27 April 2024
#දේශීය

කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් කර නෑ – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන්

වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු, තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන මෙන් මුදල් අමාත්‍යාංශයට කිසිදු ඉල්ලීමක් යොමු කර නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමිනි.

“තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දෙන මෙන්, මුදල් අමාත්‍යාංශයට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කර නැහැ. ඒ ඒක්කම එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යැයි සඳහන් කරනවාට වඩා වගකීමෙන් යුතුව පළ කිරීම ඉතා වැදගත්” අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන මෙන් හෝ වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දෙන මෙන් වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර නැතැයි වැඩ බලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *