27 April 2024
#දේශීය

විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ .. ජනපති – විපක්ෂයට දැනුම් දෙයි

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා එවන ලද ලිපියෙහි සඳහන් කර ඇති පරිදි විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විපක්ෂය වෙත දැනුම් දී සිටියේ 2020/03/02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කල විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020/04/25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020/06/20 දින මැතිවරණය පැවැත්වීය යුතු බවත් නිවේදනය කර ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) අනුකුලව කටයුතු කිරිමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බව ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ වෙත දැනුම් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මගින් දන්වා තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *