• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තරයේ අභියෝගය ජයගැනීමට යොවුන් පාර්ලිමේන්තුව කැප විය යුතුයි – ජනමාධ්‍ය ඇමැති ඩලස්

19 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනාගතයේදී ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් හා අද්වීතීය ස්ථානයක් දිනාගැනීමේ අභියෝගය ජයගැනීම උදෙසා යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් කැප වී කටයුතු කළ යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව, මනම්පිටිය, රජරට මහවැලි ප්‍රතිභා ශාලාවේ දී අද (19) පැවති යොවුන් පාර්ලිමේන්තු සංසදයේ දසවන සංවත්සරයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා, “ මා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ කාලයේදී ලාංකීය තරුණ තරුණියන්ගේ අනාගතයේ අවිනිශ්චිත බව තේරුම් ගෙන ඊට විකල්පයක් ලෙස ගත් තීරණ අතරේ ප්‍රධාන තීරණයක් තමයි මේ යොවුන් පාර්ලිමේන්තුව. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව තමයි මේ යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ කළේ. එදා මං මෙය හැඳින්වූයේ “දියවන්නාවට විකල්පයක්” ලෙසයි. පාර්ලිමේන්තුව අමතා කළ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙත් තියෙනවා. යොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රඡාත්‍රන්තවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇප කැප වීමයි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස් ඡන්දය, නිදහස් මැතිවරණය වැනි අයිතීන් පමණක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුනාගැනීමේදී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම, ප්‍රකාශනයේ භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීම, සංස්කෘතික නිදහස ආරක්ෂා කර ගැනීම, පාරිසරික මෙන්ම සත්ත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමත් ඒ අතර වෙනවා. මේ කරුණු වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාර පහක සාමාජිකයින් කොතරම් කැපවී කටයුතු කර තිබේද යන්න ඔබම විමසා බැලිය යුතුයි. අප යොවුන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව හදද්දී කුඩා කරුණු පවා විමසා බලමිනුයි එය සකස් කළේ. එහි ජාතික ලැයිස්තුවක් අප නිර්මාණය කලා. ඒ සඳහා පැමිණිය යුත්තේ කවුද යන්නත් තීරණය කලා. ඒ අනුව තමයි ලංකාවේ පළමු වතාවට ආදිවාසී ප්‍රජාව නියෝජනය කරන පළමුවෙනි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරාපත්කරගන්න අපට අවස්ථාව ලැබුණේ. ඒක මේ රටේ ආදිවාසීන්ට ජාතික තලයේ අවස්ථාවක් ලැබුණු පළමු අවස්ථාව. එමෙන්ම අබාධිත පුරවැසියන් සඳහාද අපි ඒ ජාතික ලැයිස්තුවෙන් කොටසක් වෙන්කළා.
මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන ශීලාචාර ශිෂ්ට සම්පන්න රටවල් තමයි ලෝකයේ දියුණු රටවල් කියන්නේ. යොවුන් පාර්ලිමේන්තුව මූලිකව අවධානය යොමුකල යුත්තේ ශිලාචාර සමාජයක් නිර්මාණය කරගත යුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනුයි. එවැනි පිරිසකට ලෝකයේ දොරගුළු විවෘතයි. ශ්‍රී ලාංකීය ජාතියක් විදියට ලෝකයේ නිශ්චිත අද්වීතීය ස්ථානයක් නිර්මාණය කර ගැනීම සම්බන්ධෙයන් යොවුන් පාර්ලිමේන්තුව අවධානය යොමුකල යුතුයි. පළමු යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල පිරිසෙන් කීප දෙනක් මේ වන විට ජාත්‍යන්තර සංවිධානවල ඉහළ තනතුරු හොබවනවා. මම දේශපාලනයෙන් විශ්‍රාම ගත් කාලයක අමාත්‍යවරයකු වශෙයන් ඒ කාලයේ ගත් මෙවැනි ඵලදායී තීරණ ගැන සතුටු විය හැකියි”

මෙම නව සංකල්පය ජනගත කර සාර්ථකව ක්‍රියාත්මක කිරීම අගයමින් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තිළිණයක් ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝසභාවේ ගරු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර ස්වාමීන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ සභාපති රවීන්ද්‍ර පී. කුලසේන මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ ලේකම් නිෂාන් මධුෂංක මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසඳයේ පොලොන්නරු සභාපති, ජාතික තරුණ පෙරමුණේ සභාපති එච්.එම්.එස්.කේ. නිශ්ශංක මහතා, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ දමිළ නියෝජිත පී.එස්. රාගේෂ්වරී මහත්මියද ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

Post Views: 8
Previous Post

කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය එළැඹෙන ජනවාරි කොළඹ දී

Next Post

දිවයිනේ මූලික රෝහල්වල ළමා රෝග අංශ සඳහා වෛද්‍ය උපකරණ

editor

editor

Next Post

දිවයිනේ මූලික රෝහල්වල ළමා රෝග අංශ සඳහා වෛද්‍ය උපකරණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved