යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් අද (අප්‍රේල් 07) සිදුකළ විශේෂ ප්‍රකාශයකට අනුව, රුසියානු බුද්ධි අංශ විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන 55ක ලැයිස්තුවක් ඉරානය වෙත ලබා දී තිබේ. ඊශ්‍රායලයේ විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමේ අරමුණින් මෙම තොරතුරු හුවමාරු වී ඇති බව වාර්තා වේ.
RN Intel පුවත් සේවය සඳහන් කරන පරිදි, මෙම ඉලක්ක ලැයිස්තුවට ඊශ්‍රායලයේ විශාලතම විදුලි බල මධ්‍යස්ථානය වන ඔරොට් රබින් (Orot Rabin) බලාගාරය ද ඇතුළත් ය. රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් විනාශ කිරීම සඳහා භාවිත කළ උපායමාර්ග සහ තාක්ෂණය දැන් ඉරානය වෙත ලබා දී ඇති බවට ජනාධිපති සෙලෙන්ස්කි චෝදනා කරයි.
විශේෂයෙන්ම ෂාහෙඩ් (Shahed) ඩ්‍රෝන යානා මෙහෙයවීම, ගුවන් ආරක්ෂක පද්ධති මග හැරීමේ උපක්‍රම සහ යටිතල පහසුකම් ඉලක්ක කිරීමේ වසර දෙකක අත්දැකීම් රුසියාව විසින් ඉරානය සමඟ බෙදාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම නව අනාවරණයත් සමඟ මැදපෙරදිග යුද්ධය සඳහා රුසියාවේ සෘජු දායකත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, එය ගෝලීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














