27 April 2024
#දේශීය

ජනතාව බලා ඉන්නේ මහ මැතිවරණයේදී ‘උකුස්සන් සහ කටුස්සන්’ ගෙදර යවන්නයි – ඇමැති විමල්

මේ රටේ පොදු ජනතාව බලා සිටින්නේ ඊළග මැතිවරණයෙන් තමන් උකුස්සන් ලෙස හදුන්වා ගන්නා දේශපාලනඥයින් හා කටුස්සන් ලෙස පාට මාරු කරන දේශපාලනඥයන් ගෙදර යැවීමට බව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) වැනිදා රුපියල් මිලියන 360ක වියදමින් ඉදිකළ වැලිඔය කර්මාන්තපුරය විවෘත කිරීමෙන් අනතුරුවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය. “ ආයෝජකයන් ගෙන්වා ගෙන කර්මාන්තපුරය සංවර්ධනය කර ප්‍රදේශවාසී තරුණ තරුණියන්ට ප්‍රථම අදියර යටතේ රැකියා 1020ක් ලබා දීමට අද අපට හැකි වුණා.
මෙම කර්මාන්තපුරය මගින් ඉදිරියේ දී ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත දෙදහස් පන්සීයකට රැකියා ලබා දීමට නියමිතයි. ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති නිව් යුනිවර්ස් කෝපරේට් ක්ලෝතින් පෞද්ගලික ආයතනයේ සහ ස්ටයිලිෂ් කැෂුවල් වෙයා ආයතනය මේ වන විට රුපියල් මිලියන 272.5ක ආයෝජන සිදුකරමින් 1020කට රැකියා ලබාදීමට ඉදිරි මාසය තුළ කටයුතු කරාවි. මාස තුනක් වැනි කෙටි කලකින් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අපි සියලු පියවර ගන්නවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *