• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘අපේ කොල්ලෝ’ YouTube හි ට්‍රෙන්ඩින් ලැයිස්තුවට එක්වෙයි

26 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිකට් තරම් මේ රටේ ජනතාවගේ හදවතට සමීප වුණු ක්‍රීඩාවක් තවත් නැති තරම් ය. 1996 දී ICC ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ ම මුළු ලෝකයේ ම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු විණි.

එම ජයග්‍රහණයත් සමග ම මේ රටේ ක්‍රීඩා ලෝලීන් තුළ ක්‍රිකට් ගැන තිබුණු ඇල්ම සහ ආකර්ෂණය කිහිපගුණයකින් වැඩි වුණා යැයි කිවහොත් එය නිවැරදි ය. 2007, 2011 යන වසරවල ICC ලෝක කුසලාන අවසාන මහා තරඟය සඳහා වරම් දිනා ගැනීම, 2014 වසරේ දී ICC T 20 ලෝක කුසලානය දිනා ගැනීම, 2002 වසරේ දී ICC ශූරයන්ගේ කුසලානය දිනා ගැනීම, 1986, 1997, 2004, 2008, 2014 යන වසර වල දී ආසියානු කුසලානය දිනා ගැනීම වැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් සමග ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එමෙන් ම ලොවක් මවිත කළ, ලොවේ ම ගෞරවය දිනාගත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක චරිත ගණනාවක් ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයිනෙන් බිහි වූ අතර, අනාගතයේ දී පවා බිඳලිය නොහැකි වාර්තා ගණනාවක් තම නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට ඔවුන් සමත් වුණු බව දැඩි අභිමානයෙන් පැවසීමට හැකි ය.

දශකයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්ව මෙවර T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ‘අපේ කොල්ලෝ’ නමින් තේමා ගීතයක් නිර්මාණය කෙරිණි. අපේ ක්‍රිකට් ක්‍රීඩාව නිරන්තරයෙන් ම සංගීතය සමග බැඳී තිබෙන බව පැවසුවහොත් නිවැරදි ය. එමෙන් ම අපේ බොහෝ ක්‍රිකට් ජයග්‍රහණ සමරා තිබෙන්නේ ද ගීතයෙනි. එකම ජාතියක්, එකම සහෝදර කැළක් ලෙස මෙ රට සියලුම ජනතාව ඒකාරාශී කිරීමට සමත් වූ ක්‍රිකට් මෙන් ම, මෙම ගීතයත් ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී තිබේ. ‘අපේ කොල්ලෝ’ ගීතය YouTube හි ට්‍රෙන්ඩින් වීම ම මෙ රට තරුණ පරපුර මෙම ගීතය වැළඳගත් බවට හොඳ සාක්ෂියකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ද සුබවාදී ආකල්ප ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ට්‍රයඩ් ආයතනය විසින් රචනා කළ මෙම ගීතය, ජනප්‍රිය ලාංකීය ගායන ශිල්පීන් මෙන්ම ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය සහ සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, මධුවි සහ ආරාධිත ශිල්පී රෝයි ජැක්සන් එක්ව ගායනා කර ඇත.

‘අපේ කොල්ලෝ’ ගීතය මෙරට විශාල පිරිසක් වැළඳගැනීම, අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී මානසිකත්වය ඉහළ නැංවීමට ඉතා හොඳ උත්තේජනයක් බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම අපේකම, එකමුතුකම වර්ධනය කර, එකාවන් ව අපේ කොල්ලන්ට ජය පැතීමට මෙම ගීතය මිල කළ නොහැකි කාර්‍යභාරයක් ඉටු කර යි. මෙම ගීතය වටා විශාල ජනකායක් ඒකරාශී වීම නිසාම ක්‍රීඩකයන් වෙත ඔවුන් තනි වී නොමැති බව ඒත්තු ගැන්වීමට ද හැකි වී තිබේ. මෙලෙස ඩයලොග් දියත් කළ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් නැංවීමට මහඟු කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසුවහොත් නිවැරදි ය.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ වග‍ේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක නිරත ඩයලොග් ආයතනය, ශ්‍රී ලාංකීය ක්‍රිකට් බල ගැන්වීමේ දශකයට ආසන්න සබඳතාවය 2023 දක්වා දිගු කර ඇත්තේ ශ්‍රී ලාංකීය ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙමිනි. ඩයලොග් සමාගම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක් කරන අතරම, සමස්ත ලාංකිකයන් ලෙස අපේ කොල්ලන් හට දිරිය ලබා දීමට සම්ත ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබ සැමට මෙසේ ආරාධනා කර සිටී.

අපේ කොල්ලන්ට දිරිය දෙන්න ඔබත් එක්වන්න : https://dlg.lk/apekollo

 

පිටපත -PR

Post Views: 0
Previous Post

කොරෝනා එන්නතේ සංකූලතා ගැන ජනතාව දැනුවත් කරන්න – වෛද්‍ය උදාර

Next Post

පළමු පොපි මල ජනපතිට පළඳවයි

editor

editor

Next Post

පළමු පොපි මල ජනපතිට පළඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved