• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ ආරක්ෂාව අපම සළසා ගත යුතුයි – කොළඹ නගරාධිපතිනිය කියයි

17 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛසරය සමඟ ජිවත්වනවා කියන්නේ ජිවිත්වනවා කියන එකම නොවන බවත් අපේ ආරක්ෂාව අපම සළසා ගත යුතු බව කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශක් කරමින්.

 

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

යි.අපේ ආරක්ෂාව අපි සලසා ගත්තේ නැතිනම් අපිව බලාගන්න කවුරුවත් එන්නේ නැහැ.සෞඛ්‍ය නිර්දේශ වලට අනුව කටයුතු කරලා කොරෝනා පාලනය කිරීමට රජයටත්, කොළඹ මහ නගර සභාවටත් සියලුම දෙනාගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන්න.

කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙනවා කියන්නේ දෙවැනි රැල්ල සමඟ ජීවත් වෙනවා කියන එකනෙවෙයි.

කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදකලා ප්‍රදේශ වල සිටින පවුල් සඳහා අපෙන් හා රජයෙන් ලැබෙන සහන පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. PCR පරීක්ෂණ සිදු කර කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගත් පුද්ලගයින් සිටින පවුල් වලට පමණක් නොව හුදකලා ප්‍රදේශ වල සිටින සියලුම පවුල් සඳහා වියලි ආහාර ලැබිය යුතුයි.

මම විශ්වාස කරනවා කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙනවා කියන්නේ දෙවැනි රැල්ල සමඟ ජීවත් වෙනවා කියන එක නෙවෙයි. කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙන්නනම් දෙවැනි රැල්ල පාලනය කල යුතුයි. දෙවැනි රැල්ල පාලනය කරලා කොරෝනා වෛරසය සමඟ ජීවත් වීමට කිසියම් වැඩපිළිවලක් සැකසිය යුතුයි. ඒ සඳහා රජය ක්‍රියා කල යුත්තේ කෙසේද? ජනතාව ක්‍රියා කල යුත්තේ කෙසේද? කොළඹ මහ නගර සභාව ක්‍රියා කල යුත්තේ කෙසේද? සෞඛ්‍ය අංශය ක්‍රියා කල යුත්තේ කෙසේද? ව්‍යාපාරික ජාලය ක්‍රියා කල යුත්තේ කෙසේද? යන්න සඳහන් කර නිසි සැළැස්මක් වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අපිට හදුන්වා දිය යුතුය.

අපි කොච්චර ජනතාවට කිව්වත් කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙන්න කියලා පැල්පත්වාසී දුගී දුප්පත් ජනතාවට එහෙම කරන්න අවකාශයක් නැහැ. ඔවුන්ට වෙන් වෙන් ලෙස ජීවත් වෙන්න නිවෙස් තුළ ඉඩ පහසුකම් සහ වැසිකිළි පහසුකම් නැහැ. ඒ නිසා කොළඹ නගරය තුළ දැඩි පාලනයක් සිදු නොකළහොත් විශාල පිරිසක් මිය යෑමේ ප්‍රවණතාවය වැඩි වේවි.

අපි මේ අවස්ථාවේදී හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බලා කටයුතු කරන්න ඕනේ. මමත් නාගරික මන්ත්‍රීවරුන් සමඟ එකතුව කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වල පවුල් 70,000 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීමට කටයුතු කරනවා. නගර සභාවේ දේශිය වෛද්‍ය දෙපාර්තමේන්තුව හරහා සිදු කරගෙන යනු ලබන සියලුම වෛද්‍ය සායන අඛණ්ඩව පවත්වාගෙන යනවා වගේම ජනතාවට අවශ්‍ය කරන ඖෂධ ඔවුන්ගේ නිවෙස් තුළටම ලබා දීමට කටයුතු කරනවා. කොළඹ නගරයේ කැළි කසල සුද්ධ පවිත්‍ර කිරීම් මල නල පද්ධති සුද්ධ පවිත්‍ර කිරීම් මේ අවධානම් තත්වය හමුවෙදීත් අඛණ්ඩව සිදු කරගෙන යනවා. කොළඹ නගරයේ ජනතාව අසීමාන්තික ලෙස අසනීප වුවහොත් අවසානයේදී කොළඹ නගරයේ කැළි කසල, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට පවා ඉදිරියේදී කෙනෙකු නැති වේවි. ජනතාවට සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සඳහා සෞඛ්‍ය උපකරණ කට්ටල 5,000 ක් මේ වන විටත් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මම රාජ්‍ය සහ පෞද්ගලික අංශ වලින්, ව්‍යාපාරික ස්ථාන වලින් සහ බැංකු වලින් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබා දීමට සහයෝගය අපේක්ෂා කරලා ලිඛිතව ඉල්ලීම් සිදු කරලා තියෙනවා.කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන ලක්ෂ 6 ½ ක් සමස්ථ ජනතාවටම මුඛ ආවරණ නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. කොළඹ මහ නගර සභා සීමා තුළ කාන්තාවන්ට මුඛ ආවරණ මැසීම ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දිමටත් කටයුතු කරනවා.මම නගරාධිපතිනිය හැටියට මාගේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.

වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මා ඉල්ලා සිටින්නේ යම් කිසි නිර්ණායකයන් හරහා මධ්‍යම රජයට මේ තත්වය පාලනය කිරීමට හැකි ක්‍රමවේදයක් සකසා දෙන්න කියලා.මුළු කොළඹ නගරයම අවම සති 03 ක කාලයක් හුදකලා කරලා එහි සිටින කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කරලා , එම ප්‍රදේශ වල සංචරණ සීමා දැඩිව තර කරලා අත්‍යාඅවශ්‍ය සේවා වලට පමණක් නගරය විවෘත කර, ආහාර බෙදා හැරීමේ ජලය පමණක් කියාත්මක කරමින් ඔවුන්ට ජීවත් වීමට නිසි ක්‍රමවේදයක් සැකසීම මඟින් මේ තත්වය පාලනය කිරීමට පුළුවන් කියලා මා විශ්වාස කරනවා.

කොළඹ නගරය දැඩි පාලනයට නතු කර සංචරණය සීමා කලේ නැතිනම් අපිට මීට වඩා භයානක තැනකට යන්න සිදු වෙනවා.දින 14 ක් හෝ සින 21 ක කාලයක් අවදානම් ප්‍රදේශ හුදකලා කරලා මේ තත්වය පාලනය කලේ නැතිනම් භයානක තත්වයක් ඇති වේවි.මේ තත්වය පාලනය කල පසු අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදු කර මෙම වෛරසය තවමත් සමාජයේ පවතිනවාද නැද්ද යන්න තහවුරු කරගෙන රට විවෘත කිරීම කල යුතුයි. නැතිනම් මෙම වෛරසය අනික් ප්‍රදේශ වලටත් ඉතාමක් සීග්‍රයෙන් පැතිරී යාමේ ඉඩකඩ වැඩියි. වසංගත රෝග විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය උපදෙස් වලට අනුව අපි ක්‍රියාත්මක වුනේ නැතිනම් ඔවුන්ට අපිට දොස් පවරන්න පුළුවන්.මට තේරෙන විදියටනම් අපි මේ හුදකලාවේ අතපත ගාමින් සිටිනවා.අපට පුළුවන් ප්‍රමාණය තමයි අපි කරන්නේ.නමුත් නගරය ආරක්ෂා කරන්න අනිවාරයෙන්ම මධ්‍යම රජයේ සහයෝගයත් අපිට අවශ්‍යයි.

අපි කොරෝනා ආසාදියන්ගේ පළමුපෙල සහ දෙවනපෙල ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. නමුත් අහඹු ලෙස තොරා ගත් පුද්ගයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරිමට අපිට වත්කමක් හෝ පහසුකමක් නැහැ. පවතින තත්වය හමුවේ අපේ සෞඛ්‍ය කණ්ඩායමට සහයෝගය ලබා දීමට මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන් තාවකාලිකව නැවත සේවයේ යෙදවීමටත්,වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහය දෛනික දීමනාවක් සමඟ ලබා ගැනීමටත් අපි තීරණය කරලා තියෙනවා.

මම මේ අවස්ථාවේදී ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා. අපේ ආරක්ෂාව අපිම සළසා ගත යුතුයි.අපේ ආරක්ෂාව අපි සලසා ගත්තේ නැතිනම් අපිව බලාගන්න කවුරුවත් එන්නේ නැහැ.සෞඛ්‍ය නිර්දේශ වලට අනුව කටයුතු කරලා කොරෝනා පාලනය කිරීමට රජයටත්, කොළඹ මහ නගර සභාවටත් සියලුම දෙනාගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන්න.

 

Post Views: 0
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

Next Post

සුව විරුවන්ට අවදානම් දීමනාවක් දෙන්නැයි රජයෙන් ඉල්ලයි – හිටපු මන්ත්‍රී උපාලි

editor

editor

Next Post

සුව විරුවන්ට අවදානම් දීමනාවක් දෙන්නැයි රජයෙන් ඉල්ලයි - හිටපු මන්ත්‍රී උපාලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved