27 April 2024
#දේශීය

ජපන් රජයෙන් නවීන වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංයට ප්‍රදානය කෙරේ

ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ජපන් ජනරජයේ තානාපති H.E. Mizukoshi Hdeaki මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සමස්ත ප්‍රදානයන් හි පළමු අදියරට අදාලව Angio-CT යන්ත්‍රය සදහා අවශ්‍ය වන අනෙකුත් විකරණ උපකරණ (Radiology Equipment (Angio-CT Machine), ශල්‍ය උපකරණ කට්ටල (Surgical Instument set), අක්ෂි උපකරණ ( (Automated Refractomter and Three Slit Lams), දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක් මෙහිදී ප්‍රදානය කෙරිනි.

ජපන් ජනරජයේ තානාපති H.E.Mizukoshi Hdeaki මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් ඉහත ප්‍රදානය ලබාදීම සිදු වූ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත එම ප්‍රදානය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ් හේවගේ යන මහත්ම මහත්මින් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *