• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයට මුළිකත්වය දෙන්නේ නැත්තේ ඇයි? ජනපති – මංගලගෙන් අසයි

30 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන උගත් හා බුද්ධිමත් මෙන්ම ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසයි.

ජනාධිපතිවරයා මංගල සමරවීර හිටපු මන්ත්‍රීගේ ලිපියට පිළිතුරු යවමින් කියා සිටියේ මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බවයි.

 

මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටී. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

“උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම”, යන්න සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත එවූ ලිපියේ මාතෘකාව විය. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිවරයා කනස්සල්ල පළ කරන බව ද ලේකම්වරයා කියා සිටී.

ජනාධිපතිවරයා නියමයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

2020 අප්‍රේල් මස 30 වන දින
ගරු මංගල සමරවීර මැතිතුමා,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

ගරු මංගල සමරවීර මැතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම.

ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.

එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත. එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.

ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සදහන් නොවීම.
2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.

2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තබුන බව සඳහන් නොවීම,

රු.බි. 211 ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණ ද රාජ්‍ය ගිණුම් වලට ඇතුළත් නොකර ඇති බව,

ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත් කර නොතිබ,
හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETIවැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව,
පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පණතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පණතක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.

ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකා හැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත. එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහය දුන් ආකාරයට බෙහෙවින් පටහැනිය.

මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.
මෙයට, විශ්වාසී,

පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්
පිටපත් – ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා – අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
ගරු සජිත් ප්‍රේමදාස මහතා – හිටපු විපක්ෂ නායක
ගරු රනිල් වික්‍රමසිංහ මහතා – නායක, එක්සත් ජාතික පක්ෂය
ගරු කරු ජයසූරිය මහතා – හිටපු කථානායක
ගරු ආර් සම්බන්ධන් මහතා – නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය
ගරු අනුර කුමාර දිසානායක මහතා – නායක, ජනතා විමුක්ති පෙරමුණ
ගරු රවුෆ් හකීම් මහතා – නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ගරු රිෂාඩ් බදියුදීන් මහතා – නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය
ගරු මනෝ ගනේෂන් මහතා – නායක, දෙමළ ප්‍රගතිශිලි සන්ධානය
ගරු පලනි දිගාම්බරම් මහතා – නායක, ජාතික සේවක සන්ධානය

 

 

දිලිනි සමන්මලි

Post Views: 2
Previous Post

නිරෝධායනය විය යුතු යැයි කියු සෞඛ්‍ය නිලධාරින් ගැන එහෙම කළේ මේ නිසයි

Next Post

විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ .. ජනපති – විපක්ෂයට දැනුම් දෙයි

editor

editor

Next Post

විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ .. ජනපති - විපක්ෂයට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved