27 April 2024
#ව්‍යාපාර

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (National Construction Association of Sri Lanka – NCASL) නව සභාපති ලෙස සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු සුසන්ත ලියනාරච්චි මහතා එහි සභාපති ධූරයට නිතරඟයෙන් පත්ව ඇත.

ඒ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ 2018/2019, වර්ෂයේ 35 වන වාර්ෂික මහ සභා රැස්වීම ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ දායකත්වයෙන් පසුගිය පෙබරවාරි 9 වැනිදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවැති අවස්ථාවේදිය.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව හා ඉදිකිරීම් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ උන්නතිය වෙනුවෙන් ඇපකැපවී සිටින ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය වටා මේ වනවිට සාමාජිකයින් 3700 කට අධික පිරිසක් අත්වැල් බැඳගෙන සිටියි.

මෙරට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන චීන හා ඉන්දීය වැනි විදෙස් සමාගම් සමග කරට කර තරග කරන අතරතුර දේශීය ඉදිකිරීම් සමාගම් ද සවිබල ගන්වමින් කටයුතු කරන සුසන්ත ලියනාරච්චි මහතා ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් වලින් පිරිපුන් ප්‍රවීණයෙකි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම හා නිසි පුහුණුවෙන් යුතු මතු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති NCASL හි පුහුණු හස්තය වන උසස් ඉදිකිරීම් පුහුණු විද්‍යා පීඨය (ACTA), ඉදිකිරීම් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනය (UCCT) ආදියේ සභාපතිධූරය ද ලියනාරච්චි මහතා හොබවමින් සිටියි. එමෙන්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රාජ්‍ය අංශයට උපදෙස් ලබාදීමේ කටයුත්තු කල අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) හා රාජ්‍ය ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ (CGF) ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස ද ඔහු කටයුතු කරයි.

සුසන්ත ලියනාරච්චි මහතා සිය අභිනව ධූරයේ නිළ රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගිය 21 වැනිදා පන්නිපිටියේ පිහිටි ‘‘ඉදිකිරීම් මැදුර’’ දී සිදුකළ අතර මේ අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *