27 April 2024
#ක්‍රීඩා

දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැස්සක්

100 x 4 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුයේ තත්ත්පර 39.14 ක කාලයක් තබමින්.  කෙටිදුර ධාවන ශුරයින් වන හිමාෂ ඒශාන් , විනෝජ් සුරංජය , චානුක සන්දීප හා යුපුන් ප්‍රියදර්ශන ශ්‍රී ලංකා කන්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කාන්තා 100 x 4 කණ්ඩායම ද තත්ත්ත්පර 44 .89 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ය.

ලක්ෂිකා සුගන්ධි, සදීපා ඇන්ඩර්සන්, අමාෂා ද සිල්වා, සාරංගි ලක්ෂිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිටර් 5000 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රිඩිකා නිලානි රත්නායක සමත්වුණා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *