27 July 2024
#දේශීය

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවීම වැලැක්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාර

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කර මුහුණු පොතෙහි පල කර කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් රක්ෂිත බන්ධගාර ගත කිරීමට සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශක්තික සත්කුමාර යන අයව අප්‍රේල් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

ශ්‍රී ලංකා විසින් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසියක් ප්‍රඥපත්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලංකීක මහජනතාවට පොරොන්දු වී ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට මෙම ප්‍රඥාප්තිය මඟින් ඉඩ කඩ සලසා ඇත.

එසේම යම් කලා කෘතියක අන්තර්ගතය සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ විනිශ්චය කිරීම එක් දෘෂ්ටිකෝණයකින් පමණක් කළ නොහැකි සංකිර්ණ කටයුත්තක් නමුත් රජය විසින් මෙහිදී ක්‍රියාකර ඇත්තේ ඒ පිළිබඳ නොකමින් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාර එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කලා හා සාහිත්‍ය කෘතින් මෙන්ම නිදහස් මතධාරින්, ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් රජය නිසි අධ්‍යයනකින් තොරව තීරණ ගෙන ඇති බවයි.

එසේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝණය කිරීම රජය විසින් නොකඩවාම සිදු කරන බවත් ඒ පිළිබඳ තම සංගමය අවස්ථා ගණනාවකදී රජය වෙත දැනුම් දුන් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙවැනි අත්තනෝමතික ක්‍රියාකලාපයන් නතර කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නැවතත් සියළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් කර තිබේ.

නිදහස් මාධ්‍ය සංවිධානයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ. 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *