මක නොවිම මෙයට හේතුව බව අප වෙත වාර්තා වේ. වෘත්තිය පුහුණු ලැබුවන් විදෙස් ගත වන්නට අවස්ථා ඇත්තේ පෞද්ගලික විදේශ රැකියා ආයතන මගින් වන අතර ඇතැම් ස්ථාන වංචාසහගත ස්ථාන හෙයින් බොහෝ තරුණයින් විදෙස් ගත විමට නොහැකිව සිටින ඇත.

කෙසේ වෙතත් මේ වන විට කොරියාව, ජපානය වැනි කාර්මික අතින් ක්‍රියාත්මක රටවල් විවිධ වැඩ සදහා පුහුණු කාර්මික ශිල්පීන්ට ඉල්ලුම් කර තිබේ. ජපානය වැනි රටවල රැකියා පදනම මත කාර්මික පුහුණුව (on the job training) ලබා ගැනීමට පුහුණු කාර්මික ශිල්පීන්ට බොහෝ අවස්ථාවන් තිබේ. වත්මන් පාලනය තුලින් හෝ අදාල නිසි වැඩපිලිවෙල සකස් වන්නේ නම් ගෘහසේවිකාවන් විසින් ලබන ආදායමට වඩා විශාල ප්‍රමාණයක් ලබා ගැනිමට හැකියාව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *