ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ ඕ ක්ලෙයාර් (Eau Claire) හි නෝර්ත් හයි ස්කූල් (North High School) හි විශේෂ අධ්‍යාපන ගුරුවරියක ලෙස සේවය කළ 22 හැවිරිදි නාඩියා හෝන් (Nadia Horn) ළමා ලිංගික අපයෝජන විමර්ශනයකට අදාළව ඊයේ (2026 මාර්තු 25) අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් සම්පත් නිලධාරියාට (School Resource Officer) ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ඕ ක්ලෙයාර් පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
පොලිස් වාර්තාවලට අනුව, මෙම සිද්ධියට අදාළව වින්දිතයන් කිහිප දෙනෙකුම හඳුනාගෙන ඇති අතර නාඩියා හෝන් හට එරෙහිව ප්‍රධාන චෝදනා දෙකක් ගොනු කර ඇත. පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ දෙවන මට්ටමේ ළමා ලිංගික අපයෝජනය එම චෝදනා වේ. ඇය වෙනුවෙන් නියම කර ඇති ඇප මුදල ඩොලර් 1898ක් බව ද වාර්තා වේ.
ඕ ක්ලෙයාර් ප්‍රාදේශීය පාසල් දිස්ත්‍රික්කයේ (ECASD) වෙබ් අඩවියට අනුව ඇය එම පාසලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ගුරුවරියක ලෙස සේවය කර තිබේ. මෙම පුවතත් සමඟ ප්‍රදේශයේ දෙමාපියන් සහ සිසුන් දැඩි කම්පනයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.















