27 April 2024
#දේශීය

දිවයිනේ මූලික රෝහල්වල ළමා රෝග අංශ සඳහා වෛද්‍ය උපකරණ

ළමා රෝගවලට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන නවීන වෛද්‍ය උපකරණ කට්ටල, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිලධාරීන් වෙත පසුගියදා පරිත්‍යාග කර තිබේ.

ඒ, කොළඹ 10, “ඔසු පියස”, ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින්, එම වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා වෙතය.

මෙම වෛද්‍ය උපකරණ, බස්නාහිර, උතුර, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පිහිටි මූලික රෝහල්හි ළමා රෝග අංශවල ප්‍රතිකාර සඳහා යොදාගනු ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා ද සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *