27 July 2024
#දේශීය

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී ඊයේ (05 ) දින පැවැත්විනි.

මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව තානාපතිවරයා කරුණු ඉදිරිපත් කළ අතර, එය ශ්‍රී ලංකාවටද වැදගත් ප්‍රශ්නයක් වන අතර එය විසදීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *