• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරනවා – ඇමැති මනුෂ

28 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

“ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා “ උත්සව සමරන්න ජනතාවට මානසික නිදහසක් නැති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් වෙසක්, පොසොන් පමණක් නෙවෙයි ඇසළ වගේම නත්තල සැමරීමටත් අවශ්‍ය වාතාවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් නිර්මාණය කර තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ සම්න්ධයෙන් චෝදනා කරන අයට පසුගිය වසරක කාලය හා සසඳන ලෙස මා ආරාධනා කරනවා. ජනතාවගේ නැති වෙලා තිබුණු මානසික නිදහස මේ වන විට නැවත ඇති කරලා තියෙනවා. රජයට චෝදනා කරන කිසිවෙකුටත් තවමත් නිෂ්චිත ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. එවැනි වැඩපිළිවෙළක් ඇත්නම් රට හමුවේ කරුණු ඉදිරිපත් කරන්න. අප දැනටමත් රට හමුවේ කියූ දේ ප්‍රායෝගිකව සිදු කරමින් සිටිනවා. අස්වැසුම සහ උරුමය වැනි වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබා දෙමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හිටියත් මීට පෙර ජනාධිපති ධූරයේ කටයුතු කර නැහැ. මෙවර ඔහු පත්වූ පළමු අවස්ථාවේ සිටම රටේ විශාල පරිවර්තනයක් සිදු කළා. 25% ක පමණ මට්ටමක පැවති බැංකු පොළිය අද වන විට 12% සිට 08% දක්වා අඩු කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් නියාමන පනත සහ වත්කම් බැරකම් පනතට සංශෝධන ගෙනවිත් තිබෙනවා. එමෙන්ම ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. මේ සියල්ල හරහා රට ගොඩනඟනවා වගේම, සොරකම් කිරීම අවසන් කිරීමටත් පියවර ගන්නවා. තව ද විවිධ කර්මාන්තවල යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලුම ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. “ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙන මෙම ක්‍රියාවලියේ නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අප රජය වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. රජය විසින් නිවේදනය කරන ලද රුපියල් 1700ක දිනක වැටුප ගෙවීමට අපහසු යම් හාම්පුතෙකු සිටී නම් ඔවුන් විසින් බද්දට ගෙන ඇති රජයේ වතු නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරනවා. අනතුරුව පවරා ගන්නා ලද වතු දීර්ඝ කාලීන බදු පදනම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කළ හැකි පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා නීතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා යැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,883
Previous Post

ග්‍රාමීය මට්ටමෙන් කුකුළු ගොවිපොළ කර්මාන්තය ඉහල නැංවීමට පියවර

Next Post

මාලඹේ, බොරලැස්ගමුව සහ මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම යළි ඇරඹේ

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

මාලඹේ, බොරලැස්ගමුව සහ මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම යළි ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved