• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

WindForce PLC, Lakdhanavi Ltd, The Blue Circle Pte Ltd සමගින් පුනර්ජනනීය බලශක්ති ගමනක් සඳහා එක්වෙයි

22 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුනර්ජනනීය බලශක්තියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන WindForce PLC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා (IPP) වන Lakdhanavi සමග එක්ව, පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන සිංගප්පූරුව පදනම් කරගත් ආයෝජන සමාගමක් වන The Blue Circle සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කර ඇත.

එය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනිය වෙනසක් උදෙසා නව බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් වේ. මෙම සුවිශේෂී ඒකාබද්ධ ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් අනුමත කරන ලද සුවිශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන අතර එය විදුලි ජනනය, ගබඩා කිරීම සහ සම්ප්‍රේෂණය ඇතුලත් ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ද වේ. ඇමරිකානු ඩොලර් මිලියන 152 ක සෘජු ආයෝජනයක් සමග 2025 අගභාගය වන විට මෙම ව්‍යාපෘති අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 100MW සූර්ය බලාගාරයක්, අති නවීන 12MWh බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) 2×63.5MVA,132/33kV ජාල උපපොළක් යනාදී වශයෙන් සියලු අංශයන්ල අංගෝපාංග සියල්ල ඇතුළත් වී ඇත.

මෙම 27km” 132/33kV සම්ප්‍රේෂණ මාර්ගය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය තුළ ප්‍රමුඛතම බලවේගයක් ලෙස WindForce හි ශක්තිය තව තවත් තහවුරු කරන්නක් වේ.

මෙම සාමුහික උපාය මාර්ගය, පුනර්ජනනීය බලශක්ති බලාගාරයක්, ගබඩා පද්ධතියක්, ජාල උපපොළක් සහ සම්ප්‍රේෂණ මාර්ග යන සියල්ල ඒකාබද්ධ කරයි. එය ශ්‍රී ලංකාවේ අසමසම වූ තිරසාර බලශක්ති යටිතල පහසුකම් සඳහා සම්බන්ධීකරණ ප්‍රවේශයක් විදහා දක්වන අතර, එය ඒකාබද්ධ BESS එකක් ඇතුළත් කළ පළමු අවස්ථාව ද වේ. මෙම ඓතිහාසික ව්‍යාපෘතිය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවෙන අතර, ජාල ස්ථායිතාව වැඩිදියුණු කිරීම සහ දිවයිනේ විදුලිය බෙදාහැරීම ප්‍රශස්ත කිරීම සඳහාද විශාල වෙනසක් සිදු කෙරෙනු ඇත.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන් හරහා සිය විදුලි ඉල්ලු‍මෙන් 70%ක් සපුරාලීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ළං කරමින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක පිරිසිදු හා තිරසාර බලශක්තියක් ලබා දෙනු ඇත. දේශීය ප්‍රජාව හට, ඉදිකිරීම් සහ මෙහෙයුම් අදියර දෙකේදීම රැකියා අවස්ථා ලබා දීමටද කටයුතු කෙරෙනු ඇත. ඉදිකිරීම් අතරතුර, මෙම ව්‍යාපෘතිය මගින් නුපුහුණු කම්කරුවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රැකියා ලබා දෙනු ඇති අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ නුපුහුණු සේවකයන් 50 දෙනෙකුට ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුවත් රැකියා අවස්ථා අඛණ්ඩව පවතී.

මෙම විප්ලවීය එකමුතුව පිළිබද අදහස් දක්වමින්, WindForce හි කළමනාකාර අධ්‍යක්ෂක මංජුල පෙරේරා පැවසුවේ ”‍අපගේ ගෞරවනීය හවුල්කරුවන් සමඟ එක්ව මෙම දැවැන්ත ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ලැබීම ගැන අපි ඉමහත් ආඩම්බර වෙමු. මෙම උත්සාහය රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට මෙන්ම, දිගුකාලීන වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව්‍ය විසඳුම් සඳහා පුරෝගාමී වීම උදෙසා අපගේ කැපවීම ද පෙන්නුම් කරයි. අති නවීන තාක්‍ෂණයන් සහ යටිතල පහසුකම්වල සංකලනය යහපත් වෙනසක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාර්ථකත්වයට දායක වීමට අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කෙරෙනු ඇතැයි අප විශ්වාස කරනවා, ඒ වගේම ව්‍යාපෘතිය අවසන් වූ පසු පිරිසිදු සහ විශ්වාසනීය බලශක්තිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍ යන්නයි.

WindForce යනු ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ විශාලතම (IPP) නවෝත්පාදකයා මෙන්ම තිරසාර වර්ධනය සහ තාක්‍ෂණික දියුණුව සඳහා එහි නිරන්තර කැපවීම් සිදුකරන ආයතනයකි. WindForce 2010 දී ආරම්භ කරන ලද අතර එතැන් සිට මෙගාවොට් 245.1 ක, සම්පූර්ණ ස්ථාපිත ධාරිතාවයකින් යුත් පිරිසිදු බලාගාර 30 ක් ස්ථාපනය කර අවසන් කර ඇති අතර ඉන් 60% ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිතව ඇති අතර ඉතිරිය උගන්ඩාව, පකිස්ථානය සහ යුක්රේනයේ පිහිටා ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් උසබාත්‍දරජැ හි ස්ථාපිත ධාරිතාව 30% කින් වැඩි වන අතර, තිරසාර බලශක්තියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා ලෙස සමාගමේ ස්ථාවරය තව තවත් ශක්තිමත් කරනු ඇත.

පිටපත – PR

Post Views: 8
Previous Post

කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් කර නෑ – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන්

Next Post

වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගන්න එපා – මහජන ආරක්ෂ ඇමැති ටිරාන්

editor

editor

Next Post

වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගන්න එපා - මහජන ආරක්ෂ ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved