• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා හැගීම් අවුස්සන්න කුරුන්දි ප්‍රශ්නය පිටින් දාල ඒවා වහන්න බෑ – මන්ත්‍රී පාඨලී

7 December 2023
in දේශීය
ජනතා හැගීම් අවුස්සන්න කුරුන්දි ප්‍රශ්නය පිටින් දාල ඒවා වහන්න බෑ – මන්ත්‍රී පාඨලී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසරකට භික්ෂුන් වහන්සේ පිරිසක් සිවුරු හැර දමා ශාසනය හැර යන බවත් එවන් තත්ත්වයක් තුළ ඒ භික්ෂු සාසනයේ උරුමය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකර හැඟීම් ඇවිස්සීම සඳහා කුරුන්දිය හෝ වෙනයම් සිදුවීමක් පෙන්වමින් යාමට ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා “සාමාන්‍යයෙන් මේ රටේ ඡන්දයකට පොරතුව දේශපාලකයින් ජාතිය, ආගම, සංස්කෘතිය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව විශාල කතා පවත්වනවා. ඒ ගලවා ගැනීම ගැන විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නමුත් මැතිවරණයෙන් පස්සේ මේ අමාත්‍ය ධුර ලබා දීමේදී, සහ ඒවාට මුදල් වෙන්කිරීමේදී ඉතාම අවම මුදලක් මේ ආගමික වගේම සංස්කෘතික අමාත්‍යාංශවලට වෙන් කරන්නෙ. ඒ වගේම මුදල් කප්පාදුකරනවා. නිසි ආදායම් ලැබෙන්නේ නැතුව මුලින්ම කපන්නේ ඔය සංස්කෘතික, ආගමික ආදී අමාත්‍යාංශවල වැය ශීර්ෂය. ඉතින් මේ සම්ප්‍රදායයෙන් අපි ඉවත් විය යුතුයි. අපේ රටේ ඉතිහාසයේ අපට අනුවේදනීය අවස්ථා දෙකක් උදා වුණා.

එකක් තමයි 1815 මාර්තු 2 වෙනිදා අපි පූර්ව යටත් විජිතයක් බවට අපේ ඉතිහාසයේ ආරම්භ වෙලා වසර 3000 ක කාලයක් තිස්සේ විවිධ ගැටුම් මැද්දේ ඉඳලා විවිධ අරගල වලින් නිදහස් වෙලා අපි නිල වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙනවා. අපේ ස්වෛරීභාවය අපෙන් නැති වුණා. ඒ වගේම මේ 2022 අප්‍රේල් 12 වෙනිදා ස්වෛරී බංකොලොත්භාවය අපි ප්‍රකාශයට පත් කළ දවසේ අපේ ස්වෛරීත්වය අපට නැවත අහිමි වුණා. ඒ අනුව ඒ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පස්සේ රටක ස්වෛරීත්වය අහිමි වූ පළවෙනි ඒ වගේම අනුවේදනීයම අවස්ථාව තමයි ගිය වසරේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය රටේ ආර්ථික ක්ෂේත්‍රවලට විතරක් නෙමෙයි. සමාජ, සංස්කෘතික, ආගමික හැම ක්ෂේත්‍රයකටම ඉතාම දරුණු විදිහට බලපාලා තියෙනවා.

මේ කාලය ඇතුළත, විශේෂයෙන්ම 2022-23 වසර දෙකේ පමණක් ආර්ථිකය හැකි රුපියල් 83000 ක් මිනිස්සුන්ට ආදායම් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම 2024 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඉලක්කගත බදු ආදායම් දිහා බැලුවහම අපිට පේනවා 2020 ට සාපේක්ෂව අතිරේක තවත් බිලියන 2000 ක්. ට්‍රිලියන දෙකක් මේ රටේ මහජනයාගෙන් එකතු කරන්න යන බව. ඒ කියන්නේ තවත් අතිරේක රුපියල් ලක්ෂයක් සෑම පුරවැසියෙක්ම කිරි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා බදු ආදායම් ගෙවන්න නියමිතයි 2024 වෙනකොට එක පැත්තකින් රුපියල් ලක්ෂයක ආදායම් අහිමි කරනවා අනිත් පැත්තෙන් තවත් රුපියල් ලක්ෂයක් බදු ආදායම හැටියට ආණ්ඩුවට ලබාගන්න මේ නිසා අද මහජනයා ඇතිවෙලා තියෙන්නේ දෙපැත්තකින් තැලී පොඩි වෙන භයානක ආර්ථික ඛේදවාචකයකට.ඒ ආර්ථික ඛේදවාචකයත් එක්ක ඇතිවෙලා තියෙන අනිත් කාරණය මොකක්ද? ඒ තමයි කළු ආර්ථිකයක් රට පුරාම හැම ආකාරයකින්ම විහිදී පැතිරී යන එක. අද මේ සමහරු මෙතන රාත්‍රී ආර්ථිකය නීතිගත කිරීම ගැන කතා කරනවා. ඒ අතරෙම කාන්තා අයිතිය ගැන කතා කරනවා. අද මේ බත්තරමුල්ල හන්දියේ ඉඳන් මහරගම, පන්නිපිටිය පාරේ යන කොට, ස්පා ආයතන කීයක් අලුතෙන් ඇරලා තියෙනවද? රට පුරා මේ පාර්ලිමේන්තුව අවට ඇතිවෙලා තියෙනවා. කවුද මේවයේ සේවය කරන්නේ? රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ, සේවය කරලා, මේ ආර්ථික අර්බුදය විසින් මහපාරට ඇදලා දාපු, අපේ සහෝදරියන් තමයි, අද මේවයේ සේවය කරන්නේ. මේවායේ වෙන දේ කවුරුත් දන්නවා. මේවා විවෘත, ගණිකා මධ්‍යස්ථාන බව ඉතාම පැහැදිලියි. ඒ වගේම මත්පැන්, මත්ද්‍රව්‍යවලින් රටේ අපේ තරුණ පරම්පරාව විශාල භයානක ආකාරයකට වෙලාගෙන තියෙන්නේ.

මේ රටේ පොලිසිය රටේ කසිප්පු වටලනවා. හැබැයි හොර අරක්කු, හොර කසිප්පු රට පුරාම ව්‍යාප්ත වෙනවා.ඒ මධ්‍යස්ථානයක් දොම්පේ ප්‍රදේශයේ වැටලුවා. හොර ස්ටිකර් වැටලුවා. ඒ හොර ස්ටිකර් පිළිබඳව. සී. අයි. ඩී. යට වාර්තාවක් දෙන්න කියලා සුරාබදු දෙපාර්තමේන්තුව අපේ නියෝගයක් අනුව ලබා දීලා තියෙනවා අගෝස්තු විස්ස. අද වෙනකන් මේ රටේ පොලිසිය, රහස් පොලිසියට බැරි වුණා මේ විකෘති ස්ටිකරය ඒ ගැහුවේ කවුද, කොහොමද වුණේ කියලා හොයන්න. ඒ නිසා ඉතාම පැහැදිලියි, අද මේ ගොඩනැගෙන කළු ආර්ථිකයේ කොටසක් බවට අපගේ විමර්ශන ක්ෂේත්‍රයේ, පොලිසිය, නීති කටයුතු ආදී සියල්ලත් අද වෙලාගෙන තියෙන අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපි පළමුවෙන් අවබෝධ කරගන්න ඕනේ, ආර්ථික කාරණයකින් පමණක් රටක් ගොඩනගන්න බැහැ, පූර්ණ මිනිසෙක් ගොඩනඟන්න නම්, සංස්කෘතියත් ආගමික ක්‍රියාවලියත් ඉතා අවශ්‍යයි.ආගමික ක්‍රියාවලිය ගැන කිව්වම අපි එකක් මතක තබා ගත යුතුයි. සියලු ආගමික අයිතීන් මිනිස්සුන්ට ලැබෙනවා පමණක් නෙවෙයි. හැබැයි ඒ ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට පහලින් කියන එක මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද යම් ආගමක අනුහසින් කෙනෙක්ට තව කෙනෙක් මරන්න, තව කෙනෙක් ඝාතනය කරන්න, ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න එහෙම අයිතියක් ආගමකින් ලබා දෙන්න බැහැ. ඒ ආගමික අයිතිය තිබෙන්නේ මූලික අයිතියට යටින්. මම දැක්කා අපේ රටේ ප්‍රධාන දේශපාලන නායකයෙක් කියලා තිබුණා. ආගමික අයිතිය තියෙන්නේ මානව අයිතියට උඩින් කියලා. ඒක වැරදියි. මානව අයිතියට යටින් තමයි සියලුම ආගම්වල ආගමික අයිතිය තියෙන්නේ. ඒක අවබෝධ කරගෙන අපි ක්‍රියා නොකලොත්, මේ රට ඇතුලේ නැවත නැවතත් මේ ගැටළු සහගත, ගැටුම් සහගත තත්ත්වයන් ඇතිවෙන්න නියමිතයි.

අද පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් මුල්කරගෙන, උතුරේ, මේ මාසේ කුරුන්දි විහාරය ගැන විශේෂ වාර්තාවක් දාලා තියෙනවා. මේ රටේ ආර්ථික, සමාජයීය, විශාල අර්බුදය ගැන ඉතාම සුළුවෙන් වාර්තා කරන ලද සඟරාවටත්, මේ කුරුන්දි විහාරය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කුරුන්දි වැනි, පුරාවිද්‍යා ස්ථාන, පුරාවිද්‍යා ස්මාරක, ඒවායේ ජන කණ්ඩායමකට, එක ආගමකට අයිති දෑ නෙවෙයි. ඒක මේ රටේ සියලුම ජනතාවගේ උරුමයන්. ඒවා පදනම් කරගෙන වෙනත් රටවල සිදු වෙනවා වගේ, ගැටුම් ඇති කරගත යුතු නැහැ දැන් අද ජෙරුසෙලමේ ඇතිවෙලා තියෙනවා වගේ ගැටුම් සහගත තත්ත්වයන් අපි ඇති කරගත යුතු නැහැ. ඒවා අපි විසින් අභ්‍යන්තර ව විසඳා ගත යුතුයි. ඒ සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ මේ රටේ පුරාවිද්‍යා ස්ථාන නමින් තිබෙන දේ. විශේෂයෙන්ම බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ජීවමය දේ, ඒවා ඊජිප්තුවේ පිරමීඩ නෙවෙයි. ඒ ඉතිහාසය වැළලිලා ගිහින් ඉවරයි. නමුත් මේ රටේ ජීවමානව ඒක පවතිනවා. හැබැයි මේ කුරුන්දිය ගැන කතා කරන අය අපේ ඇමතිතුමා පසුගිය වසරේ මේ රටේ භික්ෂු ශාසනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. මොකක්ද ඒකෙන් කියලා තියෙන්නේ? 1890 ක් උපසම්පදා භික්ෂූන් සිවුරු හැර ගිය බව, උපැවදි වූ බව. මං දන්නෑ මේ අවුරුද්දේ මං හිතන්නේ ඊට සමාන පිරිසක් උපැවදි වෙලා ඇති. විහාරස්ථාන වලට ගියහම බිල ගෙවාගන්න බෑ. ඒ වගේම දානමාන කටයුතු නෑ. ඒ වගේම දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා, භික්ෂූන් වහන්සේ උපැවදි වෙමින් යනවා වසරකට 2000 ගානේ භික්ෂූන් වහන්සේ. ඒ භික්ෂු ශාසනයේ උරුමය ගැන හරියට කතා කරන්නැතුව මේ රටේ හැඟීම් අවුස්සන්න හදනවා කුරුන්දිය හරි වෙන මොකක් හරි පෙන්නනවා.

පුජ්‍ය පූජක දෙපාර්ශවයක් ඉන්නේ බෞද්ධයින්ට හා ක්‍රිස්තියානි, කතෝලිකයින්ට පමණයි. හින්දු සහ ඉස්ලාමීය ආගමික උගතුන් හා ඒ භාරකාර මණ්ඩල පවතින්නේ. මේ ගැටලුව මේ අභියෝගය මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තියෙනවා. ආරක්ෂක අංශවල දහස් ගණන් හමුදාව හැර යනවා වගේම බරපතළ ගැටලුවක් මේ භික්ෂු ශාසනය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙනවා. විහාරස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අනෙකුත් ආගමික ආයතන වලත් මේ ගැටලුව ඇති. ඒ ආගමික ආයතන වල පැවැත්ම පිළිබඳව බරපතළ ප්‍රශ්නයකයට අපි මුහුණ දීලා තියෙනවා. අපි ඒක පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ ආගමික සංස්කෘතික කාරණා පිළිබඳව, සාහිත්‍යය පිළිබඳව, කලාව පිළිබඳව විශාල වෙනසක් දැන් අපිට පේනවා මේ සමාජයේ ඇතිවෙලා තියෙනවා පරිවර්තනීය වෙනසක්. ඉස්සර අපේ භාෂාවේ අපහාසාත්මකව පාවිච්චි කරපු වදත් අද, මේ අපේ මුහුණු පොත සහ අනෙකුත් දෑ නිසාත්, අද සාමාන්‍ය භාෂාවේ කොටසක් බවට පත්වෙලා තියෙනවා. සින්දුත් අමු සින්දු වෙලා තියෙනවා. කලාවත්, අමු කලාව වෙලා තියෙනවා. කාලයකට පෙර මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න, බිය වෙච්ච කාරණා, මත්පැන් බොන ඒවා වේවා, ලිංගික කාරණා වේවා, අද විවෘතව සාකච්ඡා වෙන ස්වභාවයකට පත්වෙලා තියෙනවා. ඒ මොකක්ද? මේ ආර්ථික අර්බුදය විසින් විසුරුවා හරින ලද සමාජ ඛේදවාචකයක. කොටස් වලට තමයි මුහුණ දීලා තියෙන්නේ.

මේ ආර්ථික අර්බුදයෙන් මිදෙනවා නම්, මිදෙන්න ඕනේ, ඒ සංස්කෘතික සාධක ජයගනිමින්, ඊට අනුකූලව මිසක්, මේ ඇතිවෙලා තියෙන කළු ආර්ථිකය නීතිගත කරලා, ඒ හරහා මේ ආර්ථිකයෙන් අපිට ගමනක් නෑ. ආර්ථිකයෙන් ගොඩ ඒමෙන්, අපි මේකට ගොඩනැගිය යුත්තේ, පූර්ණ සංස්කෘතික මිනිසෙක් ගොඩනඟා ගැනීමත්, එක්කයි, මේ ආර්ථික අර්බුදයෙන්, අපි ගොඩ ආ යුත්තේ. ඒකට අපේ ආගමික අයිතිය, ඒකට අපේ සංස්කෘතික සමාජ අයිතියත්, රැකගනිමින් තමයි, ඒ මානව ගති ලක්ෂණ ගොඩනගා ගනිමින් තමයි අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ. ඒ නිසා මේ ආර්ථික අර්බුදය සාමාන්‍ය බඩගින්න පිළිබඳ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි අද අපි විසින් අවුරුදු දහස් ගාණක් තිස්සේ ගොඩනඟාගත් අපගේ සමාජ, ආර්ථික කාරණා පමණක් නෙවෙයි. ආගමික සංස්කෘතික ඒ දැලත් සම්පූර්ණයෙන් විසිරිලා ගිහිල්ලා, මුළු රටම සමාජීය වශයෙන් සම්පූර්ණ අතරමං වෙන තත්ත්වයක් තියෙන්නේ.

මේ රට විසින් දශක ගාණක් තිස්සේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයෙන් ගොඩනගාගත් මානව ප්‍රාග්ධනය, දැන් වසර දෙක, තුනක් ඇතුළත රටෙන් එළියට විසිවෙමින් යනවා. මේක මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් යනවා. මෙයින් ගලවා ගැනීමට නම් අපි වහාම ක්‍රියාත්මක වෙනවා මිසක් තාවකාලික අස්වැසුම් වලින් මෙය ගොඩනඟා ගන්න බෑ. ඒ සඳහා අපි විධිමත් පියවරක් ගන්න ඕනේ. ආර්ථික අර්බුදයෙන් ගැලවෙන ගමන්ම අපි මේ සංස්කෘතික මිනිසාත් ගොඩනඟා ගෙනම ඒ කටයුත්ත කළ යුතුයි.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

ජපන් රජයෙන් නවීන වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංයට ප්‍රදානය කෙරේ

Next Post

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති

editor

editor

Next Post
ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved