යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව විසින් වැදගත් යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ. ඒ අනුව, යුද හමුදාව විසින් යාපනයේ ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපාරික කටයුත්තකට මහජනතාවට සහභාගී වීමට හෝ ඉන් බඩු මිලදී ගැනීමට නොහැකි වන පරිදි නව නීතියක් පනවා ඇත. හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ජන අවන්හල් සහ වෙනත් වෙළඳ ව්‍යාපාර හේතුවෙන් උතුරේ දේශීය ව්‍යාපාරිකයන්ට සිදුවන බලපෑම වැළැක්වීම සහ හමුදාව හා ජනතාව අතර පවතින සෘජු සබඳතා ලිහිල් කිරීම මෙම නව නීතියේ ප්‍රධාන අරමුණයි.












