27 July 2024
#දේශීය

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල මෙම දැඩි උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවතියි.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටි. වැඩබිම් තුළ සේවය කරන පුද්ගලයින් වැඩි වශයෙන් ජලය පානය කිරිම් සිදු කරන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *