27 July 2024
#දේශීය

ආණ්ඩුව අසාර්ථකයි ! – මහලේකම් රංජිත් කියයි

ජනතාවගේ සහාය නොලබන ඇතැම් පිරිස් විසින් සමගි ජන බලවේගය සන්ධානයට හානි කරන ප්‍රකාශ සිදු කරන බව එම සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අද (03) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ තම පක්ෂය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව මගින් පිළිගත් පක්ෂයක් බවට තහවුරු වි ඇති බවයි.

ඇතැම් පිරිස් විසින් සමගි ජන බලවේගය පක්ෂය ලියාපදිංචි නොවු පක්ෂයක් ලෙස පවසා සිටින බවත් එවැනි අසත්‍ය ප්‍රකාශවලට රැවටෙන්නට එපා යැයි ඔහු කියා සිටියේය. එසේම තමා මෙන්ම මෙම සන්ධානයේ සිටින බහුතරයක්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බවත් එක්සත් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමැතිය මගින් බිහි වු සන්ධානය මෙය බව ද හෙතෙම පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී නාමයෝජනා සඳහා කැඳවිම් සිදු කරන අතර සන්ධානයට සම්බන්ධ වි සිටින පක්ෂවල දිස්ත්‍රික්ක මට්ටමට අදාළ නාම යෝජනා ලබා දීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම සන්ධානයේ නාම යෝජනා ලබා දෙන්නේ කිසිදු චෝදනාවකට ලක් වු නොමැති පිරිසට පමණක් බව හෙතෙම පැවසිය. එසේම සමගි ජන බලවේගයට එක්වන්නට කැමැති ඕනෑම අයෙකුට නාමයෝජනා සඳහා ඉල්ලුම් කරන මෙන් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව අසාර්ථක අසමත් බවත් තම ආණ්ඩුව කාලයේදි දින 100ට කල කිසිදු දෙයක් වත්මන් ආණ්ඩුවට කරන්නට හැකි නොවු බව හෙතෙම කියා සිටියේය. යහපාලන ආණ්ඩුව කාලයේදි දින 100 කාලයේදී බඩු මිල අඩු කලා සේම, වැටුප් වැඩි කිරීමටත් හැකි වු බව ඔහු අනාවරණ කළේය. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ බඩු මිල ඉහල ගොස් ඇති අතර ඒ තුළින් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව අසමත් බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *