• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩ ගහලා මාලිමාවේ ගමන නවත්වන්න බැහැ -වසන්ත සමරසිංහ

12 March 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මඩවලින්, අවලාදවලින් මාලිමාව දිනන එක නවත්වන්නට බැරි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා “ මේ පළාත් පාලන මැතිවරණය එන තෙක් රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේ රටේ බලය මාලිමාවට දෙන්න මුල් අඩිතාලම දාන්න මේ ජනතාව සූදානම්. රනිල් හා රාජපක්ෂලා, ගෝලයෝ එකතුවෙලා ඒ ජයග්‍රහණය කිලිටි කරන්න, මඩ තවරන්න ඉතා බොළඳ උත්සාහයක් ගනිමින් ඉන්නවා. ඊයේ පාර්ලිමේන්තුවේදී මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා, ඊට කලින් දිනයේ කාංචන විජේසේකර පවසනවා වෘත්තීය සමිති නායකයෝ හැටියට ආයතනවලින් කප්පම් ගන්න බවට චෝදනාවක්. අපි කියනවා එයාලට ආණ්ඩුව, පොලිසිය, නීතිය තිබෙන්නේ ඔයාලගේ අතේ. තැන් තැන්වල ප්‍රකාශ කරන්නේ නැතිව, නීතිය ක්‍රියාත්මක කරලා, චෝදනා ඔප්පු කරලා දඬුවම් දෙන්න. ඔයාලා මතක තබාගන්න, ආණ්ඩුව කරන්නේ අපි නම්, මේ වෙනකොට ඔයාලා ඇතුලේ. තැන තැන කියව කියවා යන්නේ නැහැ. ඔයාලා මේ බයවෙලා තිබෙන්නේ ඇතුළට යන එකට තමයි.

මේ රටේ මහජනතාව පීඩාවට පත්වෙලා තිබියදී, වරාය දාපු තෙල් නැව නවත්වාගෙන, ඒ තෙල් නැවට ස්පොට් ටෙන්ඩරයේ දාන්න බැරල් එකට කොමිස් එක ඩොල්ර 05ක් තිබුණු එක ඩොලර් 24 – 30 දක්වා ගිහින්. එවා බෙදා ගත්ත හැටි අපි ඉදිරියට කියන්නම්. කාංචන විජේසේකරට අපි කියනවා, තොරතුරු අරගෙන ඇවිත් ඔප්පු කරන්න කියා. ඊයේ මනුෂ කියනවා, “අපි කියන්නම්ලු ගන්න හැටි” අපිත් කියන්නම් ඔයාලා ගන්න හැටි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා, පාර්ලිමේන්තුවේ කරන කථා මේ වගේ එළියට ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියන්න කියා අපි කියා සිටිනවා. ඒකට ඔයාලට කොන්ද පණ නැහැ. කොන්ද තියෙනවා නම්, එළියට බැහැලා කියන්න. එයාලා දන්නවා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නොහැකි බව. මේ අපි එළියේ කරන ප්‍රකාශවලට පුළුවන්නම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. ගන්න බැරි, ඔයාලා මේවට චූදිතයෝ, දූෂිතයෝ, බව මුළු රටම දන්නවා. ගල් අඟුරු ටෙන්ඩරයෙන් ගහන්න හැදුවේ කොහොමද කියල දන්නවා. තෙල් නැව් ගෙනැත්, ඒවා නවත්වාගෙන ඒවාගෙන් ගහන්නේ කොහොමද කියා දන්නවා. අනෙක් පැත්තෙන් ගෑස් මිලදී ගන්න ගොස් නැව්වලින් ගහපු හැටි දන්නවා. ඒ විතරක් නොවෙයි පක්ෂ මාරුකරන්නත් සල්ලි ගත්ත හැටි අපි දන්නවා. කාංචන විජේසේකරට කියනවා, දෙවුන්දර දේවාලේ නිලමේ කාලයේ නිලමේකම පාවිච්චි කරලා පොළ කරන්න ගිහින් නඩු වැටුණා. ඒක ෂේප් කරගත්තා. එතැන් සිට ඔයාත් ඔයාගේ තාත්තාත් කළ දේවල් අපි කියන්නම්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රට යන එකට අදාළව සීමාවක් පැනවී තිබෙනවා. ඇයි? ඩොලර් 141ක ඉන්ෂුවරන්ස් එකක් ගන්නවා. මේ රටේ අයෙක් විදෙස් රටක සේවයට හෝ සංචාරයට යනවා නම්, මේ රටේදී හෝ විදෙස් රටේදී හෝ ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකක් දාලා යන්න පුළුවන්. ඉන්ෂුවරන්ස් එක දාගෙන යනකොට ඒක රී ඉන්ෂුවරන්ස් එකක් කරන්න ඕනෙ. ලංකාවේ නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලෝකයේ පිළිගත් සමාගමක් රී ඉන්ෂුවරන්ස් කරනවා නම් ඒ සමාගමෙන් තමයි ඉන්ෂුවරන්ස් එක ලබාගෙන තිබෙන්නේ. ඊයේ පෙරේදා ශ්‍රී ලංකා විදෙස් නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලිපියක් ගහනවා සියලු විදෙස් සේවා නියුක්ති කාර්යාලවලට මේ ඩොලර් 141ක ඉන්ෂුවරන්ස් එක පිළිබඳ ප්‍රශ්නය ඇද්ද නිසා කුවේට් රටේ තිබෙන මේ සංවිධානයෙන් ඒ සමග ගනුදෙනු කරන අය ඒ සංවිධානයෙන් අයින් වුණේ නැතිනම් ඒ අයට විදෙස්ගත වෙන්න අවශ්‍ය පහසුකම් සපයන්නේ නැති බවටත් අනුමැතිය නොදෙන බවටත්. මේ තමන් කළ වංචාව අහුවුණාම නිලධාරීන් පාවිච්චි කරලා වංචාව වහගන්න, වංචාව හෙළිකළ මිනිසුන්ව හිරේ යවන්න හදනවා. බැරියර් දානවා. 2022 තුන්ලක්ෂ විසිදහසක් පිටරට ගියා. පසුගිය ජනවාරි 15දා සිට රට යන එක නවත්වලා තිබෙන්නේ ඇයි? මේ ඩොලර් 141 ඉන්ෂුවරන්ස් එකට ඇත්තට යන්නේ ඩොලර් 51ක්. ඩොලර් 100ක් 90කට ආසන්න මුදලක් මේ අය සාක්කුවේ දාගන්නවා.

ඕමාන් රටේ ඉන්ෂුවරන්ස් කොම්පැනියක් තිබෙනවා. ඩොලර් ටික ඒකට පෞද්ගලිකව යවන්න ඕනෙ. මේවා මනුෂලා කරන ජාවාරම්. රටේ මිනිස්සු රවට්ටලා ගන්න ඒවා. මේවාට දාන්න නඩු. රට යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගාස්තුව රුපියල් 17,922යි. ඒ රටේ වීසාවලට අදාළ ගිවිසුම්වලට ගන්නවා රුපියල් 25,613යි. විදෙස් සේවා සෙස් බද්ද ලෙස රුපියල් හතළිස් හත්දහස් හතළිස් නවයක බදු මුදලක් ගන්නවා. සෙස් බදු ගහන්නේ මොකටද? අදාළ කර්මාන්තයට උදව්වක් කරන්න. රට යන මිනිසුන්ගෙන් යැපෙන ඇමතිවරුන්ට මේ බද්ද ගන්නවා. මේ තරම් බදු මුදල් අරගෙනත් ඉන්ෂුවරන්ස් එකෙන් කොල්ලකනවා. මේ අවලාද, බොරු, ප්‍රචාරය කරන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුක් හැදුවාට පස්සේ මේ ගොඩක් අයට ඉන්න වෙන්නේ හිරගෙවල්වල කියා එයාලා දන්නවා. මහජන දේපොළ කොල්ලකාපු, ඩීල් දාලා, ගේම් ගහලා, රටේ ජනතාවට බර පටවපු මේ බොහෝ අය අද පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මාලිමාවට මඩ ගහන්න. අපි ජාතික ජන බලවේගය හැටියට අභියෝග කරනවා හැකියාවක් ඇත්නම් ඔයාලගේ ටීවී නාලිකා අරගෙනවිත් මේ ගහන මඩ ඔප්පු කරන්න. පගා රැගෙන තිබෙනවාද? ගත්ත සමාගම් මොනවාද? ඒ සමාගම්වල මිනිසුන්ගෙන් අහලා බලන්න. කොම්පැනිවලින් අහලා බලන්න. ලංකාවේ ලොකුම වෘත්තීය සමිතිය අපේ. ඔයාලට වෘත්තීය සමිති තිබෙනවාද? ඩීල් දාන නිසා, අයිතිවාසිකම් දිනා නොදෙන නිසා, සේවකයෝ ඔයාලාව අතහැර ගොස් තිබෙන්නේ. අන්තර් සමාගම් සේවක සංගමය තමයි ලංකාවේ තිබෙන පෞද්ගලික අංශයේ විශාලම වෘත්තීය සංගමය. ලංකාවේ වැඩිම පඩි ගන්න, වැඩිම බෝනස් ගන්න, වැඩිම ලාභ ලබන, කොම්පැනි තිබෙන්නේ අන්තර් සමාගම් සේවක සංගමයට. දැනුත් වෘත්තීය සමිති හදන සංගමයක් මේ සංගමය. ඔය මඩවලින්, අවලාදවලින් මේක නවත්වන්න බැහැ. සේවකයන්ට අයිතිවාසිකම් අරගෙන දෙනවා වගේම ආයතනත් සුරක්ෂිත කරගෙන, මෙ රට ඉදිරියට යන්නේ කොහොමද කියා දකින, වැඩකරන පංතියයි, ඒවායේ හාම්පුතුයි ඔක්කෝම එකට එකතුවෙලා මෙවර මාලිමාව දිනවනවා යැයි වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

දරුවන්ගේ පෝෂණය ගැන දෙමාපියන් දැනුවත් කිරිම සෞඛ්‍ය අංශයේ වගකීමක් – නගරාධිපතිනි රෝසි

Next Post

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS – 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

editor

editor

Next Post

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved