27 July 2024
#දේශීය

කුරුණෑගල නගරාධිපතිට යළිත් වරෙන්තු

කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 5 දෙනා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ මහේස්ත්‍රාත් නියෝගය ක්‍රියාත්මක කිරීමට  පොලිසිය අසමත්වී ඇති අතර එහෙයින් ඔවුන්  අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළි වරෙන්තු නිකුත් කර තිබේ.

තවද  සැකකරුන්ට රටින් පිටවීම වැළැක්වාලමින් නියෝගයක් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින්  නියෝගයක්  නිකුත් කළ බවත්  නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න  සඳහන් කළාය.

දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වැනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.

එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. එහෙත් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත්ව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *