27 April 2024
#දේශීය

අධිවේගි මාර්ගයේ ගිය අපරික්ෂාකාරිව ගිය තරුණයින් අත්අඩංගුවට

පසුගිය සෙනසුරාදා අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ රථයක ගමන් කල සිව්දෙනා අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එම පුද්ගලයින් සිව් දෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය.

එසේම අධිවේගි මාර්ගයේ අපරික්ෂාකාරිව ගමන් කල රථයේ රියදුරාව ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

මෙම අත්අඩංගුවට ගැනීම් අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශ නිලධාරින් විසින් සිදු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

එසේම එම රථයේ අපරික්ෂාකාරිව ගමන් කල අනෙක් තරුණයින් අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 20 වයසේ පසුවන්නන් බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *