27 July 2024
#දේශීය

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිත තිබේ. එම නව සන්ධානය පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා එම පක්ෂයට අනුමැතිය ලබා හිමිවිය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා වී තිබේ.

මේ අතර ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක මහත්වරුන්ට කටයුතු කිරිම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.

ඉදිරි වසර සඳහා පක්ෂයේ සෙසු නිලධාරින් පක්ෂ නායකත්වය විසින් ඉදිරියේ දී පත් කරන බවද එහිදී දැනුම් දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *