27 April 2024
#දේශීය

කොරෝනා එන්නතේ සංකූලතා ගැන ජනතාව දැනුවත් කරන්න – වෛද්‍ය උදාර

කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබදව සමීක්ෂණයක් පවත්වා රජය සහ ජනතාව දැනුවත් කරන්නැයි සියලුම මාධ්‍ය ආයතනවලට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා පවසයි.

එන්නතෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබද විදෙස් මාධ්‍ය ආයතනය විසින් විවිධ මාධ්‍ය වාර්තා එලිදක්වමින් සිටින බවත්, ලංකාවේ මාධ්‍ය ආයතනද ඒ ආකාරයට ඇතිවන සංකූලතාවන් පිළිබද කතිකාවක් ඇති කිරීම මාධ්‍ය සතු වගකීමක් බවද සියලුම මාධ්‍ය ආයතන වෙත ලිපියක් යොමුකරමින් වෛද්‍යවරයා සදහන් කරයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් වන තුරු තරුණ පිරිස් හා ළමුන් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව කල් දමන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටීයේය.

එන්නත්කරණයෙන් පසුව සංකූලතා ඇතිවීමේ සිදුවීම් රටේ සියලුම ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති බවද ඒ සම්බබන්ධයෙන් සාක්ෂි පවතින බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මාධ්‍ය ආයතනවලට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *