• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ප්‍රාථමික අධ්‍යාපනය නගාසිටුවීමට කටයුතු කරනවා – ඇමැති සුසිල්

17 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බාධා සම්බන්ධයෙන් සොයා බලන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති පරිදි නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම ද ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ යෑමට හේතු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක් ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් කොවිඩ් සමයේ අහිමි වූ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමිනි.

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ඉදිරියේ දී කිසි දු අවස්ථාවක නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයෙහි නොයොදවන බවත්, දැනට පාසල්වල සිටින නුපුහුණු ප්‍රාථමික ගුරුවරුන් පුහුණු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම මේ වන විට වර්ග පහකින් පමණ පවතින විවිධ පෙරපාසල්වල උගන්වනු ලබන පෙරපාසල් ගුරුවරයාගේ සිට ම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුවීම් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන පද්ධතිය තුළ පවත්නා මානව හා භෞතික සම්පත් සහ ආයතන භාවිත කරමින් යුනිසෙෆ් ආයතනයේ ද සහාය ඇති ව අදාළ කෙටිකාලීන හා දිගුකාලීන් පුහුණු සැසි, වැඩමුළු ආදිය පවත්වා ප්‍රමිතිගත රාමුවක් තුළ එම ක්‍රියාවලිය සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සිදු විය යුතු යාවත්කාලීනවීම් සිදු කිරීමට පියවර ගන්නා අතර මුලින් ම විධිමත් පාසල් වර්ගීකරණයකින් එය පටන්ගත යුතු බව ද හෙතෙම පැවසී ය.

ඒ අනුව ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයක හා ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් සියලු දෙනාට වැටහෙන පාරදෘශ්‍යභාවයකින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිත පාසල් වර්ගීකරණයක් තුළ ප්‍රාථමික ක්ෂේත්‍රයට අදාළ ගුරුමාරුවීම් ද එම ක්ෂේත්‍රයට අදාළ ව පමණක් ම කළ හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කීයා සිටියේය.

එමගින් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට සමාන පුහුණු අවස්ථා සහිත ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේ සම අවස්ථා හිමි වන අතර ගුරු ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය ද වඩාත් පහසු වන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2024 වර්ෂයේ දී එම වසරට අදාළ සියලු විභාග පවත්වා අවසන් කිරීමට ක්‍රියා කරන බවත් මෙම සියලු අභියෝග ජයගැනීමේ දී ඒ පිළිබඳ අවශ්‍ය සමාජීය සහාය ලබාගැනීමට සමාජය දැනුම්වත් කිරීමේ වගකීම සඳහා මාධ්‍ය අනුග්‍රහය ද නිරතුරු අපේක්ෂා කරන බවත් පැවසී ය.

Post Views: 10
Previous Post

නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා – ජනපති

Next Post

ඇමැති ටිරාන් කටුනායක ගුවන්තොටුපල නිරික්ෂණ චාරිකාවක

editor

editor

Next Post

ඇමැති ටිරාන් කටුනායක ගුවන්තොටුපල නිරික්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved